logo3.gif (702 bytes)

HOME


"විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ද?" සංවාදය
පොල් ගෙඩියේ විහිළුව


පසුගිය විසි තුන් වැනි දා චින්තන පර්ෂදය විසින් බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු මැයෙන් මහනුවර දී පවත්වන ලද රැස්‌වීමට ඩී. එස්‌. සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා නො පැමිණියේ ය. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ මුලසුනෙහි වැඩ සිටි ඒ

රැස්‌වීමට පැමිණ වාදයකට සහභාගී වීමට චින්තන පර්ෂදය වෙනුවෙන් ඒ මහතාට ආරාධනය කළ අයට මුල දී කැමැත්ත දී තිබුණ ද පසුව තම මතය වෙනස්‌ කරමින් රණ්‌ඩු වීමට අකැමැති බැවින් රැස්‌වීමට සහභාගී වීමට නොහැකි බව පවසා ඇත. ගෞරවනීය භික්‍ෂුන් වහන්සේ කෙනකු මුලසුනෙහි වැඩසිටින රැස්‌වීමක රණ්‌ඩු වීමට අවශ්‍ය කා හට ද යන්න ඒ මහතා දැන සිටින්නට ඇත. අපි නම් එවැනි රැස්‌වීමක දී මුලසුනෙහි වැඩ සිටින භික්‍ෂූන් වහන්සේ ගේ ගෞරවය ආරක්‌ෂා කරමින් මුලසුනට අවනත වන්නෙමු.

ඒ මහතා ඒ රැස්‌වීමට අඩු ම තරමෙන් අසන්නකු ලෙස සහභාගී විණි නම් බොහෝ දේ ඉගෙනීමට තිබිණ. එහෙත් පසුව රැස්‌වීමෙහි පටිගත (වීඩියෝ) කරන ලද සම්පූර්ණ වාර්තාවක්‌ කාලය වෙබ් අඩවියෙහි (අඅඅගන්ක්‌හ්ගදරට) ඇතුළත් කිරීමට කටයුතු කරන බැවින් එම`ගින් අමරතුංග මහතාට තම දැනුම වර්ධනය කරගැනීමේ අවස්‌ථාව පමා වී නමුත් ලැබෙනු ඇත. ඒ මහතා බොහෝ මහාචාර්යවරුන් ගෙන් වෙනස්‌ නො වේ. යමක්‌ තේරුම්ගැනීමට ඔවුන්ට බොහෝ කලක්‌ ගත වන බව අවුරුදු පනහක අත්දැකීමෙන් මම දනිමි. අමරතුංග මහතාට ද කාලෝ ෆොන්සේකා මහතාට ද කාළාම සූත්‍රය වටහාගත නොහැකි වී ඇත. අවශ්‍ය නම් ඒ මහත්වරුන්ට සනත් කරුණාරත්න මහතා ලියා ඇති කාළාම සූත්‍රය හා චින්තන නිදහස යන පොත කියවා බුදුන් වහන්සේ කාළාමයනට විඤ්Cදුන් අනුගමනය කිරීමට කී බව දැනගැනීමට හැකි වනු ඇත. මේ සම්බන්ධයෙන් මා ද අවුරුදු විසි පහකට පමණ පෙර දිවයින පුවත්පතට ලියා ඇති නමුත් ඒ මහත්වරුන් මගෙන් යමක්‌ දැනගැනීමට වඩා වෙනත් අයකු ගෙන් දැනගැනීමට කැමැති වනු ඇත.

අමරතුංග මහතා ගේ ජනවාරි 1, 8, 15 ලිපිවලට පිළිතුරු දීම පමා කර අපි ඒ මහතා ගේ 22 වැනි දා ලිපිය සලකා බලමු. එයට හේතුව අන් කිසිවක්‌ නො ව ඒ මහතා මගේ අදහස්‌ තේරුම්ගැනීමේ මාවතකට සේන්දු වීමට එම`ගින් උත්සාහයක්‌ දරා ඇති බවක්‌ පෙනෙන නිසා ය. එහෙත් ඒ අතර ම ඒ මහතා තමාට සුපුරුදු ආකාරයෙන් විහිළු සැපයීම ද අත්හැර නැත්තේ තවත් බොහෝ දේ ඔහුට දුරාවබෝධ නිසා ය. බටහිර විද්‍යාව ගැන තබා පොල් ගෙඩිය පොල්ගහ මුල වැටීම හේතුවෙන් පොළොවේ චලිතය පිළිබඳව ගැලීලියෝට එල්ල වූ අභියෝගය පිළිබඳව වත් ඒ මහතාට කිසි ම අවබෝධයක්‌ නැත.

"ගහෙන් ගෙඩියක්‌ වැටෙන විට එය ගහ මුලට වැටෙන්නේ ලෝකය චලනය නො වන නිසා යෑයි නලින් මහතා විශ්වාස කරන බව ඔහු ගේ වැල්වටාරම් තුළින් කියෑවෙන බව අනුමාන කළ හැකි ය." මෙවැනි වාක්‍යයක්‌ මහාචාර්යවරයකුට හැරෙන්නට වෙනත් අයකුට ලිවීමේ හැකියාවක්‌ ඇතැයි නො සිතමි. මා ලියන්නේ වැල්වටාරම් යෑයි කියමු. එහෙත් මෙවැනි අනුමානයකට අමරතුංග මහතා පැමිණියේ කෙසේ ද? ඒ සඳහා මා ලියා ඇති දේ සාක්‍ෂි වශයෙන් ඉදිරිපත් කිරීමට ඒ මහතාට හැකි ද?

මා සඳහන් කර ඇත්තේ ගැලීලියෝට විරුද්ධව එකල විසූ බුද්ධිමතුන් ගෙන ආ තර්කයකි. ඉතාලියේ ගැලීලියෝ සිටි පෙදෙසෙහි හෝ වතිකානුවෙහි හෝ පොල් ගස්‌ නො තිබීම වෙනත් කරුණකි. තර්කයකට පොල් ගස ඈඳීම නම් මගේ ක්‍රියාවකි. එහෙත් තර්කය මා විසින් නිර්මාණය කරන ලද්දක්‌ නො වේ. මා ලෝකය (පෘථිවිය-පොළොව) චලනය නො වන්නේ යෑයි කියා නැත. කෙසේ වෙතත් මට නිරපේක්‍ෂ චලිත නැත. පොළොව මගේ ප්‍රත්‍යක්‍ෂයට අනුව චලනය නො වේ. එය අමරතුංග මහතා ගේ ප්‍රත්‍යක්‍ෂයට අනුව චලනය වන්නේ ද?

පොළොවෙහි සිටින නිරීක්‍ෂකයන්ට අනුව පොළොව චලනය නො වේ. එනම් පොළොවේ සිට නිරීක්‍ෂණය කරන්නන්ට සාපේක්‍ෂව පොළොව චලනය නො වේ. එහෙත් එයින් කියෑවෙන්නේ කිසි ම නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොළොව චලනය නො වන බව නො වේ. හඳ මත සිටින නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොළොව චලනය වෙයි. පැරැණි සිංහලයන්ට පොළොව ඉර වටා චලනය වන්නේ ය කීව ද, ඉර පොළොව වටා චලනය වන්නේ ය කීව ද ගැටලුවක්‌ වී නැත. ඒ සාපේක්‍ෂ චලිත දෙකක්‌ බව ඔවුහු දැන සිටියෝ හ. අඩු ම තරමෙන් පැරැණි සිංහල බුද්ධිමත්තු ඒ බව දැන සිටිය හ. පොළොව ඉර වටා චලනය වන බව පැරැන්නන් දැන ගත්තේ පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයෙන් නම් නො වේ. එය පංචෙන්ද්‍රිය නොමැති ව මනසෙන් දැනගත් දෙයකි. එය පංචෙන්ද්‍රියයන් ගෙන් (හා මනසෙන්) දැනගැනීමට නො හැකි ය. අමරතුංග මහතා පොළොව ඉර වටා යන බව පංචෙන්ද්‍රියයන් ගෙන් දන්නේ ද?

එහෙත් ගැලීලියෝ ගේ කාලයෙහි ඉතාලියෙහි බුද්මත්තු සාපේක්‌ෂ චලිත ගැන නො දැන සිටියෝ ය. ඔවුන්ට චලිතය යනු එකක්‌ ම විය. එය නිරපේක්‌ෂ (ඔවුන් ඒ සංකල්පය යොදාගත්තත් නැතත්) විය. පොළොවේ සිටින නිරීක්‌ෂකයකුට අනුව පොළොව චලනය නො වෙයි. ගැලීලියෝ පොළොව චලනය වන්නේ යෑයි කී විට ඉතාලියෙහි බුද්ධිමත්තු ඒ කා හට සාපේක්‌ෂව දැයි නො ඇසූ හ. ඔවුන් දැන සිටි එක ම (නිරපේක්‌ෂ) චලිතය ඔවුන්ට නිරීක්‌ෂණය කළ නොහැකි විය. ඔවුන්ට අනුව පොළොව චලනය නො වී ය. ඔවුන්ට එය ප්‍රත්‍යක්‌ෂය විය. අමරතුංග මහතා අවංක නම් ඔහුට ද තම ප්‍රත්‍යක්‌ෂයට අනුව පමණක්‌ නම් පොළොව චලනය නො වන බව පිළිගැනීමට සිදු වෙයි. එහෙත් ඔහු ගේ මහාචාර්යකම ඊට හරස්‌ වෙයි. තම ප්‍රත්‍යක්‌ෂය අනුව පොළොව චලනය නො වන බව ප්‍රකාශ කළ හොත් ඔහුට සමාජයේ ඇති වැදගත්කම නැති වෙයි.

ගැලීලියෝ ගේ කාලයේ ඉතාලියේ සිටි උගත්හු අමරතුංග මහතාට වඩා අවංක වූවෝ යෑයි සිතිය හැකි ය. ඔවුහු පොළොව චලනය නො වන බව කීවෝ ය. ඔවුහු තම ප්‍රත්‍යක්‌ෂයෙන් දැනගත් එය නිවැරැදි බවට තර්කයක්‌ ද ඉදිරිපත් කළ හ. ඒ අනෙකක්‌ නො ව පොල් ගෙඩිය පොල් ගහමුල වැටීම ආශ්‍රයෙන් ගොඩන`ගාගත් තර්කය ය. අමරතුංග මහතාට ඒ තර්කයෙහි වරදක්‌ දැකිය හැකි ද? පොල් ගෙඩිය ගහ මුල වැටීම ද ප්‍රත්‍යක්‌ෂයකි.

බටහිර විද්‍යාව ආරම්භ කරමින් ගැලීලියෝ ප්‍රත්‍යක්‌ෂය නො වූ සාපේක්‌ෂ චලිතය පිළිබඳ වියුක්‌ත සංකල්පය ඉදිරිපත් කළේ ය. ගැලීලියෝ බොරු කීවේ ඇයි යන ලිපියෙන් මා උත්සාහ ගත්තේ ඒ බව පැහැදිලි කිරීමට ය. එහෙත් මහාචාර්යවරයකු වූ අමරතුංග මහතා එයින් අනුමාන කරන්නේ මා පොල් ගෙඩිය ගහ මුල වැටෙන නිසා පොළොව චලනය නො වන්නේ යෑයි විශ්වාස කරන බවකි. ගැලීලියෝ ගේ කාලයේ සිටි බුද්ධිමත්තු පොල් ගෙඩිය ගහ මුල වැටීම යන ප්‍රත්‍යක්‌ෂය පොළොව චලනය නො වන්නේ ය යන ප්‍රත්‍යක්‌ෂය තහවුරු කිරීමට යොදාගත් හ.

අමරතුංග මහතා කොටින් පැරදවීමට මා දෙවියන් ගේ පිහිට ලබා නො ගත්තේ ඇයි දැයි අසයි. එකල තබා මෙකල වත් මට දෙවියන් හෝ වෙනත් මනුෂ්‍ය නො වන ප්‍රාණීන් සමග සන්නිවේදනය කළ නොහැකි ය. කෘෂි රසායනික වකුගඩු රෝගය පිළිබඳව මැදිහත් වූයේ ප්‍රියන්තා සේනානායක මහත්මිය ය. අපට ආසනික්‌, කිවුල් ජලය හා ආසනික්‌ මිත්‍ර (මිශ්‍ර නො වේ) පස කෘෂි රසායනික වකුගඩු රෝගයට හේතු යෑයි දැන්වූයේ ඒ මහත්මිය ය. ඒ පිළිබඳව කිසි ම ගෞරවයක්‌ මට හිමි විය යුතු නැත. කිවුල් ජලය රෝගයට හේතුවක්‌ බව පළමුවෙන් ම සඳහන් කළේ කැලණිය කණ්‌ඩායම ය. එයට පෙර කිසිවකු රෝගයට හේතුවක්‌ ලෙස ජලය නම් කර නො තිබිණි. අද පවා බටහිර විද්‍යාවේ ආධිපත්‍යය පැතිරවීම සඳහා පිහිටුවාගෙන ඇති ආයතනයක්‌ වන ඊනියා ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන් ගේ බසින් කියන්නේ නම් පානීය ජලය රෝගයට හේතුවක්‌ යෑයි සෘජු ව නො කියයි. අමරතුංග මහතාට අනුව කිවුල් ජලය කෘෂිකාර්මික වකුගඩු රෝගයට හේතුවක්‌ යෑයි කියමින් මා ලඡ්ජාවක්‌ නොමැති ව මට අහිමි ගෞරවයක්‌ ලබා ගැනීමට කටයුතු කරයි.

අමරතුංග මහතා නො දන්නවාට කොටින් පරාජය කළ හැකි බව මා කීවේ 1990 තරම් ඈත කාලයක සිට ය. එකල ගුණදාස අමරසේකර මහතා හෝ වෙනත් කිසිවකු හෝ මගේ සහායට සිටි බවක්‌ මම නො දනිමි. අමරතුංග මහතා ගැන මා එකල අසා වත් නො තිබිණි. ඔහු දෙමළ ප්‍රශ්නය පිළිබඳ ව කරළියට පැමිණියේ තමා විශ්‍රාම ගැනීමට ටික කලකට පෙර ය. එසේ ම අමරතුංග මහචාර්යවරයා සිනහසුණත් කිව යුත්තක්‌ වෙයි. මාවිල්ආරු සිද්ධිය දිනවල මෙරට බුදුපිළිම වහන්සේලා ගෙන් බුදු රැස්‌ විහිදුණ බව බොහෝ දෙනාට මතක ඇත. ඒ දිනවල ම මා මාතර දී පවත්වන ලද

රැස්‌වීමක දී කියා සිටියේ කොටින් පැරදවීමට අපට දෙවියන් ගේ ආශිර්වාදය ඇති බවට ඒ සාක්‌ෂියක්‌ බව ය.

කෙසේ වෙතත් පසු කලෙක සේනානායක මහත්මිය ප්‍රකාශ කළේ දෙවියන් පිළිම වහන්සේලා ගෙන් එසේ බුදු රැස්‌ විහිදීමට සලස්‌වා යම් ආධ්‍යාත්මික ශක්‌තියක සටනට එකතු කළ බව ය. එය පංෙච්න්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‌ෂයක්‌ නො වේ. සාපේක්‌ෂ ප්‍රවේගය පිළිsබඳ වියුක්‌ත සංකල්පය ද පංචෙන්ද්‍රිය ගොචර සංකල්පයක්‌ නො වේ. මහනුවර දී ඒ බව පෙන්වා අද පාසල්වල උගන්වන සාපේක්‌ෂ චලිතය පිළිබඳ සමීකරණය වැරැදි බව පැහැදිලි කළෙමි. ඒ බව දැනට අවුරුදු තුන හතරකට පෙර අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් කැලණිය විශ්වවිද්‍යාලයයේ දී පවත්වන ලද වැඩමුළුවක දී ද මා පෙන්වා දී ඇති නමුත් එය කිසිවකු ගේ අවධානයට ලක්‌ නො විණි. අමරතුංග මහතා නම් ඒ අවධානයට ලක්‌ විය යුත්තක්‌ නො වේ යෑයි කීමට ඉඩ ඇත.

නිවුටන් ගේ ගුරුත්වාකර්ෂණ බලය ද පංචෙන්ද්‍රිය ගෝචර සංකල්පයක්‌ නො වේ. ඒ බව මහනුවර දී පමණක්‌ නො ව අමරතුංග මහතා ද නරඹා ඇතැයි සිතිය හැකි රූපවාහිනි වැඩසටහනක දී මා පෙන්වා දී ඇත. මහනුවර දී ගැලීලියෝ ගේ සාපේක්‌ෂතාව පමණක්‌ නො ව අයින්ස්‌ටයින් ගේ සාපේක්‍ෂතාව ද වැරැදි බව පෙන්වා දුන්නෙමි. මේ කරුණු මෙරට සිටින බොහෝ උගතුන්ට දිරවාගත නො හැකි බව ද මම දනිමි. ඉඩකඩ ලැබෙන පරිදි මේ සියල්ල විදුසර පුවත්පතින් හෙළිදරවු කිරීමට ද බලාපොරොත්තු වෙමි.

බටහිර විද්‍යාවේ කෙරෙන්නේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි "තේරුම් කිරීමට" පංචෙන්ද්‍රිය ගෝචර නො වන වියුක්‌ත කතන්දර ගොඩනැ`ගීම ය. මේ කතන්දර ගෙතීමකි. ඒ කතන්දර පට්‌ටපල් බොරු වෙයි. පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ (මේවා හුදු ප්‍රත්‍යක්‍ෂ නො වන බව ප්‍රත්‍යක්‍ෂ හා හුදු ප්‍රත්‍යක්‍ෂ යන ලිපියෙහි පැහැදිලි කර දී ඇත) "තේරුම් කිරීමට" පංචෙන්ද්‍රිය ගෝචර නො වන වියුක්‌ත ප්‍රවාද (කතන්දර) ගෙතීම බටහිර විද්‍යාවෙහි දී සිදු වෙයි. ඒ ප්‍රවාද පට්‌ටපල් බොරු වෙයි.

පොල් ගෙඩි පොළොවට වැටීම පංචෙන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂයකි. පොල් ඉහළට යන්නේ නැති බව ද ප්‍රත්‍යක්‍ෂයකි. අමරතුංග මහතා ඒ පිළිබඳව තේරුමක්‌ නැති ව විකාර කතා කියයි. ඒ බව අපි පසුව පෙන්වා දෙමු. දැනට කිව යුත්තේ පොල් ගෙඩි උඩට නො ගොස්‌ පොළොවට වැටීම නමැති පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂය "තේරුම් කිරීමට" නිවුටන් පට්‌ටපල් බොරුවක්‌ වූ පංචෙන්ද්‍රිය ගෝචර නො වූ ද ප්‍රත්‍යක්‍ෂයක්‌ නො වූ ද ගුරුත්වාකර්ෂණ බලය නමැති කතාව ගොතා ඇති බව ය.

නලින් ද සිල්වා