logo3.gif (702 bytes)

HOME


අභියෝග සහ බහුභූත
(2 වැනි කොටස)

මේ ලිපියේ 1 වැනි කොටසින් මා ආචාර්ය නලින් ද සිල්වා මහතාට මේ දක්‌වා ඉදිරිපත් කොට ඇති අභියෝගවලින් පහක්‌ නැවතත් මතක්‌ කර දුන්නෙමි. (විදුqසර-30.07.14). ලිපියේ 2 වැනි කොටසින් ඔහුට ඉදිරිපත් කොට ඇති තවත් අභියෝග කිහිපයක්‌ සඳහන් කරමි. මේ ප්‍රශ්න අභියෝග බවට පත් වී ඇත්තේ ඒවාට පිළිතුරු දෙනවා වෙනුවට නලින් මහතා ඔහු ගේ බහුභූත වැල්වටාරම් බවට පත් කොට කෙළවරක්‌ දැකිය නොහැකි ලෙස වාදය දික්‌ගස්‌සන නිසා ය. ඔහු එසේ කරන්නේ මේ ප්‍රශනවලට උත්තර ඔහු ළඟ නැති නිසා ය. විදුසර පාඨකයන් මේ බව දැනටමත් වටහාගෙන ඇති බවට සැක නැත.

මේ වාදයේ මුල් ප්‍රශ්නය වූයේ නවීන විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ද යන්න ය. ඒ ප්‍රශ්නය පැනනැ`ගුණේ නලින් මහතා විද්‍යාව බොරුවක්‌ බවට නිතර දෙවෙලේ කෑගසා කියන නිසා ය. ඒ බව ඔප්පු කර පෙන්වන්නට පුළුවන් බවට බෙරිහන් දෙන නිසා ය. නොයෙකුත් තැන්වල පැවැත්වූ වාද විවාදවල දී අයිසෙක්‌ නිව්ටන්, අයින්ස්‌ටයින් වැනි ලෝකය වෙනස්‌ කරන්නට සමත් වූ අග්‍ර ගණයේ විද්‍යාඥයන් ගේ මතවාද බොරු බව ඔප්පු කළ බවට පුරසාරම් දොඩන නිසා ය. නලින් මහතා මේ කරන්නේ බොරුවක්‌ බව විද්‍යාව හදාරන විදුසර කියවන නැණවත් ඡනතාවට පැහැදිලි කර දීමට මා උත්සාහ කළෙමි. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක්‌ ලෙස නලින් මහතා මෙතෙක්‌ කල් පැවසූ බොරු අතහැර වෙනත් ක්‍රමයක්‌ අත්හදා බලයි. විද්‍යාව බොරු බව ඔප්පු කිරීම පිණිස ඔහු බුදුදහමේ එන ද්වයතානුපස්‌සනා සූත්‍රය විකෘති කොට එහි පිහිට පතයි. මේ ලිපියේ 1 වැනි කොටසේ මේ කරුණ විස්‌තරාත්මක ව සඳහන් කොට ඇත. මීට පෙර පැවැති වාද විවාදවල දී ඔහු ද්වයතානුපස්‌සනා සූත්‍රය සඳහන් කොට නැත. ඔහු මෙතැනට තල්ලු කිරීම ගැන මා සතුටු වන්නේ අප නිශ්ෂබ්ද ව සිටිය හොත් විනාශයක්‌ සිදු විය හැකි බැවිනි. විද්‍යාව හදාරන සිසුන් තමන් ඉගෙනගන්නේ බොරුවක්‌, කරන්නේ නිශ්ඵල දෙයක්‌ යෑයි සිතා කලකිරීමට පත් ව ඉගෙනීම කඩාකප්පල් කරගැනීමට ඉඩ ඇති බැවිනි. එසේ සිදු නො වීමට වගබලාගැනීම සිසුන් ගේ යහපත පතන කාගේත් වගකීම වන්නේ ය. වර්තමාන රජය විද්‍යා අධ්‍යාපනය දියුණු කරන්නට ගන්නා උත්සාහය පැසසිය යුතු ය. ඊට සැම උදව්වක්‌ ම දිය යුතු ය.

බටහිර අධ්‍යාපනය නිසා අප බටහිර වහලුන් බවට පත් වේ යෑයි පැවසීම කුහක මෝඩකමකි. තැලියේ කිඹුලන් දැකීමකි. චීනය වැනි රටවල් බටහිරට අභියෝගයක්‌ වී ඇත්තේ විද්‍යාත්මක දියුණුව නිසා ය. ඒ කාගේත් කවදත් කොතැනත් තිබූ එක ම විද්‍යාව ය. නලින් මහතා ගේ බහුභූත පිළිගෙන අප විද්‍යාව අතහැරිය හොත් දෙමළ බෙදුම්වාදීන් මේ රට යටත් කරගන්නවාට කිසි ම සැකයක්‌ නැත. අප කොටින්ට විරුද්ධ සටන දිනුවේ රණ විරුවන් විද්‍යාව හොඳින් භාවිත කළ නිසා බව අප අමතක කළ යුතු නැත. ඉදිරියේ දී මතු විය හැකි මේ රටේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්න, මුල් පදිංචිකරුවන් පිළිබඳ ප්‍රශ්න නිරාකරණය කරගැනීම පිණිස පිළිගත් විද්‍යාත්මක තාක්‌ෂණ ක්‍රමවල පිහිට පැතීම අවශ්‍ය වන්නට ඉඩ ඇත. යම්

ඉපැරැණි වස්‌තුවක වයස සොයාගැනීමේ තාක්‌ෂණය භාවිත කොට එවැනි ප්‍රශ්න විසඳාගත හැකි ය. (එම තාක්‌ෂණය පිළිබඳ උදාහරණ - Radiometric, Luminescence,Dendrochronology, Amino Acid datingetc.) එහෙත් නලින් මහතා විද්‍යාව බොරුවක්‌ යෑයි ඔප්පු කර තිබුණොත් අපට වන්නේ හම්බන්තොටින් මුහුදට පනින්නට ය.

මා ඉදිරිපත් කර ඇති ඉතිරි අභියෝග සහ ඊට පිළිතුරු ලෙස නලින් මහතා පවසා ඇති බහුභූත පහත සඳහන් කරන්නේ නලින් මහතා ගෙන් පිළිතුරු බලාපොරොත්තුවෙන් නො ව නැණවත් පාඨකයන් ගේ අභිවෘද්ධිය තකා ය.

6 වැනි අභියෝගය - කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාව බව මා පැවසූ විට ඊට අභියෝගයක්‌ වශයෙන් නලින් මහතා මගෙන් ඇසුවේ බටහිර වෛද්‍ය විද්‍යාව ආයුර්වේදය සහ සිංහල වෛද්‍ය විද්‍යාව අතර වෙනසක්‌ නැද්ද කියා ය. මේ වෛද්‍ය විද්‍යාවන් අතර පටන්ගැනීමේ දී වෙනසක්‌ නො තිබුණු බව මා පෙන්වා දී ඇත. රෝග ලක්‌ෂණවලට අත්දුටු බෙහෙත් දීමේ ක්‍රමයක්‌ මුල් සංස්‌කෘති තුළ වර්ධනය විය. ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත පදනම් වූ මේ වෛද්‍ය විද්‍යාව පරිසරයෙන් සොයා ගත හැකිs බෙහෙත් හේත්වලට රෝග ලක්‌ෂණ සුව කිරීමේ හැකියාව තිබෙන බව අත්දැකීමෙන් සොයාගෙන තිබිණි. රෝග විනිශ්චය රෝග කාරකය රෝගය නිසා ශරීරයේ අවයව සහ පටක තුළ ඇති වන අයහපත් වෙනස්‌වීම් බෙහෙත්වලින් සුව වෙන අන්දම ආදි දේ සොයා ගත්තේ විද්‍යාත්මක තාක්‌ෂණයේ දියුණුවට අනතුරුව බව පෙර ලිපිවලින් මා පැහැදිලි කොට දී ඇත. මෙවැනි තාක්‌ෂණික දියුණුවක යහපත ආයුර්වේදයට හෝ සිංහල වෙදකමට සම්පූර්ණ වශයෙන් නො ලැබීමට හේතු මොනවා දැයි මා ගේ ලිපිවල සඳහන් වී ඇත. ලක්‌දිව පැරැණි ශල්‍ය වෛද්‍ය විද්‍යාව හොඳින් දියුණු වූයේ ඊට අවශ්‍ය උපකරණ සදාගැනීමේ තාක්‌ෂණය (උදා - වානේ) වර්ධනය වී තිබූ නිසා ය.

පැරැණි සංස්‌කෘති තුළ වර්ධනය වූ වෛද්‍ය විද්‍යාව රෝගවලට හේතු ලෙස නොයෙකුත් මතවාද ඉදිරිපත් කළේ ය. ආයුර්වේදයේ වාත පිත දිට්‌හ යනු මෙවැනි මතවාදයක්‌ විය. එය කුමක්‌ දැයි පැහැදිලි කිරීමට අවශ්‍ය කරන ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි කිසිවක්‌ සොයාගෙන නැත. මෙවැනි ම වූ මතවාද චීනයේ ද අරාබියේ ද තිබුණේ ය. විද්‍යාත්මක තාක්‌ෂණය දියුණු වී ශරීරයේ ව්‍යුහය ක්‍රියාකාරීත්වය රෝග සෑදෙන විට ශරීරයේ ඇති වන රසායනික සහ භෞතික වෙනස්‌වීමි වැනි දේ සොයාගත් පසු වෛද්‍ය විද්‍යාව තවත් දියුණු විය. බෙහෙත්වල ඇති රසායනික ගුණාංග ඒවායින් ශරීරයේ ඇති වන වෙනස්‌කම් සොයා දැනගත් විට අලුත් බෙහෙත් වර්ග නිෂ්පාදනය කිරීම ද සිදු කරන්නට හැකි විය. විද්‍යාත්මක තාක්‌ෂණය නිසා වෛද්‍ය විද්‍යාවේ සිදු වුණු දියුණුව පෙන්වා දීමට උදාහරණ ලෙස මා ඉදිරිපත් කළේ අණ්‌වීක්‌ෂය (microscope), X-ray කිරණ වැනි දේය.

සිංහල වෙද මහතුන් නොයෙකුත් වික්‍රමයන් සිදු කොට ඇත. ලෝකයේ ප්‍රථම වරට ආරෝග්‍ය ශාලාවල් ගොඩනැ`ගුණේ පණ්‌ඩුකාභය රජු ගේ කාලයේ දී බව මහාවංශයෙන් දැනගත හැකි ය. එකල තිබූ ආරෝග්‍ය ශාලාවල නටබුන් නැති වුණත් මිහින්තලයේ තිබෙන ආරෝග්‍යශාලාවක නටබුන් ලෝකයේ පැරැණි ම ආරෝග්‍ය ශාලාවේ නටබුන් බව කිව හැකි ය. මින්a අපට ලැබෙන කීර්තිය ලැබෙන්නේ ද විද්‍යාවේ පිහිටෙනි. ලෝකය විසින් පිළිගැනෙන විද්‍යාත්මක ක්‍රමයක්‌ වන කාබන් කාල නිර්ණය ම`ගින් මේ ආරෝග්‍ය ශාලාවල් ගොඩනැ`ගුණේ මොන කාලයේ දී දැයි සොයාගෙන ඇත.

බුද්ධදාස රජු ශල්‍ය වෛද්‍යවරයෙක්‌ විය. එතුමන් වෛද්‍ය විද්‍යාව පිළිබඳ පොතක්‌ ලියා ඇත. එම පොතේ නම "සාරාර්ථ සංග්‍රහ" විය. එහි අඩංගු කරුණු භාරතයේ විසූ සුසෘත විසින් රචනා කළ සුසෘත සංහිතා යන ග්‍රන්ථයේ තිබෙන කරුණුවලට සමාන වුව ද අලුත් දේවල් ද එහි අඩංගු වන්නේ ය. එකල ලක්‌දිව පැවැති ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ මූලධර්ම දැන් බටහිර ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ මූලධර්මවලට සමාන ය. උදාහරණයක්‌ ලෙස සැරව ගෙඩියකට බුද්ධදාස රජු ගේ ප්‍රතිකාරය වූයේ ගෙඩිය පලා සැරව අස්‌ කිරීම ය. බටහිර වෛද්‍ය විද්‍යාවේ සැරව ගෙඩියකට ප්‍රතිකාරය අද වුව ද එය ම ය. වෙනසකට ඇත්තේ සැරව ගෙඩිය සෑදෙන්නේ ක්‌ෂද්‍ර ප්‍රාණීන් නිසා බව ද, සැරව සෑදෙන්නේ කෙසේ ද සැරව යනු කුමක්‌ ද වැනි දේ බටහිර වෛද්‍ය විද්‍යාව විසින් සොයාගෙන තිබීම ය. බටහිර ශල්‍ය වෛද්‍ය විද්‍යාව තාක්‌ෂණය අතින් පසු කලකදී දියුණු වී ඇත. සැරව ගෙඩියක්‌ පැලීමේ දී රෝගියාට වේදනාවක්‌ හෝ වෙනයම් හානියක්‌ හෝ සිදු නො වන්නට එය සිදු කිරීමේ හැකියාව බටහිර වෛද්‍ය විද්‍යාවට ඇත. එහෙත් කවදත් කොතැනත් තිබුණේ එක ම වෛද්‍ය විද්‍යාවකි. එම වෛද්‍ය විද්‍යාව නාථ දෙවියන්, බඹුන්, යක්‌ෂයන්, ප්‍රේතයන් හෝ එවැනි ජීවීන් ගේ මාර්ගයෙන් ලබාගත් වෛද්‍ය විද්‍යාවක්‌ නො වූයේ ය. සිංහල වෙද මහතා දැනම ලබාගත්තේ ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි ම`ගිනි. බටහිර වෙද මහතා ද කරන්නේ එය ම ය. එසේ නො වන්නේ නම් අධික රුධිර පීඩනය, දියවැඩියාව ගැන බහුභූත නො කියා සිංහල වෙද මහතා භාවිත කරන වෙනත් ක්‍රමයක්‌ ඇතොත් පෙන්වන මෙන් නලින් මහතාට මම අභියෝග කරමි.

7 වැනි අභියෝගය - විද්‍යාත්මක දැනුම නිර්මාණයක්‌ නො ව නව සොයාගැනීමක්‌ බව මා පවසා ඇත. මා මෙසේ පැවසුවේ නලින් මහතා ගේ අදහසක්‌ අභියෝගයට ලක්‌ කිරීමට ය. ඔහු කියන්නේ දැනුම මනසේ නිර්මාණයක්‌ බවත් එය සාපේක්‌ෂ බවත් එය සංස්‌කෘතියේ බලපෑමට ලක්‌ වන බවත් ය. විද්‍යාත්මක දැනුම නව සොයාගැනීමක්‌ වන්නේ ස්‌වභාවධර්මයේ ක්‍රියාදාමයන් සොයා බලන විද්‍යාව එම ක්‍රියාදාමයන් නිර්මාණය නො කරන නිසා ය. එම දැනුම භාවිත කොට නිර්මාණ බිහි කළ හැකි ය. උදාහරණයක්‌ වශයෙන් රවුම් වූ දෙයකට පෙරළෙන්නට හැකි බව නව සොයාගැනීමක්‌ විය. එය ස්‌වභාවධර්මයේ ක්‍රියාදාමයක්‌ මිස මිනිසා ගේ නිර්මිතයක්‌ නො වේ. එම දැනුම භාවිත කොට රෝදය ද කරත්තය ද නිර්මාණය කරන ව්ට අලුත් දෙයක්‌ නිපදවේ. මෝටර් රථය නිපදවිමේ දී රෝදය පමණක්‌ නො ව තවත් බොහෝ දේ ගැන සොයාගත් දැනුම අවශ්‍ය වන්නේ ය. (eg: internal combustion). එහෙත් මේ දැනුම සැම විට නිවැරැදි නො වන්නට පුළුවන. එය වැරැදි නම් පසු කලක දී නව සොයාගැනීම් නිසා එය නිවැරැදි කිරීමට හැකි වේ.

විද්‍යාත්මක දැනුම නිර්මාණයක්‌ වන්නේ කෙසේ දැයි නලින් මහතා පැහැදිලි කොට නැත. උදාහරණයක්‌ ලෙස රෝදයකට පෙරළෙන්නට හැකි ය යන්න සොයාගැනීමක්‌ නො ව නිර්මාණයක්‌ වන්නේ කෙසේ දැයි ඔහුට පෙන්වා දිය හැකි ද? මීට තවත් එහාට ගොස්‌ ඇසිය හැක්‌කේ ගුරුත්වාකර්ෂණය යන්න සොයාගැනීමක්‌ මිස නිර්මාණයක්‌ වන්නේ කෙසේ ද යන්න ය. විද්‍යාඥයන් සොයාගන්නා දෙයෙහි යම් කිසි අවිනිශ්චිතතාවක්‌ සහ නිවැරැදි බැවින් අඩුකමක්‌ තිබිය හැකි ය. උදාහරණයක්‌ ලෙස හිස කැක්‌කුම ඇති 100 දෙනකුට පැරසෙටමෝල් පෙති දෙක බැගින් ගිලින්නට දුන් විට 95 දෙනකු ගේ හිස කැක්‌කුම සුව වේ යෑයි සිතමු. පැරසෙටමෝල් හිස කැක්‌කුමට සුදුසු බෙහෙතක්‌ බව මෙසේ සොයාගනිමු. එහෙත් මෙය නිවැරැදි බවින් අඩු නිගමනයකි. එහෙත් ෙමි නිසා අප ගේ සොයාගැනීම අප ගේ නිර්මාණයක්‌ වන්නේ නැත. පෙනිසිලින් නමැති බෙහෙත ස්‌වභාවධර්මයේ තිබෙන ද්‍ර්‍රව්‍යයකි.ෆ්ලෙමින්ග් නමැති වෛද්‍ය විද්‍යාඥයා එය සොයාගත්තේ ය. එය නව සොයාගැනීමක්‌ මිස නිර්මාණයක්‌ නො වේ. ගුරුත්වාකරර්ෂණය විශ්වාසයක්‌ දැයි නලින් මහතා අසයි. (විදුසර-30.07.14). විද්වත් ඉමානුවෙල් කාන්ට්‌ ගේ නිර්වචනයට අනුව දැනුම වනාහී සිද්ධාන්ත (facts) සමඟ එකග වන විශ්වාසයක්‌ ((belief) වන්නේ ය. එම නිසා ගුරුත්වාකර්ෂණය නිකම් ම විශ්වාසයක්‌ නො ව සිද්ධාන්ත සමග එකඟ වන විශ්වාසයක්‌ වන්නේ ය. මේ සිද්ධාන්ත මොනවා දැයි මා ගේ පෙර ලිපිවලින් ඕනෑතරම් පැහැදිලි කොට ඇත.

8 වැනි අභියෝගය - විද්‍යාත්මක දැනුම ලබාගැනීමේ දී සංස්‌කෘතිය විසින් අත්‍යවශ්‍ය කාර්‍යභාරයක්‌ ඉටු කෙරෙන බව නලින් මහතා පවසා ඇත. එහෙත් සංස්‌කෘතිය විසින් සිදු කෙරෙන ෙමි කාර්යභාරය කුමක්‌ දැයි ඔහු පෙන්වා දී නැත. එය පෙන්වා දෙන මෙන් කළ අභියෝගයට ප්‍රතිචාරයක්‌ නැත.

විද්‍යාත්මක ක්‍රමවේදය මත සංස්‌කෘතිය බලපෑමක්‌ නො කරන බව මා පෙන්වා දී ඇත. විද්‍යාඥයා ගේ සංස්‌කෘතික පසුබිම විසින් සිදු කළ හැකි බලපෑම අවම කර ගැනීම පිණිස විද්‍යාත්මක ක්‍රමවේදය තුළ නීsති රීති පද්ධතියක්‌ නිර්මාණය කර ඇති බව මා පෙන්වා දී ඇත. සංස්‌කෘතික බලපෑම පිළිබඳ ව කතා කොට ඇත්තේ තෝමස්‌ කුන් සහ පෝල් ෆෙයරබෙන්ඩ් වැනි චින්තකයන් ය. ඔවුන් ගේ මත පුනරුච්චාරණය කරන නලින් මහතා විද්‍යාත්මක ක්‍රමවේදය තුළට බටහිර චින්තනය ඇතුළු වී ඇති බව පවසයි. ඔහු මෙයින් අදහස්‌ කරන්නේ සංස්‌කෘතික බලපෑම විද්‍යාත්මක ක්‍රමවේදය තුළින් ඉවත් කරන්නට බටහිර විද්‍යාඥයන් උත්සාහයක්‌ ගත් බව විය හැකි ය. මෙය දුර්වලකමක්‌ නැත හොත් වැරැද්දක්‌ ලෙස පෙන්වා දීමට නලින් මහතා වෑයමි කළත් එය විද්‍යාත්මක ක්‍රමවේදයේ දියුණුවක්‌ ලෙස පිළිගත හැකි ය. ඥාන ගවේෂණය කිසිවකු ගේ හෝ කිසි ම පිටස්‌තර බලපෑමකට හෝ යටත් විය යුතු නැත. එය සම්පූර්ණයෙන් ම නිදහස්‌ වූ ක්‍රමවේදයක්‌ විය යුතු ය.

විද්‍යාව භාවිත කොට ලබාගන්නා දැනුම කුමක්‌ සඳහා පාවිව්චි කළ යුතු දැයි නිගමනය කරන විට සංස්‌කෘතිය යම් කිසි කාර්යභාරයක්‌ ඉටු කරන්නට ඉඩ ඇත. උදාහරණයක්‌ වශයෙන් න්‍යෂ්ටික බලය භාවිත කරන්නේ ශක්‌තිය නිෂ්පාදනය කිරිමට ද නැත්නමි බෝම්බ සෑදීමට දැයි නිගමනය කරන්නේ සංස්‌කෘතිය විසින් විය හැකි ය. විද්‍යාත්මක ක්‍රමවේදය මත සෘජුව ම බලපෑමක්‌ කිරිමට සංස්‌කෘතියට ඉඩ දිය නොහැකි ය. එසේ සිදු වේ නමි එලෙස ලබාගන්නා දැනුම විශ්වසනීSයත්වයෙන් අඩු බැවින් එය භාවිත කිරිම අන්තරාදායක ක්‍රියාවක්‌ වීමට ඉඩ ඇත.

විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව පැවසීමෙන් නලින් මහතා බොරු වළක වැටි පඹගාලක පැටලී ඇති බව නැවතත් කිව යුතු ය.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග D.Sc