logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
උතුරේ පුරාවිද්‍යා ස්‌ථාන ලේඛනගත කෙරෙයි

දශක තුනකට ආසන්න කාලයක්‌ පැවැති උතුරු නැඟෙනහිර යුද වාතාවරණය අවසන් වීමෙන් පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව උතුරේ පුරාවිද්‍යා ස්‌ථාන හඳුනාගෙන ලේඛනගත කිරීමේ ව්‍යාපෘතියක්‌ ආරම්භ කර ඇති බැව් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුවත් අටුවාවේ සඳහන් වෙයි. එහි තවදුරටත් සඳහන් අන්දමට එක්‌සත් ජාතීන් ගේ සංවර්ධන ව්‍යාපෘතියේ ආධාර මත ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය මගින් මේ සඳහා මූල්‍යාධාර ලබා දී ඇත.

මේ යටතේ මුලතිව් ප්‍රදේශයේ සියයට 80ක්‌ පමණ ගවේෂණය කර ඇති අතර පුරාවිද්‍යා ස්‌ථාන 87ක්‌ හඳුනාගෙන ඇත. මන්නාරම දිස්‌ත්‍රික්‌කයේ සියයට 82ක පමණ ප්‍රදේශයක්‌ ගවේෂණය කර ස්‌ථාන 67ක්‌, කිලිනොච්චි දිස්‌ත්‍රික්‌කයේ සියයට 40ක පමණ ප්‍රදේශයක්‌ ගවේෂණය කර ස්‌ථාන 13ක්‌ ද හඳුනාගෙන ඇත. වව්නියා ප්‍රදේශයේ සියයට 30ක ප්‍රදේශයක්‌ ගවේෂණය කර ස්‌ථාන 32ක්‌, යාපනය දිස්‌ත්‍රික්‌කයේ සියයට 75ක්‌ ගවේෂණය කර ස්‌ථාන 67ක්‌ යනාදි වශයෙන් හඳුනාගෙන ඇත. මේ අනුව හඳුනාගෙන ඇති පුරාවිද්‍යා ස්‌ථාන ගණන 233කි.