logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 

වසරේ කණිෂ්ඨ නිර්මාණකරු තරගය
2012 අයදුම්පත් කැඳවයි


තරුණ පරපුරේ නිර්මාණ ශක්‌තිය හා නිපුණතා වැඩි දියුණු කර ගැනීම සඳහා විවෘත වූ වසරේ කණිෂ්ඨ නිර්මාණකරු 2012 සඳහා අයදුම් පත් මේ දිනවල කැඳවයි. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය හා අධ්‍යාපන අමාත්‍යංශ්‍ය ඒකාබද්ධව වැඩමුළුව හා තරග 2012 අගෝස්‌තු හා සැප්තැම්බර් යන කාල සීමාවේ දී දිවයින පුරා තෝරාගත් දිස්‌ත්‍රික්‌කවල පැවැත්වෙයි. විවිධ මට්‌ටම් හා අංශවලින් තේරෙන නිර්මාණ සඳහා ත්‍යාග සහ සහතික පත් පිරිනැමේ. මෙසේ ජයග්‍රහණය ලබන තරගකරුවන් වසර 2013 මැයි මස ඇමෙරිකාවේ පැවැත්වෙන අවසාන මහා තරගයට ලෝකයේ රටවල් ගණනාවක සිසු නිර්මාණකරුවන් සමග සහභාගී කරවීමට නියමිත ය. වැඩි විස්‌තර 0713535329 ඔස්‌සේ මදුරංග ඇමතීමෙන් ලබාගත හැකි ය.