logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
වන සත්ත්ව හා තුරුලතා ආඥාපනත වෙනස්‌ කිරීම
මෙරට ජෛව සංහාරයට මුල පිරීමක්‌

ජ්‍යෙෂ්ඨ පරිසර නීතීඥ ජගත් ගුණවර්ධන


අමල් උඩවත්ත

ශ්‍රී ලංකාවේ වන ජීවීන් හා වනාත්තර යන සියල්ල ම ආරක්‌ෂා කෙරෙන පනත් දෙකක්‌ වන වන සත්ත්ව හා තුරුලතා ආඥාපනත සහ වන සංරක්‍ෂණ ආඥාපනත සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බැවින් ඒ සඳහා අදහස්‌ දැක්‌වීමේ මාධ්‍ය හමුවක්‌ අගෝස්‌තු 08 වැනි දින කොළඹ මහජන පුස්‌තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. පරිසර සංවිධාන එකමුතුව මගින් සංවිධානය කළ මේ මාධ්‍ය හමුවේ දී අදහස්‌ දැක්‌වූ ජ්‍යෙෂ්ඨ පරිසර නිතීඥ ජගත් ගුණවර්ධන මහතා "ශ්‍රී ලංකාවේ වන ජීවීන්, ඒ කියන්නේ ශාක හා සත්ත්ව විශේෂ ආරක්‌ෂා කරන්නේ වන සත්ත්ව හා තුරුලතා ආඥා පනතින්. රටපුරා තිබෙන සියලු ම වනාන්තර වගේ ම රජයේ ඉඩම් ආරක්‌ෂා වන්නේ වන සංරක්‍ෂණ ආඥාපනතින්. පොදුවේ ගත් විට මේ පනත් දෙකෙන් ශ්‍රී ලංකා මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 10ත් 12ත් අතර ප්‍රමාණයක්‌ ආරක්‌ෂා කෙරෙනවා. මේ පනත් දෙක වසර 2009 සංශෝධනයට ලක්‌ කළා. නැවත සංශෝධනයක්‌ කළ යුතු නෑ. මෙහි වන සත්ත්ව තුරුලතා ආඥාපනතේ 2-අ, 3-අ, 9අ යන වගන්තිවලට අමතරව අංක 30, 31, 42, 44, 45, 49 49-අ සහ 55 යන වගන්තිවල සංශෝධනයක්‌ කරන්න රජය ලෑස්‌ති වෙනවා. මේ පනත රජයට වුවමනා ආකාරයට සංශෝධනය වුවොත් වන ජීවී රක්‍ෂිතයක්‌ වටා ඇති සැතපුම් 1ක ප්‍රමාණයක විශාලත්වයක්‌ ඇති ආරක්‌ෂිත කලාපයක්‌ සම්පූර්ණයෙන් ඉවත් කරන්න සිදු වෙනවා. ඒ වගේ ම ආරක්‌ෂිත කලාපයේ හෝටල්, අවන්හල් වගේ ම වෙනත් ඕනෑ ම සංවර්ධන කටයුත්තක්‌ කරන්න පහසු වෙනවා. දැනට පවතින නීතියෙන් මේ සියලු ම අහිතකර දේ ආරක්‌ෂා කරන නිසා වන ජීවීන්ටත් පොදුවේ ගත් කල වනජීවී කලාපවලටත් කසිදු හානියක්‌ සිදු වන්නේ නෑ. මෙයට අමතරව වන සතුන් ගෘහාශ්‍රිත කිරීමත් මේ පනත් සංශෝධනයෙන් රජය බලාපොරොත්තු වෙනවා. මේ නිසා අලි, ඇත් පැටවුන් අල්ලා හීලෑ කිරීමත් හා එතුළින් වෙළෙඳාමත් මේ නීති ලිsහිල් කිරීම තුළින් කළ හැකියි. ඒ වගේ ම අනෙක්‌ වන සතුන්ටත් සිදු වන්නේ අති විශාල හානියක්‌. මේ වන තෙක්‌ ආරක්‌ෂා වී තිබෙන වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් අවශේෂ කැළෑ සම්පූර්ණයෙන් ම සංවර්ධනය කටයුතුවලට යොදාගත හැකියි. මෙය බාහිරින් සංවර්ධනාත්මක කටයුත්තක්‌ ලෙස පෙනී ගියත් අභ්‍යන්තරය හරි ම ෙදවාචකයක්‌. කොටින් ම කිව්වොත් මහා ජෛව සංහාරයටකට මුල පිරීමක්‌. ඒ වගේ ම වන සතුන් අපනයනය කිරීමට වගේම ආරක්‍ෂිත ශාක විශේෂ පිටරටට විකිණීමට පහසුවක්‌ වෙනවා. වන සතුන් අල්ලා හීලෑ කිරීම නිදහසේ ජීවත් වන වන ජීවීන්ට වඩාත් අහිතකරයි. පොදු ජනතාවට ආර්ථික දියුණුවක්‌ ලෙසට මවා පෑමක්‌ සිදු කළත් රජය කරන්නේ මහා ආර්ථික සංහාරයක්‌ වගේම පරිසර සංහාරයක්‌" යනුවෙන් පැවසී ය.