logo3.gif (702 bytes)

HOME


ඉන්ද්‍රිය ගෝචර ලෝකය

සම්භාව්‍ය භෞතිකයේ දී අප කතා කරන්නේ අංශූ (වස්‌තු) හා තරංග ගැන ය. අංශු හා වස්‌තු සන්තතික මෙන් ම අසන්තතික චලනයෙහි යෙදෙයි. එහි කෙටි විස්‌තරයක්‌ පසුගිය කලාපයෙහි අපේ ප්‍රවාද යටතේ පළ විය. අංශු, අංශු ලෙස ගත හොත් අසන්තතික වෙයි. දෘඪ වස්‌තු නිර්මාණය වී ඇත්තේ අංශුවලින් ය. දෘඪ වස්‌තුවක්‌ ද තරලයක්‌ මෙන් ම අදාළ ප්‍රදේශයෙහි සන්තතික ලෙස සැලකිය හැකි ය. එහෙත් දෘඪ වස්‌තුවක පරිමාව වෙනස්‌ නො වේ. මෙහි දී උෂ්ණත්වය සමග වස්‌තුවේ පරිමාව වෙනස්‌ වීම සලකා නො බැලෙන බව නැවතත් කිව යුතු ය. දෙන ලද ස්‌කන්ධයක්‌ ඇති දෘඪ වස්‌තුවක පරිමාව වෙනස්‌ නො වේ. එනම් එහි ඝනත්වය වෙනස්‌ නො වේ. එහෙත් තරලයක එසේ නො වේ. එක ම උෂ්ණත්වයක දී වුව ද දෙන ලද ස්‌කන්ධයක්‌ ඇති තරලයක චලනයත් සමග පරිමාව හා ඝනත්වය වෙනස්‌ විය හැකි ය.

තරංගයක්‌ යනු කුමක්‌ ද? දෙපැත්ත ගැටගසන ලද තන්තුවක්‌, එනම් දෙකෙළවර ගැට ගසන ලද තන්තුවක්‌ එහි වෙනත් ලCෂ්‍යයකින් ඇද නිදහස්‌ කළ හොත් වස්‌තුව කම්පනය වනු අපට දැකගත හැකි ය. අපට ඒ කම්පන තරංග අයුරින් දැකගත හැකි ය. මෙහි දී සිදු වන්නේ ඒ ඒ ලCෂ්‍යය එහි යම් කිසි මධ්‍යන්‍යයක්‌ වටා යම් දෝලන ඇති කිරීම ය. තන්තුවේ ලCෂ්‍ය විසින් එලෙස ඇති කෙරෙන දෝලන සමස්‌තයක්‌ ලෙස ගත් කල අපට තරංගයක්‌ ලෙස දර්ශනය වන්නේ යෑයි අපි කියමු.

වැවක හෝ එවැනි ජලාශයක හෝ තරංග ඇති වන්නේ ද ජලාශයේ ජල අංශු යම් මධ්‍යන්‍යයක්‌ වටා දෝලන ඇති කිරීමෙන් ය. ජලාශයකට කුඩා ගල්කැටයක්‌ අතහැරිය හොත් ගල්කැටය ජලාශය හමු වන ලCෂ්‍යයෙහි ඇති ජල අංශුව සිරස්‌ව පහතට චලනය වෙයි. එහෙත් එසේ වන්නේ අසල ඇති ජල අංශු ද පහතට ඇද ගනිමිනි. ඒ සියලු ජල අංශු සිරස්‌ව පහතටත් ඉන්පසු උඩටත් ආදී වශයෙන් දෝලනය වෙයි. එහෙත් ඒ ඒ අංශුවට වෙනස්‌ චලිත වෙයි. යම්කිසි අයුරකින් අංශු සියල්ල එක්‌වර එක ම ආකාරයෙන් සිරස්‌ව දෝලනය වුව හොත් එවිට තරංගයක්‌ දැකගත හැකි නො වේ. එවිට දැකගත හැකි වන්නේ තරලය සමස්‌තයක්‌ ලෙස එක්‌ විට උඩට හෝ පහතට හෝ චලනය වීමකි.

අපට තරංගයක්‌ දැකගත හැකි වන්නේ තරලයෙහි හෝ තන්තුවෙහි හෝ අංශු එක ම ආකාරයෙන් දෝලනය නො වීම හේතු කොටගෙන ය. තරලයක නම් එක්‌ අංශුවක්‌ උඩට චලනය වන විට තවත් අංශුවක්‌ පහතට චලනය වෙයි. මේ වෙනස වැදගත් වන අතර තරංගයක්‌ නිර්මාණය කිරීම ඒ නිසා සිදු වෙයි. මෙහි දී තවත් වැදගත් කරුණක්‌ වනුයේ අප සමස්‌තය ම නිරීක්‍ෂණය කිරීම ය. අප විසින් නිරීක්‍ෂණය කෙරෙනුයේ සමස්‌ත තන්තුව හෝ සමස්‌ත (අඩු ම තරමෙන් යම් ප්‍රදේශයක) තරලය හෝ මිස තන්තුවේ හෝ තරලයේ හෝ ඒ ඒ අංශුව නො වේ.

තරංග ඇති වන්නේ සන්තතික වස්‌තුවල ය. තනි තනි අංශු පමණක්‌ නිරික්‍ෂණය කළ හොත් තරංග දැකගත නො හැකි ය. අපට යම්කිසි අයුරකින් සමස්‌තය නිරීක්‍ෂණය කළ නොහැකි වී නම් අපට තරංග නැත. එනම් අපට නිරීක්‍ෂණය කළ හැකි වන්නේ තනි තනි අංශු පමණක්‌ නම් අපට තරංග නො පෙනෙයි. මෙයින් පැහැදිලි වන කරුණක්‌ නම් අපට නිරීක්‍ෂණය වන දේ අපේ ඉන්ද්‍රියවලට සාපේක්‍ෂ බව ය.

දැන් අපි මෙවැනි ප්‍රශ්නයක්‌ අසමු. තන්තු කම්පනය වන්නේ තරංග ලෙස ද? එසේත් නැත්නම් අංශු ලෙස ද? අප තරල අංශු හෝ තන්තු අංශු හෝ දැක නැත. එසේ නම් මෙවැනි ප්‍රශ්නයක්‌ ඇසීමට ඇති පදනම කුමක්‌ ද? අප නිරීක්‍ෂණය කරන්නේ තරංගය. තරල අංශුවක්‌ හෝ තන්තු අංශුවක්‌ හෝ කෙළවර වන්නේ කොතැනින් දැයි අපි නො දනිමු. අංශුවක්‌ ඊළඟ අංශුව සමග සම්බන්ධ වන්නේ කෙසේ දැයි අපි නො දනිමු. ප්‍රත්‍යක්‍ෂ වශයෙන් අංශු දැක නැති අපට අංශු ගැන ඇත්තේ ඉතා ම සෛද්ධාන්තික දැනුමක්‌ පමණ ය.

අප දකින්නේ තරංග ය. අප එසේ තරංග, එසේත් නැත හොත් අප විසින් තරංග ලෙස හඳුනාගන්න, නිරීක්‍ෂණය කරන නමුත් අප ඒ තේරුම් ගන්නේ අප නිරීක්‍ෂණය කර නොමැති අංශුවලිනි. අප ප්‍රවාදයක්‌ ගොඩන`ගා ඇත්තේ අංශු ඇසුරෙනි. එසේ වූ විට ඇත්තේ තරංග ද එසේත් නැත්නම් අංශු ද යනුවෙන් ප්‍රශ්නයක්‌ ඇසීම කෙතරම් දුරට යුක්‌තියුක්‌ත කළ හැකි ද? තරංග ඇසුරෙන් අපට අංශු පිළිබඳ ප්‍රවාදයක්‌ ගොඩනැ`ගිය හැකි ද? එනම් අංශු තරංගවලින් තේරුම් ගත හැකි ද?

ඇතැමුන් පවසන යථාර්ථය අංශු ද තරංග ද? අපට යථාර්ථවාදීන් කියන ආකාරයට දෘෂ්‍යමානය යථාර්ථය නො වේ. කාල් මාක්‌ස්‌ ගේ සුප්‍රසිද්ධ කියමනකට අනුව දෘෂ්‍යමානය යථාර්ථය නම් අපට විද්‍යාවක්‌ අවශ්‍ය නො වේ. තරංග දෘෂ්‍යමානය වූ පමණින් ඊනියා යථාර්ථවාදීන්ට අනුව එය යථාර්ථය නො වේ. තරංග තේරුම් ගැනීම සඳහා ප්‍රවාදයක්‌ ඇත්තේ අංශු ඇසුරෙන් ය. අපට අංශු යථාර්ථය ලෙස සැලකීමේ බාධාවක්‌ නැත. අංශු ඇතැයි උපකල්පනය කරමින් ඒ මත පදනම් වෙමින් අපට තරංග තේරුම් ගත හැකි ය. එසේ නම්, ඒ පැහැදිලි කිරීම අනුව තරංග නො ව යථාර්ථය වනුයේ අංශු ය.

මෙයින් පැහැදිලි වන්නේ බටහිර විද්‍යාවේ ප්‍රවාද ගොඩනැ`ගීමේ දී සිදුවන කාර්ය ය. බටහිර විද්‍යාවේ ප්‍රවාද යනු කතන්දර හා කතන්දර පමණකි. අනෙක්‌ අතට නිරීක්‍ෂණ යනු ද අපේ ඉන්ද්‍රියවලට සාපේක්‍ෂ වූ දේ ය. ඉන්ද්‍රියවලට සාපේක්‍ෂ වීම යනුවෙන් කියෑවෙන්නේ වෙනත් ඉන්ද්‍රිය තිබිණි නම් අපට වෙනත් දේ නිරීක්‍ෂණය වීමට තිබුණු බව ය. එයින් අදහස්‌ වන්නේ ඉන්ද්‍රියවලින් ස්‌වායත්ත වූ ඊනියා යථාර්ථයක්‌ ඉන්ද්‍රියවලට සාපේක්‍ෂව ඒ ඒ ආකාරයට නිරීක්‍ෂණය වන බව නො වේ. ඒ කෙසේ නමුත් ඊනියා යථාර්ථවාදීහු ඉන්ද්‍රියවලට සාපේක්‍ෂ නො වූ යථාර්ථයක්‌ ගැන විශ්වාස කරති.

එහෙත් එය විශ්වාසයක්‌ හා විශ්වාසයක්‌ ම පමණකි. බටහිර විද්‍යාවේ ප්‍රවාද හෙවත් කතන්දර හුදු කතන්දර පමණකි. මේ කතන්දරවලින් ලබාගන්නා ඇතැම් කරුණු නිරීක්‍ෂණ හා වෙනත් කතන්දර සමග සංගත වෙයි. එසේ සංගත වන තාක්‌ බටහිර විද්‍යාවට ඒ කතන්දර විශ්වාස කිරීමේ ප්‍රශ්නයක්‌ පැන නො න`ගී. ඇතැම් අවස්‌ථාවල සංගත නො වුණ ද ප්‍රශ්න පැන නො න`ගී. අවශ්‍ය වනුයේ සීමිත ක්‍ෂෙත්‍රයක යොදාගත හැකි කතන්දරයක්‌ පමණකි.

ප්‍රවාද පමණක්‌ නො ව ප්‍රත්‍යක්‍ෂ වුව ද අපේ නිර්මාණ ය. ප්‍රත්‍යක්‍ෂ යනු අන් කිසිවක්‌ නො ව අපේ පංචෙන්ද්‍රියවලට හා මනසට සාපේක්‍ෂව පංචෙන්ද්‍රියවල ආධාරයෙන් මනස විසින් නිර්මාණය කෙරෙන සංකල්ප වෙයි. ප්‍රත්‍යක්‍ෂ ද ඊනියා යථාර්ථය නො වේ. තරංග යනුවෙන් අප විසින් හඳුන්වනු ලබන්නේ ජලාශයක හෝ තන්තුවක හෝ පංචෙන්ද්‍රියවල ආධාරයෙන් මනස විසින් නිර්මාණය කෙරී ඇති රටා ය. අපට වෙනත් ඉන්ද්‍රිය තිබිණි නම් මනස විසින් කිනම් රටා නිර්මාණය කෙරීමට තිබිණි දැයි අපි නො දනිමු.

ඉන්ද්‍රිය ගෝචර ලෝකය යනු ඉන්ද්‍රියවලට ගෝචර වන ලෝකයක්‌ නො ව ඉන්ද්‍රියවල ආධාරයෙන් මනස විසින් නිර්මාණය කෙරෙන ලෝකයකි. එහි දී වන එක ම කාර්යය ඊනියා ලෝකයක්‌ නිර්මාණය කිරීම ය. අප සන්තතික, අසන්තතික යනුවෙන් හඳුන්වන්නේ අපේ ඉන්ද්‍රියවලින් සීමා කෙරෙන වස්‌තු ය. අපට යම් පරාසයක මේස පෘෂ්ඨයක්‌ සන්තතික ලෙස දැනෙයි. එනම් මේස පෘෂ්ඨයෙහි අපේ ඇස්‌වලට හිඩැස්‌ මුණ නො ගැසෙයි. එසේ ම අපේ අත්වලට මේස පෘෂ්ඨයෙහි එවැනි හිඩැස්‌ කාණු ආදිය නො දැනෙයි.

ඇතැම් විට අපට මේස පෘෂ්ඨය රළු හෝ සුමුදු හෝ ලෙස දැනෙනු ඇත. එහෙත් ඒ වෙනස සන්තතික හෝ අසන්තතික හෝ වෙනසක්‌ ලෙස නො දැනෙයි. සුමුදු යනුවෙන් කියෑවෙන්නේ මේස පෘෂ්ඨය මත කුඩා කඳු ගැට වැනි දේ ඉතා අඩු බව ය. එලෙස ගත් විට සුමුදු පාෂ්ඨයක සන්තතික බව වැඩි යෑයි කෙනකුට කිව හැකි ය. ඒ කෙසේ වෙතත් රළු පෘෂ්ඨ මෙන් ම සුමුදු පෘෂ්ඨ ද අපේ ඉන්ද්‍රියවලට සාපේක්‍ෂව සන්තතික පෘෂ්ඨ ලෙස මනස විසින් හඳුනාගනු ලැබෙයි.

යම් අයුරකින් අපේ ඇස්‌ ඉතා තියුණු මට්‌ටමකට වර්ධනය වී අපට මේස පෘෂ්ඨයෙහි ඇති කුඩා සිදුරු වැනි දේ නිරීක්‍ෂණය කිරීමට හැකි විණි යෑයි සිතමු. එවිට අපට මේස පෘෂ්ඨය දර්ශනය වනුයේ අසන්තතික පෘෂ්ඨයක්‌ ලෙස ය. මෙයින් පැහැදිලි වනුයේ ඇතැම් ඇස්‌වලට අසන්තතික පෘෂ්ඨ ලෙස දර්ශනය වන පෘෂ්ඨ වෙනත් ඇස්‌වලට සාපේක්‍ෂ ව සන්තතික පෘෂ්ඨ ලෙස දර්ශනය වීමට හැකි බව ය.

සම්භාව්‍ය භෞතිකයෙහි, එනම් විශේෂ හා සාධාරණ සාපේක්‍ෂතා ප්‍රවාද ද ඇතුළත් භෞතිකයෙහි අවකාශය හා කාලය සන්තතික ලෙස සැලකෙයි. එහි අංශුවක්‌, වස්‌තුවක්‌ හෝ තරංගයක්‌ හෝ වෙනත් යමක්‌ හෝ එක්‌ ලCෂ්‍යයක සිට තවත් ලCෂ්‍යයක්‌ කරා අසන්තතික ව චලනය නො වෙයි. අංශුව හෝ වස්‌තුව හෝ තරංගය හෝ එක්‌ ලCෂ්‍යයක සිට තවත් ලCෂ්‍යයක්‌ කරා චලනය වන්නේ ආසන්න ලCෂ්‍ය පසු කරමිනි. එසේ නොමැති ව ආසන්න ලCෂ්‍ය ම`ගහරිමින් සිදු කෙරෙන චලිත එහි දී නිරීක්‍ෂණය නො කෙරෙයි.

එසේ වන්නේ එය ඊනියා යථාර්ථය නිසා ද? අපට අංශු, වස්‌තු, තරංග හැරෙන්නට වෙනත් දෙයක්‌ ගැන කිව නොහැක්‌කේ ඇයි? මෙහි දී ද අපට දක්‌නට ලැබෙන්නේ වස්‌තු හා තරංග ය. තරංග වුව ද ඇති වන්නේ ජලාශ, තන්තු වැනි වස්‌තුවල ය. වස්‌තු යම් පරාසයක දී එක්‌කෝ සන්තතික වෙයි. නැත්නම් අසන්තතික වෙයි. මුළු ලෝකය ම එක්‌කෝ සන්තතික ද? නැත්නම් අසන්තතික ද? සමගාමීව සන්තතික හා අසන්තතික වූ ලෝක පැවතිය හැකි ද? එසේත් නැත්නම් සමගාමීව සන්තතික හා අසන්තතික ලෙස ලෝකය පෙන්නුම් කරන, එලෙස නිර්මාණය කෙරෙන ඉන්ද්‍රිය තිබිය හැකි ද?

එයටත් වඩා ලෝකය සන්තතික හෝ අසන්තතික හෝ නො වන්නේ ද? මෙයින් කියෑවෙන්නේ ලෝකය සන්තතික හෝ අසන්තතික හෝ නො වීමක්‌ නො ව ඇතැම් ඉන්ද්‍රියවලට සාපේක්‍ෂව සන්තතික හෝ අසන්තතික හෝ නො වන ලෝකයක්‌ නිර්මාණය කරගත හැකි බව ද? ලෝක නිර්මාණය නිරීක්‍ෂකයන් ගේ කාර්යයක්‌ මිස දෙවියන් වහන්සේ කෙනකු ගේ කැමැත්ත පරිදි සිදු වන ක්‍රියාවක්‌ නො නො වෙයි.

නිරීක්‍ෂකයා ලෝකය නිර්මාණය කරන්නේ තම ඉන්ද්‍රියවලට හා මනසට සාපේක්‍ෂව ය. එසේ නොමැති ව නිරීක්‍ෂකයා මනස ද ඇතුළු ඉන්ද්‍රියවලින් ස්‌වායත්ත ව ඇති ලෝකයක්‌ තම ඉන්ද්‍රියවලට ගෝචර කරගන්නවා නො වේ. ඇතැම් නිරීක්‍ෂණ එක්‌ ආකාරයකටත් වෙනත් නිරීක්‍ෂණ වෙනත් ආකාරයකටත් ගෝචර කරගැනීමට නිරීක්‍ෂකයන්ට සිදු වේ ද? සම්භාව්‍ය භෞතිකය හා ක්‌වොන්ටම් භෞතිකය අතර ඇති වෙනස කුමක්‌ ද?

නලින් ද සිල්වා