logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
විද්‍යා ලේඛක ඩබ්ලිව්. ටී. එම්. මහින්දරත්න
විද්‍යාපති උපාධි ලබය


ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික පුවත්පත්වල විද්‍යා ලේඛකයකු වශයෙනුත් මාධ්‍යවේදියකු වශයෙනුත් මෙන්ම ගත් කතුවරයකු වශයෙනුත් කලක්‌ සේවය කර විදෙස්‌ගත වූ ඩබ්ලිව්. ටී. එම්. මහින්දරත්න මහතාට එක්‌සත් රාජධානියේ ගි්‍රනිච් සරසවියෙන් ජෛවවෛද්‍ය විද්‍යාව විෂය සඳහා ගෞරව සම්මාන සාමර්ථ්‍ය විද්‍යාපති උපාධියක්‌ (MSc) පසුගිය ජුලි 20 වැනි දින පිරිනැමිණි. ආදි ආනන්දියකු වන ඒ මහතා වසර ගණනාවක්‌ කොළඹ අධිකරණ වෛද්‍ය පර්යේෂණායතනයේ ප්‍රධාන වෛද්‍ය නීති කාර්මික විද්‍යාඥයා ලෙස මිනීමැරුම් හා අපරාධ පර්යේෂණවල නියෑළි අයෙකි. ඔහු මේ විද්‍යාපති උපාධිය සඳහා වකුගඩු රෝග පිළිබඳ අධ්‍යයනය, රුධිර පරීක්‍ෂණ සඳහා තත්ත්ව පාලන පද්ධති කළමනාකරණය හා රෝග නිධානය ආශ්‍රිත සේවයංක්‍රිය රොබෝ මෙහෙයුම් අධ්‍යයනය යන මූලික විෂයයන් තෝරාගෙන තිබිණි. දැනට එක්‌සත් රාජධානියේ සෞඛ්‍ය සේවයට අනුබද්ධ හෙමල්හෙම්ප්ස්‌ටඩ් මහ රෝහලේ ජීව රසායන විද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂඥ ජෛවවිද්‍යාඥයකු ලෙස සේවය කරන ඩබ්ලිව්. ටී. එම්. මහින්දරත්න මහතා විදුසර පුවත්පතේ ද ලේඛකයකු ලෙස කටයුතු කර ඇත.

අමල් උඩවත්ත