logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 

වෘෂභ රාශියේ බ්‍රහස්‌පතිත්,
මිථුන රාශියේ සිකුරුත් ගමන් කරයි

අමල් උඩවත්ත

මේ දිනවල ඔබ පාන්දර 5ට පමණ අහසේ නැඟෙනහිර සිතිජයෙන් අංශක 5ක පමණ ඉහළට පිහිටි අහස නිරීක්‍ෂණය කළ විට ඉංග්‍රීසි ඪ අකුරේ හැඩයට වෘෂභ තාරකා රාශිය පහසුවෙන් හඳුනා ගන්නට හැකි ය. මේ තාරකා රාශියේ පිහිටි දීප්තිමත් රතු පැහැයෙන් යුත් ඇල්ඩෙබරන් තරුව අසලින් දීප්තිමත් නිල් සුදු තරුවක්‌ ලෙසින් බ්‍රහස්‌පති ග්‍රහලොව පියවි ඇසින් නිරීක්‍ෂණය කිරීමට හැකියාව ඇත. මේ දිනවල බ්‍රහස්‌පති ග්‍රහලොවේ දීප්ති විශාලත්වය සෘ 2.3 (-2.3)ක්‌ වීම දීප්තිමත්ව දිස්‌ වීමට හේතුව ය.

නැඟෙනහිර සහ ඊසානදිග අහස නිරීක්‍ෂණය කළ විට මිථුන තාරකා රාශියේ දීප්තිමත් නිල් සුදු තරුවක්‌ ලෙසින් සිකුරු ග්‍රහලොව පියවි ඇසින් නිරීක්‍ෂණය කළ හැකි ය. පාන්දර 3ට පමණ ඔබ දුරදක්‌නයක්‌ ආධාරයෙන් අහස නිරීක්‍ෂණය කළ හොත් කලා පිරෙන සඳහන් ලෙසින් සිකුරු ග්‍රහලොව නිරීක්‍ෂණය කළ හැකි වේ. මේ දිනවල සිකුරු ග්‍රහලොවේ දීප්ති විශාලත්වය සෘ 4.3කි. පාන්දර 5.00ට පමණ වයඹදිග අහසේ ඔබට ඉංග්‍රීසි උ අකුරේ හැඩයට කැසියෝපියා තාරකා රාශියත් ඒ අසලින් මහ වලසා තාරකා රාශියත් පහසුවෙන් නිරීක්‍ෂණය කළ හැකි ය.