logo3.gif (702 bytes)

HOME


භික්‍ෂූන් වහන්සේ ඉවත් කිරීමේ ආරම්භය

බටහිsර යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියට අද අප යට වී ඇත. තවමත් මුළුමනින් ම යට වී නැතත් අද වන විට අපි ඉතා වැඩි දෙනෙක්‌ සංස්‌කෘතියෙන් ක්‍රිස්‌තියානි වෙමු. ගිය සතියේ අප කී පරිදි මිනිසුන් ගේ සිරුරුවලට අවශ්‍ය වන්නේ ඉන්ද්‍රිය පිනවීම මිස එසේ පිනවීම ඇති කැමැත්ත තැවීම නො වේ. මිනිසුන් ගේ සිරුරුවලට අවශ්‍ය වීම යන්නෙන් අදහස්‌ වන්නේ පංචෙන්ද්‍රියන්ට අවශ්‍ය වීම පමණක්‌ නො වේ. පංචෙන්ද්‍රියන්ට යමක්‌ අවශ්‍ය වන්නේ මනස නමැති ඉන්ද්‍රිය ඒ සඳහා කැමැත්තක්‌ දක්‌වන බැවිනි.

අප කලින් පෙන්වා දී ඇති පරිදි ඇස කණ ආදී අවයව ඉන්ද්‍රිsය බවට පත්වන්නේ ඒ අවයව මනස සම`ග බැඳීමෙනි. එබැවින් සිරුරට අවශ්‍ය වීම යනු අවසාන විග්‍රහයෙහි දී මනසට අවශ්‍ය වීම මිස අනෙකක්‌ නො වේ. අපේ හෙළ බෞද්ධ සංස්‌කෘතියෙන් මෙන් ම සිංහල බෞද්ධ සංස්‌කෘතියෙන් ද කෙරුණේ මනසට තහංචි දැමීම ය. සියල්ලට ම වඩා මනස ප්‍රධාන යෑයි බුදුන් වහන්සේ වදාළ හ. පන්සිල් කිනම් සංස්‌කෘතියක උපත ලැබිණ ද, පෙහෙවස්‌ සමාදම් වීම්, භාවනා කිරීම් ආදියෙන් කෙරුණේ මනස පාලනය කිරීම ය.

එහෙත් එය එක්‌තරා ආකාරයකින් ගත හොත් ස්‌වාභාවික නො වේ. ස්‌වාභාවිකත්වය යනු මනසට රිසි පරිදි ක්‍රියා කිරීමට ඉඩ දීම ය. ඇස පිනවීම යනු මනසේ ආධාරය ඇතිව ඇස නැමැති ඉන්ද්‍රියට නොයෙකුත් රූප කෙරෙහි ඇල්මක්‌ දැක්‌වීම ය. අනෙක්‌ ඉන්ද්‍රිssය පිනවීම් ගැන ද එසේ දත යුතු ය. මේ ඉන්ද්‍රියයන් පිනවීමෙන් ඈත් වීමට බෞද්ධ සංස්‌කෘතියෙන් අනුබල ලැබෙන්නේ නිවන අරමුණු කරගෙන ය. මිනිසුන් අපරාධ කරන්නේ නිවන අරමුණු කරගෙන නො ව නිවනට පිටුපාමින් ය. කසිකබල් මාක්‌ස්‌වාදීන්ට, පශ්චාත් මාක්‌ස්‌වාදීන්ට, පශ්චාත් නූතනවාදීන්ට ආදීන්ට ඒ බව නො තේරෙන්නේ ඔවුන් අදහන විශ්වාස කරන මතවාද (ඒ ඇදහීමක්‌ මිස අන් කිසිවක්‌ නො වේ) විsසින් ඔවුන් ඒ ස්‌ථාවරවලට ඇද දමනු ලැබ ඇති නිසා ය.

ඇස පිනවීමට අපේ මනස අප යොමු කරද්දී එයට පිටුපෑමට නම් අපට යම් කිසිවකු ගේ යම් කිසිවක ගේ ඉගැන්වීමක්‌ ආධාරයක්‌ අවශ්‍ය වෙයි. බෞද්ධ සංස්‌කෘතිය විසින් කෙරුණේ එයයි. බුදුදහම අපට බුදුන්වහන්සේ ගේ කාලයේ සිට ම ලැබුණ ද දේවානම්පිය තිස්‌ස රජු සමයේ ලැබුණ ද අපට බෞද්ධ සංස්‌කෘතියෙන් උගන්වනු ලැබූයේ ඉන්ද්‍රිය පිනවීමට නො ව ඉන්ද්‍රිය පිනවීම තැවීමට ය. බොහෝ විට යක්‍ෂ ගෝත්‍රිකයන් හා මෙරට විසූ විවිධ ගෝත්‍රිකයන් ද ඉන්ද්‍රිය පිනවීමට එතරම් නැඹුරුවක්‌ නැති ව සිටියේ යෑයි විශ්වාස කළ හැකි ය.

මහාවිහාරය බලවත් වීමෙන් පසු ඉන්ද්‍රිය පිනවීමට තව තවත් තහංචි පැනවි ඇති බව පෙනී යයි. ථෙරවාදී බුදුදහම මාධ්‍යමිකයන් ගේ විවේචන හමුවෙහි භාරතයේ අසරණවත් ම ලංකාවේ මහාවිහාරයෙහි හා ආන්ද්‍ර ප්‍රද්ශයෙහි භික්‍ෂූන් වහන්සේ එකතු වී ථෙරවාදය ආරක්‍ෂා කිරීමට ගත් පියවර අතර සිංහ ගෝත්‍රය බලවත් කිරීමත් අනෙක්‌ ගෝත්‍රිකයන් විශේෂයෙන් ම යක්‍ෂ ගෝත්‍රය පහතට දැමීමත් අභයගිරියෙහි ඉඩකඩ වෙන් වූ ථෙරවාද නො වන වෙනත් බෞද්ධ ගුරුකුලවලට තහංචි පැනවීමත් විය. රාමායණය, මහාභාරතය ආදී කෘති කියවීම අගෞරවයට පාත්‍ර කෙරුණු අතර භික්‍ෂූන් වහන්සේ ජ්‍යෙතිෂය, වෛද්‍යකර්මය ආදියෙහි නිරත වීම ද හෙළා දකිනු ලැබිණි.

ඒ හේතුවෙන් අපේ නිර්මාණශීලිත්වය මොට වී ගිය ද සිංහල බෞද්ධයෝ ඉන්ද්‍රිය පිනවීමෙන් තවත් ඈතට ගෙන යනු ලැබූ හ. අඩු වැඩි වශයෙන් අනුරාධපුර යුගයේ අවසන් භාගය වන විට මෙරට සිංහල බෞද්ධ සංස්‌කෘතිය ගොඩනැ`ගී තිබිණි. මහාවිහාර භික්‍ෂූන් වහන්සේ එහි නියමුවෝ වූ හ. අපේ පිරිවෙන්වල උගන්වනු ලැබූයේ මහාවිහාර සම්ප්‍රදාය ය. මහාවිහාර ථෙරවාදය විසින් සිංහල බෞද්ධ ජනජීවිතය හැඩගස්‌වනු ලැබිණි. සියමට හෙවත් තායිලන්තයටත් මියන්මාරයට හෙවත් බුරුමයටත් ගෙන යනු ලැබුයේ මේ සම්ප්‍රදාය ය. අද ඒ රටවල පමණක්‌ නො ව ලාඕසයේ හා කාම්බෝජයේ ද, චීනයේ ඇතැම් ප්‍රදේශයක ද ඇත්තේ මේ මහාවිහාර සම්ප්‍රදාය ය.

පසු කලෙක නුවර යුගයේ දී අසරණ සරණ සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේ ගේ මූලිකත්වයෙන් සියමෙන් මෙරටට ගෙනෙනු ලැබූ උපසම්පදාවත් සමග නැවත මෙරට තහවුරු වූයේ අනුරාධපුර යුගයේ බලයට පත් වූ මහාවිහාර සම්ප්‍රදාය හා ථෙරවාදය ය. පරමධම්ම චෙතිය පිරිවෙණ්‌ ද පසුව විෙද්‍යාදය හා විද්‍යාලංකාර පිරිවෙණ්‌ ද එකී මහාවිහාර ථෙරවාදී සම්ප්‍රදායෙහි ස්‌ථාපිත කෙරිණි. මේ සම්ප්‍රදායට සිංහල බෞද්ධයන් ගෙන් අභිsයෝග නො තිබුණා නො වේ.

එහි දී කැපී පෙනුණු බුද්ධිමතකු වූයේ කුමාරතුංග මුනිදාස මහාතා ය. කුමාරතුංග මුනිදාස මහතා අනුරාධපුර යුගයේ මැද භාගයෙන් පමණ පසු මෙරට බිහි වූ ශේ්‍රෂ්ඨතම බුද්ධිමතා බව කිසිදු පැකිළීමකින් තොර ව කිව හැකි ය. ඒ බව වසර කිහිපයකට පෙර ද ඒ මහතා අනුස්‌මරණය කෙරුණු සම්මන්ත්‍රණයක දී මා පවසා ඇත. එහෙත් ඒ මහතා බුදුදහමට නො ව සිංහල භාෂාවට සේවය කිරීම තම අරමුණ කරගත් බැවින් හා සිංහල බෞද්ධ සංස්‌කෘතියෙන් හෙළ සංස්‌කෘතියට මිස හෙළ බෞද්ධ සංස්‌කෘතියට මාරු වීමට තරම් අවශ්‍ය දත්ත ඒ මහතාට නො තිබූ බැවින් එතුමා ගේ මත සමාජය මෙන්ම උගතුන් විසින් ද නො සලකා හරිනු ලැබිණි. එතුමාට ලංකා විශ්වවිද්‍යාලයෙන් වත් එයට පෙර තිබූ විශ්වවිද්‍යාල ආයතනයෙන් වත් නිසි තැන නො ලැබිණි.

කුමාරතුංග මහතා ප්‍රමුඛ අතළොස්‌සක ගේ විවේචන හමුවේ වුව ද විෙද්‍යාදය හා විද්‍යාලංකාර ප්‍රධාන පිරිවෙන්වලට හා එයින් බිහි කෙරුණු භික්‍ෂූන්වහන්සේට මහාවිහාර ථෙරවාද සම්ප්‍රදාය

රැකගත හැකි වූ අතර සිංහල බෞද්ධයෝ ඉන්ද්‍රිය පිනවීම තැවීමට උන්වහන්සේ ගේ නායකත්වයෙන් දිගට ම යොමු වූ හ. සිංහල බෞද්ධයෝ පොදුවේ ගත් කල බටහිරයන් අනුකරණය නො කළ හ. මේ තත්ත්වය වෙනස්‌ වීමට පටන් ගත්තේ ඉංගිරිසින් ඔවුන් ගේ උසස්‌ අධ්‍යාපනය මෙරටට හඳුන්වා දීමෙන් පසුව ය.

පෘතුගීසි සමයේ බටහිsර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය මෙරටට හඳුන්වා දෙනු ලැබූ නමුත් මෙරට වෙහෙර විහාරවලට ඔවුන් පහර දුන් නමුත් ඔවුන් ගේ ඉන්ද්‍රිය පිනවන පෞද්ගලිකත්වය මුල් කරගත් සංස්‌කෘතිය රටපුරා පැතිsර නො ගියේ ය. ලන්දේසීන් මෙරට ඔවුන් ගේ පාසල් පිහිටුවීමෙන් ද අපේ සංස්‌කෘතිය වෙනස්‌ කිරීමට කටයුතු තළ නමුත් එය ද සාර්ථක නො වී ය. ඉංගිරිසිහු ඔවුන් ගේ පාසල් මෙරට පිහිටුවීමට කටයුතු කළා පමණක්‌ නො ව ඊනියා උසස්‌ අධ්‍යාපනයක්‌ ද හඳුන්වා දුන් හ. අපේ පරිහානිය ඇරඹුණේ ඉන් පසුව ය.

මෙරට සියවස්‌ කිහිපයක්‌ තිස්‌සේ විඤ්න් වූයේ භික්‍ෂූන් වහන්සේ ය. එහෙත් ඉංගිරිසි උසස්‌ අධ්‍යාපනය හඳුන්වා දීමෙන් පසුව ඒ තත්ත්වය ක්‍රමයෙන් නැති වීමට පටන්ගත්තේ ය. ඉංගිරිසි උගත් ඊනියා විඤ්න් පිරිසක්‌ අප මත පටවනු ලැබූ හ. මෙරට සංස්‌කෘතියෙන් යම් පමණකට වියෝ කරනු ලැබූ මේ උගත්තු ක්‍රමයෙන් භික්‍ෂූන් වහන්සේ ඉවත් කර ඊනියා විඤ්න් බවට පත් වූ හ. එහෙත් එයට දශක ගණනාවක්‌ ගත වූයේ ය.

විෙද්‍යාදය හා විද්‍යාලංකාර පිරිවෙන් පිහිටුවනු ලැබූ දහ නව වැනි සියවස අගභාගයේ දී ම වෛද්‍ය විද්‍යාලය, නීති විද්‍යාලය හා කාර්මික විද්‍යාලය පිහිටුවනු ලැබිණි. මේ හේතුවෙන් මෙරට ඊනියා වෘත්තික පෙළැන්තියක්‌ ඇති කිරීමට පියවර ගැනිණි. අද ද වෛද්‍යවරු, ඉංජිනේරුවෝ හා නීතිඥයෝ මෙරට ප්‍රධාන බටහිsර වෘත්තිකයෝ වෙති. මුල දී ම බටහිsර විද්‍යාඥයන් බිහි කිරීමේ අවශ්‍යතාවක්‌ ඉංගිරිසින්ට නො වී ය. එහෙත් මෙරට කිසි දිනෙක හරිහමන් බටහිssර විද්‍යාඥයන් බිහි නො වීමට හේතුව එය නො ව බටහිර විද්‍යාවේ චින්තනය අප රටට ආගන්තුක වීම ය.

ක්‍රමයෙන් ඉංගිරිසි යටත්විජිත ආණ්‌ඩුවේ අනුග්‍රහය හා ආශිර්වාදය ලත් බටහිssර වෛද්‍යවරු මෙරට පාරම්පරික වෙදවරුන් නො වැදගත් පිරිසක්‌ බවට පත් කිරීමට සමත් වූ හ. එයට අමතර ව ඉන්දීය ගැති මානසිකත්වයක්‌ සහිත ඇතැම් සිංහල බෞද්ධයෝ සංගීතය හා ආයුර්වේදය ඉන්දියාවෙන් ලබාගැනීමට කටයුතු කළ හ. යටත්විජිත සමයේ ප්‍රතිඵලයක්‌ ලෙස අවාසනාවකට මතු වූයේ හෙළ බෞද්ධ යටත්විජිත විරෝධී ව්‍යපාරයක්‌ නො ව සිංහල බෞද්ධ යටත්විජිත විරෝධී ව්‍යාපාරයකි. මෙය ගැඹුරින් පසුව විස්‌තර කළ යුත්තකි.

සිංහල බෞද්ධ මනස තිබුණේ යම් ප්‍රමාණයක අධ්‍යාපනයක්‌ ලැබූ උගතුන් අතර ය. සිංහල බෞද්ධ මනස අඩු වැඩි වශයෙන් ඉන්දීය ගැති විය. එය අනුරාධපුර අගභාගයේ සිට පැවත එන්නකි. හෙළ බෞද්ධ මනස දැකගත හැකි වූයේ ගැමියන් අතර ය. හෙළ බෞද්ධ ගැමියන් අතර සිංහල පාරම්පරික වෙදකම ශක්‌තිමත් ව පැවතිණි. ආයුර්වේදය හා බටහිර වෙදකම නාගරිකයන් හා උගතුන් අතර පැතිරිණි.

හෙළ සංගීතයක්‌ හෙළ බෞද්ධයන් අතර පැවතිණි. එහෙත් එයට ඉංගිරිසින් ගේ අනුග්‍රහයක්‌ නො ලැබිණි. උගත් සිංහල බෞද්ධයෝ මහාවිහාර ථෙරවාද සම්ප්‍රදායෙහි පිහිටියෝ සංගීතය ගැන එතරම් උනන්දුවක්‌ නො දැක්‌වූ හ. එබැවින් සිංහල සංගීතයක්‌ ගැන මුල දී උනන්දුවක්‌ දැක්‌වූයේ කතෝලික හා ක්‍රිස්‌තියානි සිංහලයන් ය. පළමුවෙන් සංගීතය ඉගෙනීමට ඉන්දියාවට ගිsයෝ සිංහල කතෝලිකයෝ හා ඉංගිරිසිහු වූ හ.

ඒ කුමක්‌ වුවත් භික්‌ෂුන් වහන්සේ ක්‍රමයෙන් සමාජයේ විඤ්න් ගේ තත්ත්වයෙන් ඉවත් කරනු ලැබු හ. හෙළ බෞද්ධ සංස්‌කෘතියේ වැදගත් ම අංගය වූයේ වෙදකම හා ගොවිකම ය. මහාවිහාර සම්ප්‍රදාය කුමක්‌ වුවත් මෙරට භික්‌ෂුන් වහන්සේ වෙදකමෙන් ඉවත් නො වූ හ. සංගීතය කෙසේ වෙතත් කලා ශිල්පවලින් ද ඉවත් නො වූ හ. භික්‌ෂුන් වහන්සේ අතර ගායකයන් හා වාදකයන් නොමැති වුවත් අද ගීත රචකයන් වහන්සේ දැකිය හැකි ය. මේ හෙළ බෞද්ධ සම්ප්‍රදාය ය.

එහෙත් පාරම්පරික වෙදකමට පහර වැදෙත් ම භික්‌ෂුන් වහන්සේ ගේ විඤ්න් භාවය ද අභියෝගයට ලක්‌ විය. තත්ත්වය වඩාත් නරක අතට හැරුණේ සිංහල බෞද්ධයන් ශාස්‌ත්‍රීය අධ්‍යාපනය සඳහා එංගලන්තයට හා ඉන්දියාවට යැම ඇරඹීමත් සමග ය. ගිහි උගතුන් පැරැණි යුගවල ද සිටි නමුත් ශාස්‌ත්‍රීය අධ්‍යපනයේ නායකත්වය තිබුණේ භික්‌ෂුන් වහන්සේ අත ය. ඉංගිරිසි අධ්‍යාපනය ප්‍රචලිත වීමත් සමග ගිහි සිංහල බෞද්ධ උගත්තු පෙරට පැමිණිය හ.

එසේ වුවත් විෙද්‍යාදය හා විද්‍යාලංකාර පිරිවෙන් ප්‍රධාන කොටගත් පිරිවෙන් පද්ධතියට මහාවිහාර සම්ප්‍රදායේ උගත් භික්‌ෂුන් වහන්සේ පරපුරක්‌ සන්තතික ව බිහි කිරීමේ හැකියාව විය. යටත්විජිත යුගයේ සියලු බාධක මධ්‍යයේ භික්‌ෂුන් වහන්සේ මෙරට විඤ්න් වහන්සේ වූ හ. විශේෂයෙන් ම හෙළ බෞද්ධ ගැමියන් ගේ විඤ්න් වූයේ භික්‌ෂුන් වහන්සේ ය. උන්වහන්සේට මෙරට බෞද්ධයන් පවු තැවීමේ ම`ගට යොමු කර ඉන්ද්‍රිය පිනවීමෙන් ගලවා ගැනීමට හැකි විය.

නලින් ද සිල්වා