logo3.gif (702 bytes)

HOME



මාකන්දාව රක්‌ෂිතය වනසමින් කිතුල්ගල සිට
වන රක්‌ෂිතය හරහා පල්ලෙබාගෙට මාර්ගයක්‌ ඉදි කෙරේ

කිතුල්ගල, කැලණිවැලි රක්‌ෂිතයට අයත් මාකන්දාව රක්‌ෂිතය හරහා කිතුල්ගල සිට පල්ලෙබාගෙ දක්‌වා මාර්ගයක්‌ ඉදි කිරීමට අවශ්‍ය සැලැසුම් මේ වන විට සකස්‌ කර අවසන් කර තිබේ. දැව ජාවාරම්කරුවන් ගේ අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා තව දින කිහිපයකින් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත ව ඇත. කිලෝමීටර දෙකකින් යුත් මේ මාර්ගය රක්‌ෂිත වනාන්තරයේ දිය පහරවල් හරහා පාලම් හා බෝක්‌කු 4කින් සමන්විත ව ඉදි කිරීමට රුපියල් ලක්‌ෂ 169ක මුදලක්‌ මේ සඳහා ඇස්‌තමේන්තු කර තිබේ.

මේ මාර්ගය පිළිබඳ ව මූලික සංකල්පය ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ පල්ලෙබාගේ කණිෂ්ඨ විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයකු ද වන පල්ලෙබාගේ, දේශපාලන පක්‌ෂ ශාඛා සමිතියක ලේකම්වරයකු විසිනි. එය ක්‍රියාත්මක කිරීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයකු මහතා හා ඔහු ගේ පුත්‍රයා සියලු සැලැසුම් සකස්‌ කරමින් සිටිති. ඒ සඳහා සහයෝගය ලබා දීමට රජයේ අමාත්‍යවරයෙක්‌ පසුගිය අප්‍රේල් මස 24 වැනි දින පල්ලෙබාගේ උතුර, වත්තේහන්දියේ දී පැවැති රැස්‌වීමේ දී ප්‍රදේශවාසීන් අමතා කියා සිටියේ මේ මාර්ගය රක්‌ෂිතය හරහා ඉදි කිරීමට පොරොන්දු වන බව ය. වන සංරක්‌ෂණ ආඥා පනත තුට්‌ටුවකට මායිම් නො කරමින් අදාළ අමාත්‍යවරයා ම උත්තරීතර පාර්ලිමේන්තුවෙන් සම්මත වූ නීති උල්ලංඝනය කිරීමට ජනතාවට පොරොන්දු වීම පිළිබඳව නීතියට ගරු කරන අය වශයෙන් අප කණගාටු විය යුතු ය.

මීට ප්‍රථම මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් දැරණියගල ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක්‌ පල්ලෙබාගෙ ග්‍රාමයේ හා ඒ ආශ්‍රිත රක්‌ෂිත වනාන්තරවල දැවමය ශාක මහ පරිමාණයෙන් කපා ඉවත් කරමින් පල්ලෙබාගෙ හා ඒ ආශ්‍රිත ප්‍රදේශ පානීය ජල හිඟයේ ගොදුරක්‌ බවට පත් කළේ ය. අද වන විට කෙටි නියං කාලයක දී පවා එම ප්‍රදේශයේ දිය පහරවල් සියල්ල සිඳී යයි. ඒ තත්ත්වය තවත් දෙගුණ තෙගුණ කිරීමටත් දැව ජාවාරම තවදුරටත් වර්ධනය කිරීමටත් මේ මාර්ගය හේතු විය හැකි ය. වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නීති විරෝධී ලෙස මාර්ගය තැනීමට අවශ්‍ය වනාන්තර ඉඩම් නිදහස්‌ කිරීමට හා ශාක කපා ඉවත් කිරීමට, වන සංරක්‌ෂණ ආඥා පනත උල්ලංඝනය කරමින් අනුමැතිය ලබා දීමට සිදු ව ඇත්තේ පරිසර අමාත්‍යතුමන් ගේ බලපෑම මත ය.

මේ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මීට ප්‍රථම 2010 වසර අවසාන කාලයේ ආරම්භ කළ අවස්‌ථාවේ දී වන සංරක්‌ෂණ නිලධාරීන් රක්‌ෂිත වනාන්තරයට හානි කරමින් මාර්ගය ඉදි කිරීමට එරෙහි ව රුවන්වැල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ MC 348 අංක දරන නඩුව ගොනු කර තිබේ. එය මේ වන විට ද, විභාග වෙමින් පවතී. එය අභියෝගයට ලක්‌ කරමින් රාජ්‍ය අනුග්‍රහය යටතේ ම මේ මාර්ගය ඉදි කිරීම සඳහා සැලැසුම් සකස්‌ කිරීම ලංකාවේ නීති පද්ධතිය අභියෝගයට ලක්‌ කිරීමක්‌ පමණක්‌ නො ව

වැරැදි පූර්වාදර්ශ සමාජයට ලබා දීමකි. ලංකාවේ පැරැණිතම වන රක්‌ෂිත අතරින් එකක්‌ වන මාකන්දාව රක්‌ෂිතය 1903 සැප්තැම්බර් 11 වැනි දින අංක 5911 දරන ගැසට්‌ නිවේදනය මගින් හෙක්‌ටයාර 192ක්‌ පමණ වන වනාන්තරයක්‌ ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. කැලණිවැලි රක්‌ෂිතය හා සම්බන්ධ වනාන්තර පද්ධතියක්‌ ලෙස ව්‍යාප්ත ව ඇති මාකන්දාව රක්‌ෂිතය ජෛව විද්‍යාත්මකව ඉතා ම වටිනා ඉතා ම දුර්ලභ ජීවී විශේෂ බොහොමයකට රැකවරණය සලසන කැලණි ගඟේ ජල පෝෂක වනාන්තරයකි. පහතරට තෙත් නිවර්තන ද්විතීයික වනාන්තර වැස්‌මක්‌ සහිත මේ ප්‍රදේශය හොර ශාක ප්‍රමුඛ ශාක ප්‍රජාවන් ගෙන් සමන්විත ය.

මේ වන රක්‌ෂිතයේ ජෛව විද්‍යාත්මක වටිනාකම මෙතෙකැයි ලඝූ කොට දැක්‌විය නො හැකි තරම් විශාල වටිනාකමකින් යුක්‌ත ය. මු`ඵ ලොවෙන් ම මේ ප්‍රදේශයේ පමණක්‌ වාර්තා වන හොර ශාක කුලයට ((Dipterocarpaceae) අයත් Balanocarpus kitulgallensis ශාක කිහිපයක්‌ පමණක්‌ ඉතිරි ව ඇත්තේ මේ වන රක්‌ෂිතයේ පමණි. මෙය මේ වනාන්තරයේ ඇති වැදගත්කම කියාපාන ප්‍රධාන එක්‌ සාධකයක්‌ පමණි. ලංකාවට ආවේණික දැඩි ලෙස වඳ වීමේ තර්ජනයට මුහුණ පා ඇති Tropoidia
bambusifolia
උඩවැඩියා විශේෂයට රැකවරණය සලසන දැනට හ`දුනාගත් එක ම වාසස්‌ථානය මේ වනාන්තරයයි. මීට අමතර ව ඉතා ම දුර්ලභ ලංකාවට ආවේණික උඩවැඩියා විශේෂ වන Bromheadia srilankensis හා Dendrobium microbulbon ශාක මේ වනාන්තරයෙන් වාර්තා වේ. ලංකාවේ ඉතා ම දුර්ලභ හා එක ම ජලජ උඩවැඩියා විශේෂය වන Malaxis thwaitesii ශාකය මේ වනාන්තරයේ දිය පහරවල ඉතා ම සු`ඵ වශයෙන් වාර්තා වේ.

පිළිල ශාකයක්‌ වන Tolypanthus gardinari ශාකය මේ වනාන්තරයේ වාර්තා වන තවත් ඉතා ම දුර්ලභ ශාකයකි. ලංකාවෙන් වඳ වී ගොස්‌ ඇතැයි විශ්වාස කළ පසුව නැවත කිතුල්ගල ඇතු`ඵ ව වනාන්තර කිහිපයකින් පමණක්‌ සොයාගත් ලංකාවට ආවේණික කූඩ`ඵ විශේෂයක්‌ වන ගල්දෙමට (Impapiums repens) මේ වනාන්තරයේ ඊට ම විශේෂිත වාසස්‌ථානවල පමණක්‌ වාර්තා වේ. හොඳින් දිය සීරාව සහිත හා හොඳින් හිරුඑළිය ලැබෙන ස්‌ථානවල ගල්පර ආශ්‍රිතව පමණක්‌ මේ ශාකය දැක ගත හැකි ය. එම පාරිසරික තත්ත්වයන් වෙනස්‌ වන අවස්‌ථාවල දී මේ ශාකය ඒ ප්‍රදේශවලින් විනාශ වී යයි.

බෝවිටියා කුලයට අයත් අපිශාකයක්‌ ලෙස වර්ධනය වන ඉතා ම දුර්ලභ ශාකයක්‌ වන Medinella cunata ශාකය මේ වනාන්තරයේ වාර්තා වන ආවේණික, දුර්ලභ සපුෂ්ප ශාක අතරින් ඉතා ම වැදගත් ශාකයකි. මීට අමතරව වැලක්‌ ලෙස වැඩෙන Hoya pinipolia ශාකය ද ඉතා දුර්ලභ, ලංකාවට ආවේණික සපුෂ්ප ශාකයකි.

මේ වනාන්තරයේ කැලණි ගඟේ ජල පෝෂක දිය දහරාවන් ආශ්‍රිත ගල්පර මත වැඩෙන Podostemaceae කුලයට අයත් ලංකාවට ආවේණික ඉතා ම දුර්ලභ හා වඳ වීමේ තර්ජනයට මුහුණ පා ඇති ජලජ ශාක වන Polypleurum eleomgatum, Farmaria
metrogoides
හා Dalzillea zeylanica ශාක දැකගත හැකි ය. මීට අමතර ව දියපහරවල අතිඋඩයන් හා කෙටල ශාක විශේෂ වන ලංකාවට ආවේණික ඉතා ම දුර්ලභ Cryptocoryne thwaitesii හා Leginandra thwaitesii විශේෂ වාර්තා වෙයි.

මේ මාර්ග ඉදිකිරීම සඳහා ශාක ඉවත් කිරීම, පස්‌ කපා ඉවත් කිරීම හා දියපහරවල් හරහා පාලම් හා බෝක්‌කු ඉදිකිරීම හේතුවෙන් මේ දුර්ලභ ශාක දැඩි බලපෑමට ලක්‌ විය හැකි අතර එම දුර්ලභ ශාක විශේෂවල වාසස්‌ථාන වෙනස්‌ වීමෙන් ඉතා කෙටි කාල සීමාවක්‌ තුළ විනාශ වී යා හැකි ය. මේ වනාන්තරයේ ශාක විවිධත්වය මෙන්ම අද්විතීය වූ සත්ත්ව විවිධත්වයක්‌ ද දැකගත හැකි ය. මත්ස්‍ය, උභයජිවීන්, උරගයන්, පක්‌ෂීන්, ක්‌ෂීරපායින් හා සමනළයින් යන සත්ත්ව කාණ්‌ඩ හයට අයත් විශේෂ 411ක්‌ පමණ මේ වනාන්තරයේ වාර්තා වේ. ඉන් විශේෂ 119ක්‌ ලංකාවට ආවේණික වේ. එහි ආවේණිකතා ප්‍රතිශතය 29%ක්‌ තරම් ඉහළ අගයක්‌ ගනී.

ඉහත කාණ්‌ඩ හයට අයත් ලංකාවේ වාර්තා වන සත්ත්ව විශේෂ අතුරින් 40%ක්‌ හා ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ අතරින් 38%ක්‌ මේ වනාන්තරයෙන් වාර්තා වීමෙන් මෙහි ජෛව විද්‍යාත්මක වටිනාකම මනාව පැහැදිලි වේ.

ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ අතර වඳ වීමේ තර්ජනයට දැඩි ලෙස මුහුණපා ඇති ලංකාවට ආවේණික ඉතා ම දුර්ලභ මත්ස්‍ය විශේෂයක්‌ වන අසෝක පෙතියා (Systomus asoka)) කැලණි ගෙ`ග් අතු ගංගාවන් වන මේ රක්‌ෂිත වනාන්තරයේ හා ඒ ආශ්‍රිත දියදහරාවන් පමණක්‌ නිවහන කර ගෙන ජීවත් වේ. මේ විශේෂයට අමතරව ජොන්ක්‌ලාස්‌ ගේ පුල්ලි අහිරාවා (Lepidocephalichthys
jonklaasi
) විශේෂය ද, මේ වනාන්තරයේ කුඩා දියපහරවල වාර්තා වන ලංකාවේ ඉතා ම සීමිත ව්‍යාප්තියක්‌ ඇති දුර්ලභ මත්ස්‍ය විශේෂයකි. මීට අමතරව ලේ තිත්තයා (Puntius titteya), තල්කොස්‌සා (Belontia signata), හල්මල් දන්ඩියා (Rasboroides vaterifloris), කොළ රතු වැලිගොව්වා (Sicyopus jonklaasi), ගල්වැලිගොව්වා (Sicyopteres halei), ඉරි අහිරාවා (Acanthocobitis urophthalmus) යන විශේෂ මේ වන රක්‌ෂිතයේ දියපහරවල වාර්තා වන දුර්ලභ මත්ස්‍ය විශේෂ වෙයි. මාර්ග ඉදිකිරීම් සඳහා ශාක ඉවත් කිරීම, පස්‌ කපා ඉවත් කිරීම හා ඇළ මාර්ග වෙනස්‌ කිරීම හේතුවෙන් වාසස්‌ථාන අහිමි වීමෙන් හා මාර්ග සැකසීමේ දී කපා ඉවත් කරන පස්‌ සේදී ගොස්‌ දියපහරවල තැන්පත් වීමෙන් මේ මත්ස්‍ය විශේෂවල වාසස්‌ථාන වෙනස්‌ වී මේ සතුන් ගේ පැවැත්මට දැඩි තර්ජන එල්ල විය හැකි ය.

ලංකාවේ පක්‌ෂි විවිධත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ඉතා ම වැදගත් වනාන්තරයක්‌ වන මෙහි ලංකාවට ආවේණික ඉහළ ක`දුකරයේ වාර්තා වන විශේෂ හැර සියලු ම ආවේණික විශේෂ වාර්තා වේ. එම නිසා මෙය පහතරට තෙත් වනාන්තර ආශ්‍රිත ආවේණික පක්‌ෂි විශේෂ සියල්ල ම දැක ගත හැකි එක ම වනාන්තරය ලෙස හැ`දින්වේ. මෑතක දී විද්‍යා ලොවට හ`දුන්වා දුන් ප`ඩුවන් බස්‌සා (Serendib Scops Owl) පළමු ව නිරික්‌ෂණය කිරීමට ඒ පිළිබඳව පර්යේෂණ සිදු කළ දීපාල් වරකාගොඩ මහතාට හැකි වී ඇත්තේ මේ වනාන්තරයෙනි. තව ද එම විශේෂය වාර්තා වන කුඩා ම වනාන්තරය ද මෙය වේ. ඊට අමතර ව මේ විශේෂයේ බෝ වීම පිළිබඳ ව නිරීක්‌ෂණය කිරීමට හැකි වී ඇත්තේ මේ වනාන්තරයෙනි. මේ පක්‌ෂි විශේෂය නැරඹීමට පමණක්‌ බොහෝ විදේශීය පක්‌ෂි නිරීක්‌ෂකයෝ මේ වනාන්තරයට පැමිණෙති. මේ නිසා මේ වනාන්තරය ලොව පක්‌ෂි නිරීක්‌ෂකයන් අතර මහත් ප්‍රසිද්ධියට පත් වී ඇත. එවැනි වනාන්තරයක්‌ දෙකඩ කරමින් මාර්ගයක්‌ ඉදි කිරීම හේතුවෙන් සිදු වන වනාන්තර කුට්‌ටිකරණය මේ සතුන්ගේ පැවැත්මට ඉතා ම අහිතකර ලෙස බලපෑ හැකි අතර ඒ මත පදනම් වූ සංචාරක කර්මාන්තයට එය අහිතකර ලෙස බලපෑ හැකි ය. මීට අමතර ව ලංකාවේ ඉතා ම දුර්ලභ ආවේණික පක්‌ෂි විශේෂ වන හිස සුදු මයිනා (White - faced Starling), බට ඇටිකුකුළා (Green - billed Coucal)" හිස අ`ඵ දෙමලිච්චා (Ashy - headed Laughingthrush) හා ලෙග් ගේ පිලිලගෙඩි සූටික්‌කා (Legge's Flowerpecker) මෙහි වාර්තා වේ. මීට අමතරව දුර්ලභ නේවාසික පක්‌ෂියකු වන දුම්කවුළුවා (Dollarbird) මේ වනාන්තරයෙන් වාර්තා වන තවත් සුවිශේෂී පක්‌ෂියෙකි. උභයජීවීන් ගෙන් ඉතා ම පොහොසත් වනාන්තරයක්‌ වන මෙහි වාර්තා වන විශේෂ අතුරින් 75%ක්‌ ලංකාවට ආවේණික වේ. කොටගම ගේ කුරු ගෙම්බා (Duttaphrynus kotagamai), දික්‌හොඹු ගස්‌ මැඬියා (Taruga longinasus) වැනි ලංකාවට ආවේණික දුර්ලභ විශේෂ බොහොමයකට මේ වනාන්තරය නිවහන සලසයි.

ලංකාවේ ඉතා දුර්ලභ ආවේණික උරග විශේෂ වන මූකලන් තෙලිස්‌සා (Hypnale zara), කෙටිවල් මැඩිල්ලා (Aspidura drummondhayi), ර`ඵ අග කටුස්‌සා (Ceratophora aspera) ඇතු`ඵ ඉතා ම දුර්ලභ උරග විශේෂ රාශියකට රැකවරණය සලසන වනාන්තරයක්‌ ලෙස ද මේ වන රක්‌ෂිතය හැඳින්විය හැකි ය.

මේ වනාන්තරය ඈත අතීතයේ රක්‌ෂිතයක්‌ ලෙස ප්‍රකාශයට පත් කළ ද මෙහි ජෛව විද්‍යාත්මක වටිනාකම හොඳින් තහවුරු වන්නේ අද වන විට එහි සිදු කර ඇති ජෛවවිවිධත්වය පිළිබඳ අධ්‍යයනවල දත්ත සම්පිණ්‌ඩනය කළ විට ය. මේ වනාන්තරයේ ජෛව විද්‍යාත්මක වටිනාකම අවබෝධ වීමත් සමඟ ම සිදු විය යුතු වන්නේ එහි ආරක්‌ෂාව හා රැකවරණය තහවුරු කිරීම සඳහා සැලැසුම් සකස්‌ කිරීම මිස එය වැනසීම සඳහා සැලැසුම් සකස්‌ කිරීම නො වේ. එහෙත් අද වන විට සිදු ව ඇත්තේ මේ වනාන්තර පද්ධතිය ආරක්‌ෂා කිරීම සඳහා නො ව එය වැනසීම සඳහා වන රක්‌ෂිතය දෙකඩ කරමින් මාර්ග ඉදි කිරීම ය.

අප බලධාරීන් ගෙන් ඉල්ලා සිටින්නේ මෙවන් හානිකර තීරණ ගැනීමට ප්‍රථමයෙන් පවතින නීතිරීති පිළිබඳව හා එම පරිසර පද්ධතිවල ඇති ජෛව විද්‍යාත්මක වටිනාකම් පිළිබඳ ව විශ්ලේෂණාත්මක ව විමසා බලන ලෙස ය.

2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්‌ෂණ ආඥා පනතේ 7 වැනි වගන්තියට අනුව වන රක්‌ෂිතයකට අනවසරින් ඇතු`ඵ වීම, රැඳී සිටීම, ගස්‌ කැපීම, දැව ඉවත් කිරීම, පස්‌ කැපීම, වනාන්තර එළි කිරිම, පාරක්‌ තැනීම, දැනට තිබෙන පාරක්‌ වෙනස්‌ කිරීම තහනම් ක්‍රියාවන් තහනම් ය. මේ තහනම් ක්‍රියාවක්‌ සඳහා වැරැදිකරුවකු වන පුද්ගලයකු අවුරුදු 5ක්‌ නොඉක්‌මවන බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් දස දහසකට නො අඩු හා ලක්‌ෂයකට නො වැඩි දඩයකට සඳහා හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. තව ද එම සිදු කළ හානියට වන්දියක්‌ ලෙස අධිකරණය මගින් නියම කරන දඩමුදල ද ගෙවිය යුතු ය. තව ද, මේ වරදක්‌ සඳහා අධාර හෝ අනුබල දෙන හෝ එබදු වරදක්‌ කිරීමට ඉඩ සලස්‌වන යම් තැනැත්තකු ද වරදකරුවකු වන අතර ඔහු ද, ඉහත දඩුවම්වලට යටත් විය යුතු ය.

එවන් නීතිමය තත්ත්වයක්‌ පවතිද්දී රජයේ අමාත්‍යවරුන් දෙපළක්‌ ම මේ රක්‌ෂිතය හරහා මාර්ගයක්‌ ඉදි කිරීමට අධාර අනුබල දීම යනු නීති විරෝධී ක්‍රියාවකි. මේ හේතුවෙන් මාකන්දාව වන රක්‌ෂිතය දෙකඩ කරමින් හානිකර හා නීති විරෝධී ලෙස ඉදි කිරීමට සූදානම් වන මාර්ගය වහා ම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට කටයුතු කරන මෙන් වගකිවයුත්තන් ගෙන් අවධාරණයෙන් යුතු ව ඉල්ලා සිටිමු.

සජීව චාමිකර
පරිසර සංරක්‌ෂණ භාරය