|
ප්‍රේක්ෂකයා
වල්මත් කරවන තොරතුරු සුනාමිය
රූපවාහිනිය
වර්තමානයේ අපේ ප්‍රධාන තොරතුරු සපයන්නා හා පුවත් මවන්නා බවට පත් ව තිබේ.
ප්‍රධාන කොට ම එය අපට අප පිළිබඳව මෙන්ම අවට ලෝකය පිළිබඳව ද හැදැරීමට කවුළු විවර
කර තිබේ. රූපවාහිනිය නැරඹීම වූ කලී, තොරතුරු ලබාගැනීමේ පහසුතම වූත් ආයාසකාරී නො
වූත් ක්‍රියාවක් ද වෙයි. එසේ ම රූපමය මාධ්‍ය සතු වන බලය හේතුවෙන් ප්‍රේක්ෂක
මනසෙහි තොරතුරු ප්‍රබල ලෙසින් අවධාරණය කරන්නට ද එකී චලන රූපමය භාවිතයන් සමත්
වෙයි.
......................................................................................
මාකන්දාව රක්ෂිතය
වනසමින්
කිතුල්ගල සිට වන රක්ෂිතය හරහා
පල්ලෙබාගෙට මාර්ගයක් ඉදි කෙරේ

දැව ජාවාරම්කරුවන් ගේ අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා තව දින
කිහිපයකින් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත ව ඇත. කිලෝමීටර
දෙකකින් යුත් මේ මාර්ගය රක්ෂිත වනාන්තරයේ දිය පහරවල් හරහා පාලම් හා බෝක්කු 4
කින් සමන්විත ව ඉදි කිරීමට රුපියල් ලක්ෂ 169ක මුදලක් මේ සඳහා ඇස්තමේන්තු කර
තිබේ.
|