logo3.gif (702 bytes)

HOME


සිංහල යනුවෙන් ජාතියක්‌ පවතී ද?

ඩීග එස්‌ග සීග උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා ජුනි 04 වැනි දා විද්‍යාත්මක දැනුම නව සොයාගැනීමක්‌ මිස නිර්මාණයක්‌ නො වේ යන මැයෙන් ලිපියක්‌ ඇරඹී යග ඔහු ඒ ලිපිය අවසන් නො කෙළේ යග එහි මතු සම්බන්ධයක්‌ ඇති බව ඔහු පැවසී යග ඇතැම් විට එහි ඊළඟ කොටස හෝ කොටස්‌ හෝ පසුව පළ වනු ඇතග එහෙත් ඒ අතර අමරතුංග මහතා ජුනි මස 18 වැනි දා විද්‍යාව හා සංස්‌කෘතිය අතර සම්බන්ධය යන මැයෙන් තවත් ලිපි පෙළක්‌ ආරම්භ කර ඇති බව පෙනී යයිග අමරතුංග මහතාට එක්‌ ලිපියක්‌ (ලිපි පෙළක්‌) අවසන් නො කර තවත් ලිපි පෙළක්‌ ආරම්භ කිරීමට ඇති අයිතියට අපි ගරු කරමුග අමරතුංග මහතා ජුනි 04 වැනි දා ඇරඹූ ලිපියට පිළිතුරක්‌ ලිවීමට ඔහු එය අවසන් කරන තෙක්‌ සිටිය යුතු යෑයි මා මුල දී අදහස්‌ කළ ද ලිපිය අවසාන කිරීමට තව කලක්‌ ගත වේ යෑයි සිතෙන බැවින් අමරතුංග මහතා ගෙන් ප්‍රශ්නයක්‌ දෙකක්‌ ඇසීමට බලාපොරොත්තු වෙමිග

අමරතුංග මහතාට අනුව බටහිර විද්‍යාවේ කෙරෙන්නේ නව සොයාගැනීම් යග සොයාගන්නේ ඇති දෙයක්‌ල පවත්නා දෙයක්‌ මිස වෙනත් දෙයක්‌ නො වේග අමරතුංග මහතා ගේ අදහස වනුයේ ගුරුත්වාකර්ෂණ යනුවෙන් දෙයක්‌ල එනම් ගුණයක්‌ල පවතින බව යග පාඨකයාට යළි යළිත් ඒ මහතා ගේ පැවැත්ම හා නො පැවැත්ම පිළිබඳ ඉස්‌තරම් කියුම්වලින් ම සනාථ කළ යුතු ව ඇත්තේ මගේ වචනවලින් ඒ මහතා ගේ අදහස්‌ පැවසීම නොමනා නිසාත් ඒ මහතා ගේ පරස්‌පර කියුම් ගැන පාඨකයාට අවබෝධයක්‌ දීම අවශ්‍ය නිසාත් යග පහත සඳහන් ඡේදය උපුටාගෙන ඇත්තේ අමරතුංග මහතා ගේ මැයි 28 වැනි දා ලිපියෙනිග ඒ මහතා මෙවැනි අදහස්‌ තවත් කිහිප තැනක ම සඳහන් කර ඇති බව ද ඔහුට අවශ්‍ය නම් ඒ අදාළ කොටස්‌ උපුටා දැක්‌විය හැකි බව ද අවධාරණය කරමිග පහත සඳහන් ඡේදය අපට වැදගත් වන්නේ මේ පිළිතුරට අදාළ කරුණු බොහොමයක්‌ එක්‌ ඡේදයකින් ම ලබාගත හැකි බැවිනිග

,මිනිසා ගේ සහ ලෝකයේ පැවැත්ම පිළිබඳව බුදු දහම පවසා ඇත්තේ කුමක්‌ ද යන්න සාකච්ඡා කරන විට ද්වයතානුපස්‌සනා සූත්‍රය ඉදිරියට දැමීම කච්ඡායන සූත්‍රය පටිච්චසමුප්පාදය සහ අනෙකුත් සූත්‍රවල පැවැත්ම ගැන බුදුන් ඉදිරිපත් කර ඇති අදහස්‌ ඉවත දැමීමකිග මේ සූත්‍රවල සන්දර්භයට වඩා වැදගත් වන්නේ ඒවායේ අරුත සහ අන්තර්ගතය වන්නේ යග නලින් මහතා සන්දර්භය ඉදිරියට ගෙන අරුත සහ අන්තර්ගතය ඉවත දමයිග සන්දර්භය පෙන්නා ඔහුට අවශ්‍ය පරිදි සූත්‍රය විකෘති කරයිග සැම නාම රූපයක්‌ ම මුසාවක්‌ නිසා නො පවතී නමි පටිච්චසමුප්පාදය අවශ්‍ය වන්නේ කුමකට දරෑ කච්චායන සූත්‍රය සහ පටිච්චසමුප්පාදය දේශනා කළේ නිත්‍ය වූ පැවැත්ම සහ නිත්‍ය වූ නො පැවැත්ම යන අන්තවාද දෙක ම ඉවත දමා වස්‌තූන් සහ ක්‍රියාදාමයන් ඇති වී වෙනස්‌ වී නැති වන අන්දම පහදා දීමට යග මෙය ලෝකය පිළිගන්නා කච්ඡායනගොත්ත සූත්‍රයේ ඉතා පැහැදිලිව සඳහන් කොට ඇතග නලින් මහතා වැනි අන්තවාදීන්ට නියම පිළිතුරක්‌ බුදුන් දී ඇත්තේ මේ සූත්‍රයේ යග,

ද්වයතානුපස්‌සනා සූත්‍රය ඉදිරියට දැමීම කච්චායනගොත්ත සූත්‍රයල පටිච්චසමුප්පාදය හා අනෙක්‌ සූත්‍රවල පැවැත්ම ගැන බුදුන්වහන්සේ ඉදිරිපත් කර ඇති අදහස්‌ ඉවත දැමීමක්‌ යෑයි අමරතුංග මහතා කියයිග ඔහු මේ කියමනෙන් බුදුන්වහන්සේට කරන්නේ ඉමහත් අගෞරවයකිග මෙයින් කියෑවෙන්නේ බුදුන්වහන්සේ ගේ එක්‌ සූත්‍ර දේශනාවකින් වෙනත් සූත්‍ර දේශනාවල අදහස්‌ ඉවත දැමෙන බව යග වෙනත් වචනවලින් කියන්නේ නම් බුදුන්වහන්සේ ගේ ධර්මය පරස්‌පරවලින් යුක්‌ත බව යග බුදුන්වහන්සේ ගේ ධර්මය අතක්‌කාවචර බව සැබෑ යග එහෙත් එයින් කියෑවෙන්නේ ධර්මයෙහි පරස්‌පර ඇති බව නො වේග බුදුන්වහන්සේ ධර්මය දේශනා කර ඇත්තේ යම් සන්දර්භයක යග ඒ අදාළ සන්දර්භය තේරුම් නො ගෙන ධර්මය පිළිබඳ යම් අදහසකට වත් ඒමට නො හැකි යග විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ට නම් සන්දර්භයක්‌ නැතග ඔවුහු වෙනත් අය නිර්මාණය කර ඇති දැනුම කාලසටහනකට හා ඊනියා පාඨමාලාවකට (පාඨමාලා ඒකකයකට) අනුව සිසුන් ඉදිරියේ ප්‍රකාශ කරතිග අනෙක්‌ අතට ඔවුන් ප්‍රකාශ කරන බටහිර දැනුම සාපේක්‍ෂ නො වූ වාස්‌තවික එකක්‌ යෑයි ඔවුහු බටහිරයන් කෙරෙහි ඇති අන්ධ භක්‌තියෙන් විශ්වාස කරතිග කාලාම සූත්‍රය ගැන අනන් මනන් කියෙව්ව ද කාලෝ ෙdන්සේකා මහතා වත් වෙනත් අයකු වත් බටහිර විද්‍යාවේ දැනුම ගැන කල්පනා කර තිබේ දරෑ අමරතුංග මහතා ගුරුත්වාකර්ෂණය හා සාපේක්‍ෂතාවාදය ගැන කිසිවක්‌ කෙදිනක වත් කල්පනා කර නැති බව පැහැදිලි යග ඔහු ගේ දැවැන්තයා ඒ පිළිබඳව ඉක්‌මනින් ලියන්නේ නම් හෝ කියන්නේ නම් හෝ අපට එවිට ඔහු ගේ කල්පනාව ගැන ද යමක්‌ කිව හැකි වනු ඇතග

මා කිසි විටකත් සූත්‍රවල සන්දර්භය ඉදිරියට ගෙන අරුත හා අන්තර්ගතය ඉවත දමා නැතග සූත්‍රයක අරුත හා අන්තර්ගතය දැනගත හැක්‌කේ එහි සන්දර්භය ද සැලකිල්ලට ගැනීමෙන් පමණකිග එසේ නො වන්නට නම් බුදුන්වහන්සේ ගේ ධර්මය ඊනියා වාස්‌තවික නිරපේක්‍ෂ යථාර්ථයක්‌ විය යුතු යග අමරතුංග මහතාට අයින්ස්‌ටයිනීය සාපේක්‍ෂතාවාද ගැන හෝ ගැලීලීය සාපේක්‍ෂතාවාදය ගැන හෝ නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය ගැන හෝ කිසි ම අවබෝධයක්‌ නැතග මම අමරතුංග මහතා ගෙන් ප්‍රශ්නයක්‌ අසමිග අමරතුංග මහතා දෙමළ යනුවෙන් ජන වර්ගයක්‌ ඇති බවත් දෙමළ බෙදුම්වාදීන් ඇති බවත් පිළිගන්නේ යෑයි සිතමිග ඒ මහතා ජාතික චින්තනයක්‌ ගැන ද කතා කරයිග එමෙන් ම ඒ මහතා සිංහල නමින් ජාතියක්‌ ඇතැයි සිතන්නේ යෑයි ද කිව හැකි යග අඩු ම තරමෙන් ඒ මහතා ගේ බුද්ධිමය වීරයා වූ ගුණදාස අමරසේකර මහතා සිංහල ජාතියක්‌ ගැන කතා කරයිග අමරසේකර මහතාට අනුව සිංහල ජාතිය දැන් අවසාන අවස්‌ථා රාශියක්‌ පසු කර ඇතග එහෙත් තවත් අවසාන අවස්‌ථා ගැන ඔහු ඉදිරියේත් කතා කරනු ඇතග

එසේ වුවත් ප්‍රශ්නය වන්නේ බුදුන්වහන්සේ

මඡ්ධිම නිකායෙහි වාසෙට්‌ඨ සූත්‍රයෙහි ජාතියක්‌ නැති බව දේශනා කිරීම යග මෙය නිරපේක්‍ෂව ගන්නා ඇතැම්හු බුදුදහමට අනුව සිංහල ජාතියක්‌ හෝ වෙනත් ජාතියක්‌ හෝ නැතැයි පවසතිග අමරතුංග මහතා මේ පිළිබඳ ව කියන්නේ කුමක්‌ දැයි දැනගැනීමට කැමැත්තෙමිග ඔහුට මෙය මගේ තවත් මෝඩ ප්‍රශ්නයක්‌ සේ සලකා ඉවත දැමිය හැකි යග ප්‍රශ්නවලට පිළිතුරු නැති විට මෝඩ ප්‍රශ්න ලෙස සලකා ප්‍රශ්නවලින් පැන යැම මහාචාර්යවරුන් ගේ විධික්‍රමයක්‌ බව මම අත්දැකීමෙන් දනිමිග එහෙත් මගේ අනෙක්‌ ප්‍රශ්න මෙන්ම ම මෙය ද අපේ මාතෘකාවට අදාළ යග බුදුන්වහන්සේ වදාළේ නිරපේක්‍ෂ වාස්‌තවික යථාර්ථවාදී ධර්මයක්‌ නම් වාසෙට්‌ඨ සූත්‍රය අනුව සිංහල යනුවෙන් ජාතියක්‌ පැවතිය හැකි දරෑ වෙනත් ජාතියක්‌ වුවත් පැවතිය හැකි දරෑ අමරතුංග මහතා ජාතික චින්තනයක්‌ ගැන ජුනි 18 වැනි දා ලිපියෙහි සඳහන් කරයිග එහි සඳහන් අන්දමට ජාතියක චින්තනයක්‌ ඇතග ජාතියක්‌ නැති ව ජාතික චින්තනයක්‌ පැවතිය නොහැකි බව අමරතුංග මහතා වුව ද පිළිගන්නේ යෑයි සිතමිග සන්දර්භයෙන් පිටත ගත් වාසෙට්‌ඨ සූත්‍රයට අනුව ජාතියක්‌ පැවතිය හැකි දරෑ කෙසේ වෙතත් මම විජාතික සංකල්පවල පරිවර්තනවලින් සමන්විත අමරසේකර මහතා ගේ ඊනියා ජාතික චින්තනය ප්‍රතික්‍ෂෙප කරමිග එහෙත් ඒ ජාතියක්‌ නැති නිසා නො ව අමරසේකර මහතා ගේ විසුරුණු අදහස්‌වල බංකොළොත් බව නිසා යග

සැම නාම රූපයක්‌ ම මුසාවක්‌ නම් පටිච්චසමුප්පාදය අවශ්‍ය ඇයි දැයි අමරතුංග මහතා ළදරුවකු මෙන් ප්‍රශ්න කරයිග පටිච්චසමුප්පාදය අවශ්‍ය එක්‌ අතකින් නාම රූප ඇත්ත ලෙස ගන්නා පෘථග්ජනයනට එසේ ගැනීම වැරැදි බව පෙන්වා දීමට යග පටිච්චසමුප්පාදයට අනුව A ප්‍රත්‍ය කොටගෙන B හටගනියිග A නිරෝධ වූ කල B නිරෝධ වෙයිග ඒ මිස ඇත්තට ම පවත්නා A,B නැතග ඇත්ත වූ නාම රූප නැතග අමරතුංග මහතා සිතා සිටින්නේ බුදුන්වහන්සේ පටිච්චසමුප්පාදය දේශනා කර ඇත්තේ සැබෑවට ම පවත්නා නාම රූප සඳහා බව දරෑ පටිච්චසමුප්පාදයෙහි නිරපේක්‍ෂයක්‌ නැතග ඇත්තේ සාපේක්‍ෂ බවකිග එය ද චක්‍රීය වෙයිග සිංහල බෞද්ධ චින්තනයල අමරසේකර මහතා ගේ ඊනියා ජාතික චින්තනය නො වල චක්‍රීය සාපේක්‍ෂ වූවක්‌ වෙයිග

,කච්චායන සූත්‍රයේ සහ පටිච්චසමුප්පාදය දේශනා කළේ නිත්‍ය වූ පැවැත්ම සහ නිත්‍ය වූ නො පැවැත්ම යන අන්තවාද දෙක ම ඉවත දමා වස්‌තූන් සහ ක්‍රියාදාමයන් ඇති වී වෙනස්‌ වී නැති වන අන්දම පහදා දීමට යග මෙය ලෝකය පිළිගන්නා කච්චායනගොත්ත සූත්‍රයේ ඉතා පැහැදිලිව සඳහන් කොට ඇතග, මේ අමරතුංග මහතා ගේ වචන යග කිසිවක්‌ සැලකිල්ලෙන් නො හදාරන අමරතුංග මහතා දන්නේ උඩින් පල්ලෙන් අතගෑමට යග කච්චායනගොත්ත සූත්‍රයෙහි නිත්‍ය වු පැවැත්මක්‌ හෝ නිත්‍ය වූ නොපැවැත්මක්‌ ගැන නො කියෑවෙයිග එහි කියෑවෙන්නේ සියල්ල ඇත (පවතී) යනුවෙන් ගැනීම මෙන් ම සියල්ල නැත (නො පවතී) යනුවෙන් ගැනීම ද අන්ත දෙකක්‌ බව යග කච්චායනට අවශ්‍ය වූයේ සම්‍යක්‌දෘෂ්ටිය යනු කවරේ දැයි දැනගැනීම යග කච්චායනගොත්ත සූත්‍රයෙහි සන්දර්භය එය යග සම්‍යක්‌දෘෂ්ටිය ලෙස බුදුන්වහන්සේ වදාළේ පටිච්චසමුප්පාදය යග කච්චායනගොත්ත සූත්‍රයෙහි නිත්‍ය හා නිත්‍ය නො වන යන වචන අමරතුංග සංස්‌කරණයන් මිස බුදුන්වහන්සේ වදාළ සූත්‍රයෙන් නො වේග

කච්චායනගොත්ත සූත්‍රයෙහි හෝ පටිච්චසමුප්පාදයෙහි හෝ කිසි ම තැනක ඊනියා වස්‌තූන් ගැන හෝ ක්‍රියාදාමයන් ගැන හෝ නො කියෑවෙයිග වස්‌තු ගැන කතා කරන්නෝ බටහිර විද්‍යාඥයෝ යග අමරතුංග මහතාට තමා ඒ සූත්‍රවල ඇතැයි කියන කරුණු අදාළ සූත්‍රවලින් උපුටා දක්‌වා සනාථ කිරීමට නො හැකි යග අමරතුංග මහතා ගේ වංචනික විධික්‍රමය එබඳු යග ඔහු පොතක හෝ සූත්‍රයක හෝ නමක්‌ සඳහන් කර එහි තමන්ට අවශ්‍ය දෙයක්‌ ඇතුළත් යෑයි ප්‍රකාශ කරයිග පටිච්චසමුප්පාදයෙහි ඇත්තේ යමක්‌ ප්‍රත්‍ය කරණ කොට තවත් යමක්‌ හටගන්නා බව යග ඒ යමක වාස්‌තවික ව තාවකාලික ව හෝ පැවැත්මක්‌ ගැන එහි සඳහන් නො වෙයිග එමෙන්ම ඇති වී වෙනස්‌ වී නැතිවන අන්දමක්‌ ද එහි නො කියෑවෙයිග හැකි නම් එසේ කියෑවෙන්නේ යෑයි අදාළ සූත්‍රවලින් උපුටා දක්‌වන්නග

,මෙය ලෝකය පිළිගන්නා කච්චායනගොත්ත සූත්‍රයේ ඉතා පැහැදිලි ව සඳහන් කොට ඇතග, මෙයින් අමරතුංග මහතා කියන්නේ කච්චායන සූත්‍රයෙහි ලෝකය ඇති බව පිළිගන්නා බව දරෑ තමා ගේ අදහස්‌ නැති අමරතුංග මහතාට කළ හැක්‌කේ කාලෝ ෙdන්සේකා මහතා මෙන් ම අන්‍යයන් ගේ අදහස්‌ ප්‍රකාශ කිරීම පමණ යග එහෙත් අමරතුංග මහතා කාලෝ ෙdන්සේකා මහතා තරමට වත් අන්‍යයන් ගේ අදහස්‌ ප්‍රකාශ කිරීමේ දී ඒ අදහස්‌ විකෘති නො කිරීමට පරෙස්‌සම් නො වෙයිග අමරතුංග මහතා කියන කිසිවක්‌ කච්චායනගොත්ත සූත්‍රයෙන් සනාථ කළ හැකි නො වේග ඉතා පැහැදිලි ව සඳහන් කොට ඇති ආදි වශයෙන් මහාචාර්යවරුන්ට සුපුරුදු පාඨකයන් නොම`ග යවන ව්‍යාජ ප්‍රකාශ නො කර තමා කියන දේට සාක්‌ෂි අදාළ සූත්‍රවලින් ගෙන හැර දක්‌වන්නග

අමරතුංග මහතා ගේ ඊනියා වාස්‌තවිකල සන්දර්භය අදාළ නැති බුදුදහමට අනුව ලෝකය පවතී යෑයි ගැනීම එක්‌ අන්තයකිග ඒ පැවැත්ම නිත්‍ය ද නැත් ද යන්න කච්චායනගොත්ත සූත්‍රයට අදාළ නො වේග එහෙත් අමරතුංග මහතාට අනුව බටහිර විද්‍යාවේ කෙරෙන්නේ සොයාගැනීමකිග සොයාගන්නේ පවත්නා දෙයකිග වෙනත් වචනවලින් කිව හොත් අමරතුංග මහතාට අනුව ලෝකය පවතියිග බටහිර විද්‍යාඥයන් කරන්නේ එසේ පවත්නා වූ ලෝකය සොයාගැනීම යග මෙය අමරතුංග මහතා ගේ කෙසේ වෙතත් (අමරතුංග සංස්‌කරණය) බුදුන් වහන්සේ ගේ කච්චායනගොත්ත සූත්‍රයට එකඟ දරෑ

අමරතුංග මහතා සූත්‍ර දේශනා සන්දර්භයෙන් පිටත ගැනීමෙන් අමාරුවේ වැටෙයිග ඉන් පසු ඔහු බුදුන් වහන්සේ ගේ ධර්මය (සූත්‍ර) සංස්‌කරණය කරයිග සමහර විට ඒ මහතා බුද්ධධර්මය ශුද්ධ කිරීමේ කාර්යය තමන් වෙත පවරාගෙන ඇත් දැයි අපි නො දනිමුග කලකට ඉහත පැරැණි සිංහල සාහිත්‍ය කෘතිවල ශුද්ධි සංස්‌කරණ ආදිය විවිධ ප`ඩිවරුන් අතින් බිහි විණිග අමරතුංග මහතා බුදුදහමල ඒ මහතා කියන ආකාරයට නම් ථෙරවාදයල සංස්‌කරණය කිරීමට පටන්ගෙන ඇතග අමරතුංග මහතා ථෙරවාදයට නව අටුවා ටීකා සැපයීමට ඉදිරිපත් වී ඇතග සාදුෘ සාදුෘෘ සාදුෘෘෘ අටුවා ටීකා ලීවීම පංචානන්තරීය පාප කර්මයක්‌ නො වේග එහෙත් පරස්‌පර සහිත අටුවා ටීකා ඉවත දැමීමට සිදු වෙයිග

අමරතුංග මහතාට අනුව ගුරුත්වාකර්ෂණය නමින් ප්‍රපංචයක්‌ වෙයිග එය ඉන්ද්‍රිය ගෝචර නො වූවත් ඒ ඇති බව අමරතුංග මහතා දල ඇතැම් විට ඔහු ගේ දැවැන්ත භෞතික විද්‍යාඥයා දල දන්නා බව පෙනී යයිග දැවැන්තයා ගුරුත්වාකර්ෂණය හා සාපේක්‌ෂතාවාදය ගැන කියන්නේ කුමක්‌ දැයි දැනට අපි නො දනිමුග ඒ දැනගැනීමට අපි පුළ පුළා සිටිමුග ඔහු කුමක්‌ කීවත් අමරතුංග මහතා ඉන්ද්‍රිය ගෝචර නො වන ගුරුත්වාකර්ෂණය ඇති බව කියන්නේ කච්චායනගොත්ත සූත්‍රයට පිටින් ගොස්‌ බව පැහැදිලි යග කච්චායනගොත්ත සූත්‍රයෙහි සඳහන් සියල්ල යන්නට ගුරුත්වාකර්ෂණය ඇතුළත් නො වන්නේ දැයි එහි අමරතුංග සංස්‌කරණයෙහි ඇත් දැයි නො දනිමුග

අපි ලිපියෙහි ඉතිරි කොටස අමරතුංග මහතා ගේ ජුනි 18 වැනි දා ලිපිය ගැන කෙටි සඳහනක්‌ කිරීමට වෙන් කරමුග අමරතුංග මහතා ලෝකයේ විවිධ සංස්‌කෘතීන් ඇති බවත් විවිධ භාෂා ඇති බවත් පිළිගන්නේ යෑයි සිතමිග ඒ මහතා තම ලිපියේ මෙසේ කියයිග ,සංස්‌කෘතිය නිර්මාණය වීම පිණිස ප්‍රධාන වශයෙන් ඉවහල් වන්නේ මිනිසා ගේ ඥන වර්ධනයල භාවාත්මක හැඟීම් සහ ජීවත් වන පරිසරය වන්නේ යග භාෂාව මුලින් ම බිහි වූයේ අප්‍රිකාවේ සහරාවේ ජීවත් වූ හෝමෝ-සේපියන්ස්‌ (Homo sapiens) අතර මධ්‍ය ගල් යුගයේ දී බව සොයාගෙන ඇතග එය සිදු වූයේ ස්‌වභාවධර්මයේ ඇති නොයෙකුත් ශබ්දල සතුන් ගේ සහ මිනිසුන් ගේ ශබ්ද අනුකරණය කිරීමෙන් සහ ඒවා වෙනස්‌ කොට සකසා ගැනීමෙන් බව චාල්ස්‌ ඩාවින් පවසා ඇතග, කරුණාකාර ඩාවින් මහතා (අමරතුංග මහතා විද්වත් අයින්ස්‌ටයින් යෑයි කටපුරා කියන අතර නිකන් ම ඩාවින් යෑයි කියන්නේ ඇයි ද යන්න ද ප්‍රශ්නයකි) එසේ කියා ඇත්තේ කොතැනක දැයි උපුටා දැක්‌වීමක්‌ සහිතව සඳහන් කරන්නග භාෂාව මුලින් ම බිහි වූයේ ගල් යුගයේ දී හෝමෝ සේපියන්ස්‌ අතර බවට ඇති සාධක කවරේ දරෑ අමරතුංග මහතා ඒ බව දැනගත්තේ කිනම් පොතකින් දරෑ

කෙසේ වෙතත් අමරතුංග මහතා සියල්ල බටහිර විද්‍යාවේ ප්‍රවාද මගින් තේරුම් කර දීමට උත්සාහ කරන බව පෙනෙයිග ඒ මහතා අග්ගඤ්ඤ සූත්‍රයේ ඇති අදහස්‌ සමග එකඟ නොවන්නේ දරෑ අපි එය දැනට පසෙකින් තබමුග හෝමෝ සේපියන්ස්‌ල කෝටෙක්‌ස්‌ (බාහිකයල වල්කයරෑ බටහිර වෛද්‍ය විද්‍යා පාරිභාෂික ශබ්ද මාලාවක්‌ මා සතු නො වේ) ආදිය නොමැති ව අමරතුංග මහතාට ලෝකය නිර්මාණය කරගත (දැකිය) නො හැකි යග සංස්‌කෘතිය නිර්මාණය වීම යනුවෙන් අමරතුංග මහතා සඳහන් කරන්නේ එය ඉබේට සිදු වන දෙයක්‌ ලෙස සලකා දරෑ සංස්‌කෘතිය ද මිනිසුන් ගේ නිර්මාණයක්‌ නො වේ දරෑ සංස්‌කෘතිය නිර්මාණය වීමට ප්‍රධාන වශයෙන් ඉවහල් වන්නේ මිනිසා ගේ ඥන වර්ධනයල භාවාත්මක හැ`ගීම් හා පරිසරය බව අමරතුංග මහතා කියයිග ඒ අමරතුංග මහතා ගේ නිර්මාණයක්‌ දල නැතිනම් පොතකින් ලබාගත්තක්‌ දැයි දැනගනු කැමැත්තෙමිග

අමරතුංග මහතා තේරුම් නො ගත්ත ද මිනිසා යනු වියුක්‌ත සංකල්පයකිග එය ඒකවචන නාම පදයකිග සිංහලයෙහි මිනිසා යනුවෙන් මෑතක්‌ වන තුරු ම යෙදුණේ දන්නා හඳුනන මිනිසකු ගැන කීමට යග මිනිහ දක්‌ෂයාල මිනිහ කම්මැලියා ආදී උදාහරණ සලකන්නග බටහිර දැනුම ඉගැන්වීමට පෙර සිංහලයෙහි තිබූ වියුක්‌ත කවරේ දැයි අප ඇසුව හොත් අමරතුංග මහතාට ඒ කිව නොහැකි වීමට හේතු දෙකක්‌ වෙයිග එකක්‌ එවැනි වියුක්‌ත සංකල්ප නො තිබීම යග දෙවැන්න අමරතුංග මහතා තවමත් වියුක්‌ත යනු කුමක්‌ දැයි නො දැනීම යග යුදෙවුවන් ගේ දතට දතක්‌ යන ආකල්පය ගැන සඳහන් කිරීමේ දී අමරතුංග මහතා වියුක්‌ත නො වූ යෑයි වරහන් තුළ සඳහන් කරන්නේ බැරි වේලාවත් යුදෙවුවනට වියුක්‌ත දත් තිබුණේ යෑයි සිතාගෙන දරෑ වියුක්‌ත දත යන්න බටහිර දන්ත වෛද්‍ය විද්‍යාවෙහි ඉගැන්වෙන වර්ගීකරණයට අයත් වන්නක්‌ නො වේ

ඒ ඒ රටවල විසූ මිනිස්‌සු භාෂා නිර්මාණය කළෝ දරෑ නැත හොත් බොහෝ බටහිර විද්‍යාඥයන් කියන ආකාරයට මිනිසුන් අප්‍රිකාවේ විකාශය වී ඉන්පසු වෙනත් රටවලට සංක්‍රමණය වී දරෑ එසේ සංක්‍රමණය වී නම් (වියුක්‌ත) මිනිසා සංක්‍රමණය වී යෑයි කිව හැකි දරෑ කෙසේ වෙතත් අමරතුංග මහතා කියන කරුණුවලින් අපට තේරුම් ගැනීමට සිදු වන්නේ මිනිසුන් අප්‍රිකාවෙන් පිට වීමට පෙර ම භාෂාවක්‌ හෝ භාෂා හෝ දැන සිටි බව දරෑ ඒ සම්බන්ධයෙන් අමරතුංග මහතාට කීමට ඇති දේ හැකි ඉක්‌මනින් ප්‍රකාශ කරන්නේ නම් මැනවිග මෙය මධ්‍ය ගල් යුගයේ දී සිදු වූ බවට අමරතුංග මහතාට ඇති සාක්‌ෂි කවරේ දරෑ ඒ වන විට ඇතැම් මිනිස්‌සු අප්‍රිකාවෙන් පිටතට ගොස්‌ සිටියෝ දරෑ කෙසේ වෙතත් අප්‍රිකාවෙන් ඉවතට යන්න ඊනියා මානව විද්‍යාවේදී බටහිරයන් නිර්මාණය කර ඇති එක්‌ ප්‍රවාදයක්‌ පමණකිග එය බටහිරයන් ගේ ප්‍රධාන ප්‍රවාදය විය හැකි යග එහෙත් බටහිරයන් අතර ම වෙනත් ප්‍රවාද ද වෙයිග මේ බටහිර ප්‍රවාදය අග්ගඤ්ඤ සූත්‍රයට විරුද්ධ යග එයින් ම පැහැදිලි වන්නේ දැනුම නිර්මාණය කිරීමේ දී සංස්‌කෘතියේ බලපෑම යග බටහිර ප්‍රවාදය නිර්මාණය වී ඇත්තේ ඒක රේය ගී්‍රක යුදෙවු ක්‍රිස්‌ත්‍රියානි චින්තනයෙහි ය

නලීන් ද සිල්වා