logo3.gif (702 bytes)

HOME


"විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ද?" සංවාදය
විද්‍යාව සිංහල බෞද්ධයන්ට අකැප ද?


ආචාර්ය නලින් ද සිල්වා මහතා මා ඇසූ ප්‍රශ්නයක්‌ වන නිව්ටන් ගේ න්‍යාය බොරු නම් ඒවා භාවිත කොට හඳට පා තැබුවේ කෙසේ ද? යන්නට උත්තර සපයන්නේ මෙසේ ය. මම කියා කෙනෙක්‌ නැත. ආම්ස්‌ට්‍රොන්ග් තමා හඳට ගිය බව පැවසුවේත් ආම්ස්‌ට්‍රොaන්ග් යනුවෙන් අයකු ඇතැයි යන බොරුව යොදාගනිමිනි. (විදුසර - 19.2.14). මෙය මගේ ප්‍රශ්නයට පිළිතුරක්‌ නො වන බව පාඨකයින්ට වැටහෙනවා ඇත. මෙවැනි බහුබූත විද්‍යාව පිළිබඳ සංවාදයක දී පැවසිය යුතු නැත. විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කරගත නොහැකි ව නලින් මහතා බහුබූතවාදියකු බවට පත් වීම පිළිබඳව අප පුදුම විය යුතු නැත. මුල් බුදුදහමේ දෘෂ්ටිකෝණයෙන් බලන කල හඳට යැම පිළිබඳව කිව හැක්‌කේ බුදුන් දේශනා කොට ඇති පරිදි සම්මුති සත්‍යයක්‌ වන ආම්ස්‌ට්‍රොaන්ග් නමැත්තා ගේ අනිත්‍ය වූ පංචස්‌කන්ධය නිමක්‌ නැති ආකාශය තරමක්‌ දුරට තරණය කොට සම්මුති සත්‍යයක්‌ වන හඳ නමැති අනිත්‍ය වූ වස්‌තුව මත පා තබා ආපසු පැමිණියේ ය යන්න ය. සිංහල ෙබෘද්ධ දෘෂ්ටි කෝණයෙන් බලනවා යෑයි කියන නලින් මහතාට ආම්ස්‌ට්‍රොaන්ග් හඳ, පෘථිවිය බොරු ය. මෙය සිංහල ෙබෘද්ධ දෘෂ්ටි කෝණය නො වන බව මේ ලිපියෙන් පෙන්වා දෙමි.

ඔහු ගේ එම පිළිතුරෙන් ඔහු ම සෑහීමකට පත් ව මගේ දෙවැනි ප්‍රශ්නයට පසුව පිළිතුරු දෙන බව පවසයි. මා ගේ ප්‍රශ්නවලට ඔහුට පිළිතුරු දීමට නොහැකි ය. නිව්ටන් ගේ න්‍යාය අයින්ස්‌ටයින් විසින් බොරු යෑයි ඔප්පු කොට නැති බව ඔහු නො දනී. නිව්ටන් ගේ න්‍යාය අලෝකයේ වේගයට වඩා අඩු වේගයකින් චලනය වන වස්‌තු සඳහා භාවිත කළ හැකි බව ඔහු නො දනී. අයින්ස්‌ටයින් ගේ විශේෂ සාපේක්‌ෂතාවාදය ඕනෑ ම වේගයකට වලංගු බව ඔහු නො දනී. මේ නිසා ඔහු බහුබූතවාදියෙකු බවට පත් වී ඇත. මේවා පිළිබඳ පර්යේෂණ සිදු කොට ඉතා ම මෑතක දී පළ කොට ඇති ලිපි ලේඛනවල විස්‌තර විද්‍යාව හදාරන සිසුන්ට ඇත්ත දැන ගැනීම පිණිස පහත සඳහන් කරමි. විද්‍යාව හදාරන සිසුන් නිව්ටන් ගේ න්‍යාය අයින්ස්‌ටයින් ගේ න්‍යාය සහ මේවා අතර ඇති සම්බන්ධතාව හොඳින් වටහාගත යුතු ය. මේවා ඔක්‌කෝ ම බොරු නම් ඔවුන් විද්‍යාව හැදැරීමේ ඇති එලය කිම? මේ න්‍යාය පිළිබඳව මා කියන දෙය බොරු නම් විදුසර සඟරාවේ ඉඩකඩ පාවිච්චි කරමින් ඒ බව ඔප්පු කරන මෙන් නලින් මහතාට අභියෝග කරමි.

විද්‍යාත්මක ක්‍රමවේදයේ පදනම ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි බැවින් කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවක්‌ බව මා පෙන්වා දී ඇත. (විදුසර-19-02-2014). සිංහල විද්‍යාව හෝ බටහිර විද්‍යාව හෝ චීන විද්‍යාව හෝ ලෙස වෙනස්‌ වූ විද්‍යාවන් තිබිය නොහැකි ය. එහෙත් විද්‍යාව යොදාගන්නේ කුමක්‌ සඳහා ද යන්න රටකින් රටකට වෙනස්‌ විය හැකි ය.

නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ න්‍යාය සහ අයින්ස්‌ටයින් ගේ විශේෂ සාපේක්‌ෂතාවාදය එකතු කොට එක්‌ න්‍යායක්‌ තැනීමේ ප්‍රතිඵලය වූයේ අයින්ස්‌ටයින් ගේ සාමාන්‍ය සාපෙක්‌ෂතාවාදය බිහි වීම බව නලින් මහතා නො දන්නේ ඔහු යල් පැනපු ලේඛන මිස ඉන්ටනෙට්‌ බලන්නේ නැති නිසා විය හැකි ය. වර්ෂ 1907 සිට 1915 තෙක්‌ නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය සහ විශේෂ සාපේක්‌ෂතාවාදය එකතු කිරීම පිණිස අයින්ස්‌ටයින් ගත් ම`ග විස්‌තර කරන ලිපි ළේඛන කියවීමෙන් නලින් මහතා පැටලී ඉන්න පඹගාලින් මිදී මේ වැදගත් විද්‍යාත්මක දැනුම පිළිබඳ නිරවුල් අවබෝධයක්‌ ලබාගෙන බොරු වළෙන් ගොඩ ඒමට පුළුවන. ඊට අදාළ ලිපි ලේඛනවල විස්‌තර උදව්වක්‌ වශයෙන් සවිස්‌තර ව පහත සඳහන් කරමි. (1) Renn Jurgen ed (2005) Albert Einstein Chief Engineer of the Universe: Einstein's Life
and Work in Context. Berlin. Wiley-VCH ISBN 3-5 27-40571-2, (2) Janssen, Michel (2005) Of Pots and Holes: Einstein's Bumpy Road to Relativity Ann.Phys.14,58-85.

නිsව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ න්‍යාය සමඟ අයින්ස්‌ටයින් ගේ විශේෂ සාපේක්‌ෂතාවය එකමුතු කිරීම පිණිස අයින්ස්‌ටයින් ඇතුළු ව විද්‍යාඥයෝ කිහිප දෙනෙක්‌ මහන්සි ගත් හ. ඉන් අයින්ස්‌ටයින aගේ වෑයම හොඳ ප්‍රතිඑල දැරී ය. ඔහු නිව්ටන් ගේ න්‍යාය සමඟ විශේෂ සාපේක්‌ෂතාවාදය එකතු කොට සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය නිර්මාණය කළේ ය. මේ ගැන දැනගැනීමට පහත සඳහන් ලිපි ලේඛන කියවන්න. (1)' Kennefick, Daniel (2005) Astronomers Test General relativity: Light Bending and the Solar Redshift . Wiley VCH ISBN3-527- 40574-7 (2). Harti, Gerhard (2005) The Confirmation of the General Theory of Relativity. Wiley VCH ISBN3-527- 40574-7

ප්‍රත්‍යක්‌ෂය යන්නෙන් හැඳින්විය හැකි විශේෂ වූ දැනුම් මාර්ගයක්‌ බුදුරදුන් භාවිත කළ බව සූත්‍ර පිඨකයේ කොහේ වත් සඳහන් වී නැති බව මීට ඉහත ලිපියක මා සඳහන්a කොට ඇත. මා එසේ කීවේ එවැනි විශේෂ වූ දැනුම් ක්‍රමයක්‌ නලින් මහතා භාවිත කරන බවත්, බොරු නො වන්නේ එසේ ලබාගත් දැනුම බවත් ඔහු පවසා තිබූ නිසා ය. දැන් ඔහු පිළිතුරක්‌ වශයෙන් කියන්නේ ප්‍රත්‍යක්‌ෂය යන වචනය බ්‍රහ්aම ඡාල සූත්‍රයේ තිබෙන බව ය. එය මා නො දන්නේ එය ඉන්ටනෙට්‌ එකේ නැති නිසා දැයි ඔහු අසයි. එම සූත්‍රය බුදුරදුන් දේශනා කළේ ශීලය පිළිබඳව පහදා දීමට සහ එකල පැවැති පාරිභෘතික මිථ්‍යා මත බිඳ දැමීම පිණිස ය. ප්‍රත්‍යක්‌ෂ නම් වූ මාර්ගයකින් දැනුම හො නිවන ලබාගැනීම පිළිබඳ ව උන්වහන්සේ එහි හෝ වෙන අවස්‌ථාවක හෝ දේශනා කොට නැත. එසේ ඇතොත් පෙන්නා දෙන මෙන් නලින් මහතාට අභියෝග කරමි. එවැනි මාර්ගයක්‌ ඇතොත් බුදුන් ඒ බව කියා දීමට යොදාගන්නා හොඳ ම අවස්‌ථාව නිවන කුමක්‌ දැයි සාකච්ඡා කළ අවස්‌ථාවල දී ම්ස බ්‍රහ්මජාල සූත්‍රයේ නො වේ. මෙතන දී වැදගත් වන්නේ ප්‍රත්‍යක්‌ෂ යන වචනය කොහේ හෝ භාවිත කිරීම නො ව දැනුම ලබාගැනීමේ විශේෂ වූ ක්‍රමයක්‌ හැඳිනගැනීම පිණිස එම වචනය යොදාගත්තේ දැයි යන්න ය. නලින් මහතාට ඉන්ටනෙට්‌ ගැන වත්, සූත්‍ර පිඨකය ගැන වත්, බුදු දහම ගැන වත් මෙලෝ හසරක දැනුමක්‌ නැත. සූත්‍ර පිඨකය ද, බ්‍රහ්මජාල සූත්‍රයේ භික්‌ඛු බෝධි විසින් කරනු ලැබ ඇති ඉංග්‍රිසි පරිවර්තනය ද මා සතු ව ඇති බව මට කියන්නට වි ඇත්තේ නලින් මහතා ප්‍රදර්ශනය කරන පුහු මානය නිසා ය. මා ඉන්ටර්නෙට්‌ එක බෙහෙවින් පාවිචිච් කරන්නේ විද්‍යාව විසින් එය අපට දායද කරනු ලැබ ඇති නිසාත් ඉන් ඉතා ම මෑතක දී සිදු වූ සොයාගැනීම්, මතවාද, අදහස්‌, විද්‍යාත්මක දියුණුව පිළිබඳ ව දැනගත හැකි නිසාත් ය. පොත්වල ඇත්තේ යල් පැනපු කරුණු විය හැකි ය.

නලින් මහතා විද්‍යාව දෙස බලන්නේ සිංහල ෙබෘද්ධ දෘෂ්ටි කෝණයෙන් බව පවසා ඇත. සිංහල ෙබෘද්ධ දෘෂ්ටි කෝණයෙන් බලන විට විද්‍යාව බොරුවක්‌ සේ පෙනිය යුතු නැති බව පැහැදිලි කිරීම මේ ලිපියේ අරමුණ ය. අපේ රටේ දියුණුව සඳහා වැඩ කළ යුතු බාල පරම්පරාව හොඳින් විද්‍යාව අධ්‍යයනය කළ යුතු ය. අප ගේ අනාගතය ර`දා පවතින්නේ එම අධ්‍යාපනය මත බව සැම ගේ පිළිගැනීම ය. බටහිර විද්‍යාව යෑයි කියන විද්‍යාව ඉගෙනගැනීමෙන් අප බටහිර ගැත්තන් බවට පත් වන්නේ නැත. මක්‌ නිසා ද මුළු ලෝකයේ කවදත් පැවතුණේ එම විද්‍යාව නිසා ය (බලන්න විදුසර - 19.2.14). චීනය පෙර කල ද අද ද භාවිත කරන්නේ එම විද්‍යාව ය. ඔවුන් බටහිරයන් ගේ ගැත්තන් වී ඇත් ද? බටහිර යටත්විජිතවාදී ආක්‍රමණවලින් ශ්‍රී ලංකාව බේරාගන්නට ඉදිරිපත් වී සිටින්නේ චීනය නො වේ ද?

තව ද මගේ තවත් ප්‍රශ්නයක්‌ වන කොටින්ට එරෙහි යුද්ධය ජය ගැනීමට අවශ්‍ය දැනුම - උදා( කොටින් ගේ ආයුධ පිරවූ නැව් පිළිබඳ තොරතුරු - නලින් මහතා ගේ මිතුරන් ගේ දෙවිවරුන් ගේ මාර්ගයෙන් ලබා නො ගත්තේ ඇයි යන්නට තවමත් පිළිතුරක්‌ දී නැත. මෙතැන දී කිව යුත්තේ විද්‍යාව නොමැති ව අපට යුද්ධය කවදා වත් දිනිය නොහැකි ව තිබුණු බව ය. අප ගේ මුතුන් මිත්තන් පෘතුගීsසි, ලන්දේසි සහා ඉංගී්‍රසීන්ට එරෙහි ව යුද්ධ කොට ජය ගත්තේ ඔවුන් ගේ විද්‍යාව භාවිත කොට ය. එම පැරැණි විද්‍යාව අද පවතින විද්‍යාවට සමාන වන්නේ ඒවායේ පදනම එක ම වූ නිසා ය. එම පැරැණි විද්‍යාව යුද්ධයට අවශ්‍ය සැම දෙයක්‌ ම නිපදවීමට සමත් විය. අපට සතුරන් දුසිම් ගණනින් සිටින අද ද අපට අවශ්‍ය වන්නේ විද්‍යාවෙන් ඈත් වීම නො ව එය තවත් වැඩි දියුණු කොට අනාගතයේ ඇති විය හැකි අර්බුදවලට මුහුණ දිය හැකි තත්වයකට ශ්‍රී ලංකාව පත් කිරීම ය.

යුද්ධය ජයගෙන ඇත. වීර රණවිරුවන්ට සහය වූයේ විද්‍යාත්මක තාක්‌ෂණය බව අප කවුරුත් දනිමු. එහෙත් දැන් අපට විරුද්ධ ව සතුරන් රාශියක්‌ එකතුව වෙනත් විදියේ සටනක්‌ අරඹා ඇත. මින් ජය ගැනීමට ද අපට සහාය විය හැක්‌කේ විද්‍යාව බව අප අමතක නො කළ යුතු ය. විශේෂයෙන් ම දෙමළ බෙදුම්වාදීන් ගේ නොයෙකුත් මතවාද, අදහස්‌ පරාජය කළ යුතු ය. නලින් මහතා මේ පිළිබඳ ව දක්‌වන උද්යෝගය සහ ක්‍රියාකාරකම් අපි අවතක්‌සේරුවට ලක්‌ නො කරමු. එය වෙන ම කරුණකි. බෙදුම්වාදීන් විසින් විකෘති කරන්නට තැත් කරනු ලබන අප ගේ ඉතිහාසය, පුරාවිද්‍යාත්මක දත්ත, සිංහලයන් ගේ බිහි වීම, දෙමළ මිනිසුන් ගේ පැමිණීම වැනි දේවල් පිළිගත හැකි සාධක, සාක්‌ෂි ඇති ව ස්‌ථාවර තත්ත්වයකට පත් කළ හැක්‌කේ විද්‍යාත්මක තාක්‌ෂණයේ පිහිටෙන් බව අමුතුවෙන් කිව යුතු නො වේ, උදාහරණයක්‌ වශයෙන් සිංහලයන් ගේ DNA සහ දමිලයන් ගේ DNA පරීක්‌ෂාවට ලක්‌ කොට ඒ මගින් ලක්‌දිව ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ ගෝත්‍රිකයන් ගේ DNA (ලබාගත හැකි නම්)වලට සමාන වන්නේ කා ගේ ඒවා දැයි සොයාගත හැකි ය. දැනටත් මෙවැනි පර්යේෂණ සිදු කොට ඇත. ඕස්‌ටේ්‍රලියානු ජාතික වෛද්‍ය ආර්. අයි. කර්ක්‌ (R. I. Kirk 1976) නැමැත්තකු ජාන පරීක්‌ෂණ මාර්ගයෙන් සිංහලයන් ගේ හා බෙන්ගාලි ජාතිකයන් ගේ ජාන සංයුති සමාන බව සොයාගෙන ඇත.

අප ගේ රටට සහාය විය හැකි තවත් විද්‍යාත්මක ක්‍රම බොහොමයක්‌ ඇති බව පැවසිය යුතු ය. (උදා Carbon dating). විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ලෙස අයින් කර දැමීමෙන් අප කරන්නේ අප ගේ බෙල්ලේ වැල ලාගැනීම හා සමාන දෙයකි. සිංහල බෞද්ධයන්ට විද්‍යාව අකැප බව පෙන්වා දීමට නලින් මහතා තැත් කරන බව පෙනෙන්නට ඇත. නීල් ආම්ස්‌ට්‍රොaන්ග්a නැමැත්තාමම හඳට ගියෙමි යෑයි පැවසූ විට මම කියා කෙනකු නැත. එම නිසා හඳට ගිය කෙනෙක්‌ නැත හෝ එවැනි අදහසක්‌ ඉදිරිපත් කරන්නට ඔහු වෑයම් කරන්නේ ඒ නිසා ය. ඔහු කියන්නේ බුදු දහමට අනුව හඳට ගිය කෙනෙක්‌ නැත. සිංහල බෞද්ධයන් හඳට ගිය කාරණය දෙස බැලිය යුත්තේ එලෙස ය. ආම්ස්‌ට්‍රොන්ග් නැමැත්තා බොරුවකි. හඳ මායාවකි. නිව්ටන් ගේ න්‍යාය බොරුවකි. සිංහල බෞද්ධයන් විද්‍යාව දෙස, හඳ දෙස, නිව්ටන් දෙස, ආම්ස්‌ට්‍රොaන්ග් දෙස බැලිය යුත්තේ මෙවැනි වූ ආකල්පයක්‌ සිතේ ධාරණය කර ගනිමිනි. මෙයයි නලින් මහතා ගේ අදහස හෝ මතවාදය. මෙවැනි ආකල්පයකින් ලෝකය දෙස බැලීම සිංහල බෞද්ධයින් ගේ මළගම වන්නේ ය. විද්‍යාව අතහැර දැමීම සිංහල ජාතියේ විනාශය වන්නේ ය. මෙවැනි ආකල්පයක්‌ නිවැරැදි දැයි ගැඹුරින් සොයා බැලිය යුතු ය.

සිංහල ජාතිය බිහි වූයේ මෙරට ජීවත් වූ ගෝත්‍රිකයන් සහ භාරතයෙන් මෙහි පැමිණි විජයාගමනය සංකේතවත්a කරන මනුෂ්‍යයන් ගේ මිශ්‍රණයකින් බව විශ්වාස කළ හැකි ය. මිහිඳු හාමුදුරුවන් බුදු දහම ලක්‌දිවට ගෙන ඒමට පෙර ද මෙහි බුදු දහම යම් තරමකට පැවැති බවට සාක්‌ෂි ඇත. බුදුරදුන් තුන්වරක්‌ ලක්‌දිවට වැඩම කිරීම, මිහිඳු හාමුදුරුවන් වැඩි විට විට බුදු දහම මෙහි සිටි ජනතාව හිස මුදුනින් පිළිගැනීම එම ධර්මය ශීඝ්‍රයෙන් මෙරට තුළ ව්‍යාප්ත වීම ඒ සඳහා ඉදිරිපත් වන සාක්‌ෂිවලින් සමහරකි. තවද මහියංගන චෛත්‍යය මිහිඳු හාමුදරුවන් ලක්‌දිවට පැමිණීsමට පෙර ඉදි කර තිබූ බව ද වංශ කථාවල සඳහන් වේ. මිහිඳු හාමුදුරුවන් ගේ පැමිණීමට පෙර මේ රටේ පැවතුණේ බ්‍රහ්මන ධර්මය, ජයිනාගම, ආර්වක ධර්මය බව වංශ කථාවල සඳහන් වේ. එහෙත් ආගමකට අයත් යෑයි සඳහන් නො වන භික්‌ෂූන් පිරිසක්‌ ද සිටිය බව එම කථාවල සඳහන් වේ. මේ භික්‌ෂුන් බුද්ධාගමට අයත් වන්නට ඇති බවට සැක පහළ කළ හැකි ය. බුදු දහමේ බලපෑම රටේ ජනතාව මත මුල සිට ම තිබුණු බව සිතිය හැකි ය. බෞද්ධ ගුණධර්ම, සන්සුන් වූ තෘෂ්ණාව, මෙල්ල වූ ක්‍රෝධය, අඩු මමත්වය, වැනි හොඳ ගතිගුණ මුල සිට ම සිංහලයා ප්‍රගුණ කළා යෑයි සිතිය හැකි ය. නිරවුල් ව සිතීම, ඥාන වර්ධනය සමග විද්‍යාවේ දියුණුව මේ ලෙස සිදුවීම ස්‌වාභාවික වූ ක්‍රියාදාමයක්‌ බව අප වටහාගත යුතු ය. විද්‍යාව බුදු දහමට කිසිසේත් ම අහිතකර විය නොහැකි ය. එලෙස ම බුද්ධ ධර්මය ඇදහීම විද්‍යාවට හිතකර මිස අහිතකර විය නොහැකි ය. මේ ලෙස සිංහල මිනිසා ගේ විද්‍යාව දියුණු විය. මිථ්‍යාව ද නො තිබුණා ම නො වේ. සිංහල මිනිසා ගේ විද්‍යාව ලෝකයේ අන් රටවල තිබූ විද්‍යාව ම විය. එහි පදනම වූයේ ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි විය. වෙන ක්‍රමයක්‌ තිබිය නොහැකි ය. එසේ ඇතොත් එය මිථ්‍යාව වන්නේ ය. ඉන්ද්‍රිය ගෝචර වූ සාක්‌ෂි නොමැති තැන මිථ්‍යාව ඉස්‌මතු විය. මේ ලෙස ජල කළමනාකරණය, වැව් බැඳීම, ජල ප්‍රවාහනය, කෘෂිකර්මය, වෛද්‍ය විද්‍යාව වැනි විද්‍යාවන් ශ්‍රී ලංකාවේ දියුණු විය.

(මතු සම්බන්ධයි)

මහාචාර්ය
එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc