logo3.gif (702 bytes)

HOME

සංවාද
විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ද?

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා මා ඇසූ ප්‍රශ්නවලට තවමත් පිළිතුරු දී නැත. ඔහු ඒ වෙනුවට තමන් නො දන්නා, තමන්ට තේරුම්ගැනීමට නොහැකි සුසමාදර්ශය, පශ්චාත්නූතනත්වය, පශ්චාත්නූතනවාදය ආදිය ගැන ලියයි. බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව මා ආරම්භයේ දී ම පෙන්වා දී ඇති නමුත් අමරතුංග මහතාට එය ද නො තේරෙන බැවින් ඔහු කියන්නේ මා එසේ පෙන්වා දී නොමැති බව ය. ඔහු ඉදිරිපත් කළ ඊනියා අභියෝගවල කිසි ම අභියෝගයක්‌ නො තිබූ නමුත් මා එයට ද පිළිතුරු දී ඇත. කෙසේ වෙතත් අමරතුංග මහතා සුසමාදර්ශය පශ්චාත්නූතනවාදය ආදිය ගැන සඳහන් කරන විට මම නැවත වරක්‌ ඒ ඊනියා අභියෝගවලට ප්‍රතිචාර දැක්‌වීම අරඹා තිබුණෙමි.

අමරතුංග මහතා ගේ සුසමාදර්ශය, පශ්චාත්නූතනවාදය (ඔහු පශ්චාත්නූතනත්වය හා පශ්චාත්නූතනවාදය ආදිය අතර වෙනස දන්නේ ද?) ආදිය ගැන ප්‍රතිචාර දැක්‌වීම ඔහු ගේ න්‍යාය පත්‍රයට කටයුතු කිරීමකි. ඔහු කුමක්‌ ගැන කතා කළත් මේ ප්‍රශ්නය පිළිබඳ ව මගේ න්‍යාය පත්‍රයකට අනුව අදහස්‌ ප්‍රකාශ කිරීම වැදගත් යෑයි සිතමි. එබැවින් මේ ලිපියත් මීළඟ ලිපියත් වෙන් වනු ඇත්තේ හැකිතාක්‌ කෙටියෙන් බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ වන්නේ ඇයි ද යන්න නැවත වතාවක්‌ පෙන්වා දීමට ය. අවශ්‍ය නම් පසුව විස්‌තරාත්මක ව ඒ සියල්ල පැහැදිලි කළ හැකි ය.

මෙහි දී අපි මුලට ම යමු. බොරුව යනු කුමක්‌ ද? වෙනත් වචනවලින් කිව හොත් ඇත්ත යනු කුමක්‌ ද? දෙවනුව දැනුම යනු කුමක්‌ ද? පෙර දැනුම ලබාගත්තේ (නිර්මාණය කළේ-සංස්‌කරණය කළේ) කෙසේ ද? තෙවනුව බටහිර විද්‍යාවේ දී කෙරෙන්නේ කුමක්‌ ද? ඉතා කෙටියෙන් මේ ප්‍රශ්නවලට පළමුව පිළිතුරු දෙමු. මෙහි සඳහන් පළමු ප්‍රශ්නයට හැඳින්වීමක්‌ කෙරී ඇති නමුත් එයට නිසි පිළිතුරක්‌ මේ ලිපි පෙළෙහි මෙතෙක්‌ දී නැත. එයට ප්‍රධාන හේතුව වූයේ අමරතුංග මහතා ඇත්ත යනු කුමක්‌ දැයි පැහැදිලි කිරීමට පසුබට වීම ය.

ඇත්ත යන වචනය බි`දී එන්නේ ඇති යන වචනයෙනි. වෙනත් වචනවලින් කිව හොත් ඇත්තේ ඇත්ත ය. එනම් ඇති දේ ඇත්ත ය. සංස්‌කෘත පඬිවරයකු මා සමග පැවසුවේ සත්‍යය යන්නෙහි ද එලෙස ම නිරුක්‌ති දැක්‌විය හැකි බව ය. සත්, එනම් පවතින, ඇති දේ සත්‍යය වෙයි. සත් යන්න සත් බව (ඉංගිරිසියෙන් ඔන්ටොලොජි) සමග බැ`දී ඇත. දැන් අපේ ප්‍රශ්නය වනුයේ ඇති දේ යනු කුමක්‌ ද යන්න ය. මෙයට පිළිතුරු සොයාගත හැක්‌කේ බුදුදහමෙන් නො ව වෙනත් දහම්වලිනි. එයට හේතුව සියලු පෘථග්ජන දැනුම බුදුදහමට අනුව මුසා වීම ය. එබැවින් බුදුදහමෙහි, මුසා, ඇත්තෙන්, සත්‍යයෙන් වෙන් කරගැනීමේ අවශ්‍යතාවක්‌ පැන නො න`ගී. සියල්ල බොරු වූ කල ඇත්ත හා බොරුව වෙන් කිරීමේ අවශ්‍යතාවක්‌ නැත.

මෙයින් කියෑවෙන්නේ බුදුදහමෙහි සඳහන් සම්‍යක්‌දෘෂ්ටිය බොරුවක්‌, මුසාවක්‌ බව ද? එයට පිළිතුරු ඔව් යන්න ය. මට තේරෙන බුදුදහමට අනුව අප සසර සැරිසරන්නේ අප සිතන බැවිනි. එනම් අප සිතට අරමුණු දැනෙන බැවිනි. වෙනත් වචනවලින් කිව හොත් අපි සිතට අරමුණු ගන්නෙමු. මම යනුවෙන් කෙනකු ඇතැයි අපි සිතමු. අපේ ප්‍රධාන ම අරමුණ වන්නේ මම යනුවෙන් කෙනකු ඇතැයි ගැනීම ය. ඒ අරමුණ වැරැදි ය. මේ අරමුණු ගැනීම නැවතීම නිවන් අවබොAධය වෙයි. එහෙත් ඒ සඳහා, එනම් අරමුණු ගැනීම නැවැත්වීම සඳහා දෘෂ්ටියක්‌, මාර්ගයක්‌ අවශ්‍ය වෙයි. ඒ දෘෂ්ටිය ද තවත් එක්‌ දෘෂ්ටියකි. එය ද මුසාවකි. එහෙත් ඒ දෘෂ්ටිය නිවන් අවබෝධයට ම`ග පෙන්වයි. එය සම්‍යක්‌දෘෂ්ටියක්‌ වන්නේ එබැවිනි. එය නිවනට සාපේක්‍ෂව සම්‍යක්‌දෘෂ්ටියකි. මම යනුවෙන් කෙනකු නැති විට එසේ ඇතැයි ගැනීම වරදකි. නිවන් අවබෝධයේ දී සිදු වන්නේ මම නැති කිරීම නො වේ. එවැනි නැති කිරීම් අයත් වන්නේ උච්ඡෙදවාදයට ය. නිවන් අවබෝධයෙහි දී නැති මම නැති බව අවබෝධ වෙයි. එහෙත් එසේ අවබෝධ වන්නේ මට විය නො හැකි ය.

බුදුදහමට අනුව සියලු පෘථග්ජන දැනුම් මුසා (බොරු) වුව ද පෘථග්ජනයන්ට ජීවත් වීම සඳහා ඒ බොරු අවශ්‍ය වෙයි. මේ බොරු පද්ධතීන් ලෙස පෘථග්ජනයන් අතර පවතියි. අපි ඒ පද්ධතිවලට සම්මුති (සම්මුති සත්‍ය නො ව) යෑයි කියමු. විවිධ ආගම්වල දහම් ද බටහිර විද්‍යාව ද සම්මුති සඳහා උදාහරණ වෙයි. මේ සම්මුති අතර විසංවාද, පරස්‌පර පවතින නමුත් මිනිසුන්ට පරස්‌පර සහිත සම්මුති කිහිපයක එකවර ගැලී සිටීම ප්‍රශ්නයක්‌ නො වේ. අනෙක්‌ අතට පරස්‌පර, විසංවාද ආදිය ද ඇරිස්‌ටෝටලීය ද්විකෝටික න්‍යායෙන් ලබාගන්නකි. මිනිසුන්ට එකවර ඇරිස්‌ටෝටලීය සම්මුතියෙහි සිටිමින් එයට විරුද්ධ සමස්‌තයක ගැලී සිටීම ප්‍රශ්නයක්‌ නො වේ. ඇරිස්‌ටෝටලීය සම්මුතියෙහි දැඩි ව ගැලී සිටින්නේ පරිගණක ය. එහෙත් පරිගණක මෘදුකාංග ලියන්නෝ ඇරිස්‌ටෝටලීය සම්මුතියෙහි දැඩි ව නො ගැලෙතිෘ එසේ වුව හොත් ඔවුහු ද යන්ත්‍ර බවට පත් වෙති.

සම්‍යක්‌දෘෂ්ටිය ද දියපහර තරණය කිරීමෙන් පසු පහුරක්‌ මෙන් ඉවත දැමිය යුත්තක්‌ මිස කරගහගෙන ගෙන යා යුත්තක්‌ නො වේ. කෙසේ වෙතත් බුදුදහම හැරෙන්නට වෙනත් දහමකට අනුව ඇත්ත කුමක්‌ ද? බොරුව කුමක්‌ ද? මෙයට මූලික පිළිතුර අන් කිසිවක්‌ නො ව පංචෙන්ද්‍රියවලට හා මනසට ගෝචර දේ යන්න ය. පංචෙන්ද්‍රියවලට කිසිවක්‌ සෘජු ව ගෝචර නො වේ. පංචෙන්ද්‍රියවලට යමක්‌ ගෝචර වන්නේ මනස ආධාර කරගනිමිනි. පැවැත්ම අවසාන විග්‍රහයෙහි දී මනස සමග බැඳී ඇත. එහෙත් මනස ද නො පවතියි. ඒ බුදුදහමෙහි ය.

එහෙත් වෛදිකයන්ට මනස පැවතිණි. මම, ආත්මය ආදී සංකල්ප වෛදිකයන්ට ඇත්ත විය. බ්‍රහ්මන් ද ඇත්ත විය. බ්‍රහ්මන් සමග එකතු වීම ද ඇත්ත විය. අද්වෛත වේදාන්තය අනුව පවතින්නේ නිර්ගුණ්‌ බ්‍රහ්මන් පමණකි. බ්‍රහ්මන් මනසට ගෝචර වුවත් පංචෙන්ද්‍රියවලට ගෝචර නැත. බ්‍රහ්මන් යන්න පංචෙන්ද්‍රියවලට ගෝචර නො වී මනසට ගෝචර වන සංකල්පයකි. බුදුදහමට අනුව ආභස්‌සර බ්‍රහ්ම ලෝකයෙන් චුත ව මිනිස්‌ ලොව උපන් අයකු තමන් බ්‍රහ්මන් යෑයි සිතීමට හැකි ය. එසේ තමන් බ්‍රහ්මන් යෑයි සිතන්නා ද අවසාන වශයෙන් ගත් කල පෘථග්ජනයෙක්‌ පමණක්‌ ම වෙයි.

මුල දී මනසින් පමණක්‌ ගන්නා දේ ද පංචෙන්ද්‍රිය හා මනසින් ගන්නා දේ ද ඇත යනුවෙන් ගැනීමට මිනිසුන් කටයුතු කර ඇති නමුත් යම් අවස්‌ථාවක දී මනසින් පමණක්‌ ගන්නා දේ ඇතැයි යනුවෙන් ගැනීම ප්‍රතික්‍ෂෙප කර ඇති බව පෙනී යයි. ඒ අනුව ඇතැයි යනුවෙන් සැලකෙන්නේ පංචෙන්ද්‍රියවලට පමණක්‌ ගෝචර දේ ය. පංචෙන්ද්‍රියවලට ගෝචර වීම යනු අවසාන විග්‍රහයේ දී මනසට ගෝචර වීමක්‌ වන නමුදු මිනිසුන් එය ද නො සලකා හැර ඇති බව පෙනී යයි. පංචෙන්ද්‍රියවලට ගෝචර වන දේ පමණක්‌ ඇතැයි යනුවෙන් සැලකීමටත් ඒ අනුව පංචෙන්ද්‍රියවලට ගෝචර වන්න ඇත්ත ලෙස සැලකීමටත් මිනිසුන් කටයුතු කර ඇත.

ඒ නිර්ණායක මිනිසුන්ට ඇත්ත හෙවත් සත්‍යය හා මිථ්‍යාව අතර වෙනසක්‌ ඇති කරගැනීමට උපකාරී වී ඇත. පංචෙන්ද්‍රියවලට ගෝචර දේ (එනම් පංචෙන්ද්‍රියවලට හා මනසට ගෝචර දේ) ඇත්ත ලෙස සැලකෙන අතර එසේ නොමැති ව මනසට පමණක්‌ ගෝචර වන දේ මිථ්‍යා ලෙසත් සැලකීමට ඇතැමුන් කටයුතු කර ඇත. එහෙත් සියලු මිනිසුන් ඒ නිර්ණායකය සැම දාමත් පිළිගත් බවක්‌ මෙයින් නො කියෑවෙයි. මෙහි දී වඩාත් ම බලපා ඇත්තේ පංචෙන්ද්‍රියවලට ගෝචර දේ පිළිබඳ ව අවශ්‍ය සංකල්ප ගොඩන`ගාගත් පසු සියලු දෙනාට ම එකඟ වීමට හැකි වීම ය.

උදාහරණයක්‌ ලෙස ගත හොත් පුටුව නම් සංකල්පය ගොඩන`ගාගත් පසු පුටුවක්‌ ඇති විට සියලු දෙනාට ම එතැන පුටුවක්‌ ඇතැයි ගැනීමට හැකි වීම ය. එහෙත් ඒ පුටුව යන සංකල්පයට එකඟ වන අයට ය. බසයක ඇති ආසනවලට අපි සාමාන්‍යයෙන් පුටු යෑයි නො කියමු. එබැවින් බසයකට ගොඩ වූ දරුවකු තම මව අමතා අම්මේ අතන පුටුවක්‌ තියෙනවා කී විට අපි සිනහසෙමු. දරුවා ගේ පුටුව යන සංකල්පය වැඩිහිටියන් ගේ පුටුව යන සංකල්පයෙන් වෙනස්‌ වෙයි.

වෙනත් වචනවලින් කිව හොත් පුටුව පිළිබඳ දැනුම සම්බන්ධයෙන් දරුවා ගේ සම්මුතිය වැඩිහිටියන් ගේ සම්මුතියෙන් වෙනස්‌ වෙයි. එහෙත් වැඩිකල් නො ගොස්‌ දරුවා වැඩිහිටියන් ගේ සම්මුතියෙහි ගිලෙයි. ඔහු තම සම්මුතියට වැඩිහිටියන් නම්මා ගැනීමට නො වෙහෙසෙයි. බොහෝ විට ඔහුට ඒ සඳහා ශක්‌තියක්‌ ද නැත. වැඩිහිටියන් ගේ සම්මුතියෙහි ගිලෙන දරුවා පසු කලෙක බසයෙහි දී වාඩි වීමට පුටු නො පෙන්වනු ඇත.

සම්මුති අතර අධිපතිවාදී හෙවත් ආධිපත්‍යය දරන සම්මුති වෙයි. අප බොහෝ දෙනා කරන්නේ ඒ ඒ අවස්‌ථාවට සුදුසු පරිදි අධිපතිවාදී සම්මුතියකට යට වීම ය. යම් කරුණක දී ආධිපත්‍යය දරන සම්මුතියට විරුද්ධ වීම බොහෝ විට සියතින් ගෙල සිඳ ගැනීමකි. අද ලෝකයේ ද ලංකාවේ ද දැනුම සම්බන්ධයෙන් ගත් කල ආධිපත්‍යය දරන්නේ බටහිර සම්මුතීන් ය. බටහිර විද්‍යාව ද ඉන් එක්‌ අධිපතිවාදී සම්මුතියකි. බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ යෑයි කීම, නාථ දෙවියන් ගෙන් දැනුම ලබාගැනීමට හැකි යෑයි පැවසීම ඊනියා උගතුන් ගේ සමච්චලයට හේතුභූත වනවා පමණක්‌ නො ව සියතින් ගෙල සිඳ ගැනීමක්‌ ද විය හැකි බව මා නො දන්නවා නො වේ. එහෙත් ආත්මයක්‌ නැති තැන ආත්මයක්‌ ඇතැයි කියන්නේ කිනම් ආත්මයක්‌ ගලවාගැනීමට ද?

ඇත්ත සම්බන්ධයෙන් අපි දැනට සම්මුතීන් දෙකක්‌ සාකච්ඡා කර ඇත්තෙමු. එක්‌ සම්මුතියකට අනුව මනසට ගෝචර වන්න ඇත්ත ය. අනෙක්‌ සම්මුතියට අනුව පංචෙන්ද්‍රියවලට ගෝචර වන්න ඇත්ත ය. පසුව සඳහන් සම්මුතියෙහි දී මනසින් තොර ව පංචෙන්ද්‍රියවලට ගෝචර නො වන නමුත් මනස එහි දී ප්‍රධානත්වයෙන් නො සැලකෙයි. ඒ සම්මුතියෙහි ඇති විශේෂත්වය නම් සංකල්ප පිළිබඳ එක`ගතාවකට පැමිණි පසු බොහෝ දෙනාට ඊනියා ඇත්ත පිළිබඳ එක`ගතාවකට පැමිණීමට හැකි වීම ය. ඒ සම්මුතියට අනුව ගස්‌වැල්, සුළ`ග, සාගර, තාරකා, හිරු සඳු පවතියි. ඇතැම් විට ඒ අපෙන් තොර ව පවතින්නේ යෑයි ද කියෑවෙයි. ඊනියා යථාර්ථය, වාස්‌තවික යථාර්ථය ආදී සංකල්පවල මුල ඇත්තේ එහි ය.

එහෙත් පළමු සම්මුතිය ගැන එවැන්නක්‌ කිව හැකි නො වේ. ඇතැමුනට දෙවියන් පෙනෙයි. එහෙත් ඒ පිළිබඳ සියලු දෙනාට එක`ග විය නො හැකි ය. බොහෝ දෙනාට දෙවියන් නො පෙනෙයි. ප්‍රශ්නය ඇති වන්නේ මෙහි දී ය. දෙවැනි සම්මුතියෙහි දී ආබාධයක්‌ නොමැති අයට යම් සංකල්පයක්‌ ගැන එක`ගතාවකට පැමිණිය හැකි වුවද පළමුවැනි සම්මුතියෙහි එසේ කළ හැකි නො වේ. එයට ප්‍රධාන හේතුව ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය ය. මෙහි දී ප්‍රජාතන්ත්‍රවාදය ලෙස මා සලකන්නේ බහුතරයේ දැකීම ය. බොහෝ දෙනාට විවිධ හේතු නිසා දෙවියන් නො පෙනෙයි. එමෙන් ම දෙවියන් සම`ග සන්නිවේදනය කිරීමට නො හැකි ය. මෙහි ප්‍රතිඵලය වනු ඇත්තේ බහුතරය විසින් තමන්ට නො පෙනෙන්න මිථ්‍යාවක්‌ ලෙස සැලකීම ය.

බහුතරය විසින් සුළුතරය විවිධ රෝගීන් ලෙස හඳුන්වනු ලැබෙති. එහි දී විවිධ මානසික රෝග ද සංකල්පගත කෙරී ඇත. බටහිර විද්‍යා ද ආධාර කරගනිමින් බහුතරය සුළුතරය මත තම ආධිපත්‍යය පතුරවති. යමකු මනස යම් ආකාරයකට දියුණු කිරීමෙන් යම් දක්‌ෂතා අත්පත් කරගෙන තිබිණි ද ඒ මිථ්‍යා ලෙස හංවඩු ගැසීමට බහුතරයට හැකි වනු ඇත. එවිට සත්‍යය යනු බොහෝ දෙනාට ගෝචර වන්න බවට පත් වෙයි. මෙහි දී බහුතරයට උපකාර වන කරුණක්‌ ද වෙයි. ඒ ඇතැම් මානසික රෝගීන් අන් අයට නො පෙනෙන කරුණු ගැන සඳහන් කිරීම ය.

සියලු මානසික රෝගීන් දකින එහෙත් බහුතරය නො දකින සියල්ල බොරු යෑයි ද විකෘති යෑයි ද ගත්ත ද එයින් කියෑවෙන්නේ බහුතරය නො දකින එහෙත් කිසියම් ආකාරයකින් වුව සුළුතරයක්‌ දකින සියල්ල විකෘති බව වත් ඒ සුළුතරය මානසික රෝගීන් බව වත් නො වේ. ඉතා පැහැදිලිව මෙහි දී විකෘති යනුවෙන් බහුතරය විසින් ගැනෙන්නේ තමන්ට නො පෙනෙන දේ ය. විකෘතිය සුළුතරයකට පමණක්‌ සීමා වන්නේ යෑයි බහුතරයක්‌ විසින් නිගමනය කෙරෙන්නේ කෙසේ ද? විකෘතිය සුළුතරයක්‌ නො ව බහුතරයේ ලක්‌ෂණයක්‌ විය නොහැක්‌කේ ඇයි?

සුළුතරයට ඇතැම් දේ දැකිය හැක්‌කේ ඔවුන් ආධ්‍යාත්මික ගුණයකින් හෙබි නිසා විය හැකි ය. එසේත් නැත හොත් සසරෙහි පුරුදු කළ හැකි යම් ගුණයක්‌ නිසා විය හැකි ය. අප සියලු දෙනාට ම කවියන් විය නො හැකි ය. කවියන් විය හැක්‌කේ සුළුතරයකට ය. ඒ සුළුතරයට විශේෂිත දක්‌ෂතා ඇත. අවශ්‍ය නම් ඒ දක්‌ෂතාවලට ද විකෘතියක්‌ යෑයි කිව හැකි ය. එහෙත් සමාජය විසින් කවියෝ විකෘති මානසික චරිත ඇත්තවුන් ලෙස හඳුන්වනු නො ලැබෙති.

මෙය බටහිර විද්‍යාඥයන්ට ද පොදු ය. ලංකාවේ විශේෂ දක්‌ෂතා ඇති බටහිර විද්‍යාඥයෝ නො වෙති. මෙරට ඇත්තේ අනුකාරක අභිනක්‌ පමණකි. ඔවුහු යම් යම් දේ තමන් තේරුම්ගත් (නො ගත් යෑයි යන්න වඩා උචිත ය) අන්දමින් සිසුන්ට හා අනෙක්‌ අයට කියා දෙති. ඔවුන්ට කිසි දිනෙක බටහිර විද්‍යාවේ නිර්මාණාත්මක ව යමක්‌ කළ හැකි නො වේ. එහෙත් බටහිර රටවල දැනුමට අලුතෙන් කරුණු එකතු කළ හැකි සුළුතරයක්‌ සිටිති. එහෙත් ඔවුන්ට විකෘති මානසික චරිත ඇත්තවුන් යෑයි නො කියෑවෙයි. ඔවුන්ට ඒ ඒ සමාජවල ඉහළ ම ගෞරවය ලැබෙයි.

මෙයට හේතුව කුමක්‌ ද? සුළුතරයේ ඇතැම් දක්‌ෂතා ඇගයීමටත් වෙනත් දක්‌ෂතා විකෘතීන් ලෙස සැලකීමටත් සමාජය පෙලඹී ඇත්තේ ඇයි? එය ඊනියා වාස්‌තවික තත්ත්වයක්‌ ද? කිසිසේත් නැත. මේ සමාජ ආධිපත්‍යය දරන මතවාද විසින් නිර්මාණය කෙරෙන්නකි. අද සමාජ ආධිපත්‍යය දරන්නන්ට අවශ්‍ය දැනුම ගැන මෙයින් කියෑවෙයි. පහළොස්‌වැනි සියවසෙන් පසුව ලෝකයේ චින්තන ආධිපත්‍යය දරනු ලබන්නේ ගී්‍රක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය විසිනි. ඔවුන්ට අවශ්‍ය බටහිර විද්‍යාව නිර්මාණය කරන සුළුතරයට සමාජයේ වැදගත් පිළිගැනීමක්‌ ලබා දීමට කටයුතු කරති. ඒ අතර ඔවුහු තමන් ගේ දැනුමට පටහැනි ව කටයුතු කරන සුළුතරය මානසික රෝගීන්, විකෘති මානසික චරිත ඇත්තවුන් ආදීන් ලෙස හඳුන්වති. ඔවුහු ඒ සුළුතරයට සිනහසෙති. සමච්චල් කරති. පහර දෙති.

මෙරට ඉන්නා තමන් බෞද්ධ යෑයි කියාගන්නා මිසදිටුවන්ට නම් ප්‍රශ්නයක්‌ වී ඇත. ඒ බුදුන්වහන්සේ හා සම්බන්ධයෙනි. බුදුන්වහන්සේ ඊනියා ආනුභවික විද්‍යාඥයෙක්‌ නො වූ හ. උන්වහන්සේ නිවන් අවබෝධ කළේ ආනුභවික ක්‍රම ම`ගින් නො වේ. බටහිර විද්‍යාඥයන් ගේ ආනුභවිකය අන් කිසිවක්‌ නො ව පංචෙන්ද්‍රිය ගෝචර වූවකි. එහි මානසික දියුණුවක්‌ ආධ්‍යාත්මික දියුණුවක්‌ නිසා අත් කරගත් දෙයක්‌ නැත. එහෙත් බුදුන්වහන්සේගේ ආර්ය පර්යේෂණය ඒ ආනුභවිකය සම`ග සම්බන්ධයක්‌ නැත. එසේ වුවත් මෙරට සිටින බෞද්ධයන් ලෙස පෙනී සිටින මිසදිටුවන් කිහිප දෙනකුට බුදුන්වහන්සේ ආනුභවික ප්‍රාඥයකු කිරීමේ අවශ්‍යතාව පැනනැ`ගී ඇත. පංචෙන්ද්‍රිය ගෝචර නො වන බැවින් පුනබ්භවය නො පිළිගන්නා මේ මිසදිටුවෝ බුදුන්වහන්සේ ආනුභවික ප්‍රාඥයකු බවට පත් කිරීමට ගොස්‌ තව තවත් පව් පුරවා ගනිති.

නලින් ද සිල්වා ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා මා ඇසූ ප්‍රශ්නවලට තවමත් පිළිතුරු දී නැත. ඔහු ඒ වෙනුවට තමන් නො දන්නා, තමන්ට තේරුම්ගැනීමට නොහැකි සුසමාදර්ශය, පශ්චාත්නූතනත්වය, පශ්චාත්නූතනවාදය ආදිය ගැන ලියයි. බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව මා ආරම්භයේ දී ම පෙන්වා දී ඇති නමුත් අමරතුංග මහතාට එය ද නො තේරෙන බැවින් ඔහු කියන්නේ මා එසේ පෙන්වා දී නොමැති බව ය. ඔහු ඉදිරිපත් කළ ඊනියා අභියෝගවල කිසි ම අභියෝගයක්‌ නො තිබූ නමුත් මා එයට ද පිළිතුරු දී ඇත. කෙසේ වෙතත් අමරතුංග මහතා සුසමාදර්ශය පශ්චාත්නූතනවාදය ආදිය ගැන සඳහන් කරන විට මම නැවත වරක්‌ ඒ ඊනියා අභියෝගවලට ප්‍රතිචාර දැක්‌වීම අරඹා තිබුණෙමි.

නලින් ද සිල්වා