logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
මින්නේරි ජාතික වනෝද්‍යානයේ
ඇමතිවරයකු ගේ හෝටලයක්‌


සජීව චාමිකර

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නැඟෙනහිර මායිමේ හෙක්‌ටයාර 2.2ක හෙවත් අක්‌කර 5.4ක භූමි ප්‍රමාණයක "Jeew Hide out" නමින් සංචාරක හෝටලයක්‌ රජයේ ඇමැතිවරයකු විසින් ඉදි කරනු ලැබ ඇති බැව් විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත. එම ආරංචිමාර්ගවලට අනුව හබරණ පොළොන්නරුව මාර්ගයේ මොරගස්‌වැව හන්දියෙන් මහසෙන් ගම මාර්ගයේ 4 වැනි කිලෝමීටර් කණුව අසලින් වම් පසට ජාතික වනෝද්‍යාන තුළ එළිපෙහෙළි කර අඩි 10 ක්‌ පළලට කි.මි. 2ක්‌ දුරට ඉදි කළ මාර්ගයේ කෙළවර මේ හෝටලය ඉදි කර ඇත්තේ ජාතික වනෝද්‍යානයේ මායිම් කණු 72 සහ 75 අතර සීමාවේ ඝන වනාන්තරයෙන් වැසී ඇති ප්‍රදේශයක ය. (මේ පිළිබඳ සවිස්‌තර ලිපියක්‌ ලබන සතියේ පළ වේ)