අඟහරු මත ජීවය පැවතීමට ඇති ඉඩකඩ
මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ විග්‍රහ කරයි

ලොව සියලු ම දෙනා කුතුහලයෙන් අළලමින් හා අභ්‍යවකාශ ඉතිහාසයේ සන්ධිස්‌ථානයක්‌ සනිටුහන් කරවමින් ගමනේ යෙදුණු 'කුතුහලයේ යානය' සිය ගමනාන්තය කරා ළඟා වී ඇත. එනම් නාසා ආයතනය විසින් අභ්‍යවකාශගත කෙරුණු අති නවීනතම පර්යේෂණ රොබෝව කියුරියොසිටි රෝවරය (Curiosity Rover) අගෝස්‌තු මස හය වැනි දා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙ. ව. 11ට පමණ අඟහරු ග්‍රහයා වෙත ළඟා විය. අභ්‍යවකාශ ඉතිහාසයේ වෙනත් ග්‍රහලෝකයක්‌ වෙත මෙතෙක්‌ යෑවුණු විශාලතම වූ ද, විශාලතම ධනස්‌කන්ධයක්‌ වැය කොට ඉදි කෙරුණා වූ ද පර්යේෂණ රොබෝව සතු ව ඉලක්‌ක කිහිපයක්‌ වේ.අඟහරු ග්‍රහයා ගේ දේශගුණික හා භූගෝලීය තත්ත්වයන් වැඩිදුර හැදැරීම, අනාගතයේ දී මිනිසකු යෑවීම සඳහා ඇති හැකියාවන් පිරික්‌සීම හා මාධ්‍ය ම`ගින් වාර්තා වී ඇති පරිදි ජීවය ඇති දැයි සොයා බැලීම හැරුණු විට අපේ එනම් පෘථිවියේ පාරම්පරික වංශ කථාවේ අක්‌ මුල් සොයා යැම ද මේ අතරින් ප්‍රධාන කොට සැලකිය හැකි ය. අප දන්නා තරමින් කවර ම දාක හෝ මිනිසකු ගොඩ නො බට අඟහරු ග්‍රහයා වෙත ගොස්‌, පාරම්පරික වතගොත සොයනු කෙසේ දැයි දැන් ඔබට සිතෙන්නට බැරි නැත. එසේ සිතුව ද වැරැදි නැත. මන්ද පාසලේ දී පෘථිවිය මත ජීවයේ සම්භවය ඉගෙන ගනිද්දී අප හුදෙක්‌ උගත්තේ ඩාවින් ගේ පරිණාමවාදයයි. එනම් මින් වසර බිලියන හතරකට ඉහත ඈත එපිට දවසක පෘථිවියේ කොහේ හෝ පුංචි 'උණුසුම් දිය පොකුණක' තිබුණු රසායන අණු අතර අහම්බයක්‌ ව සිදු වුණු ප්‍රතික්‍රියාවලියකින් ජීවය ඇති වුණු බවයි.

 

logo3.gif (702 bytes)

 

 

 

 

 
     
මෙවර අන්තර්ජාලයට ඇතුළත් කර නොමැති, මුද්‍රිත කලාපයෙන් පමණක්‌ කියවිය හැකි ලිපි

* ඔලිම්පික්‌ ජයග්‍රහණ පිටුපස ක්‍රියාත්මක විද්‍යාව හා තාක්‌ෂණ (සතියේ විමසුම)

* ස්‌වභාවධර්මයේ සරල රේඛා

* රිය අනතුරක දී සිරුරට මොකද වෙන්නේ
විද්‍යානුකූල සාධක මත කෙරෙන විග්‍රහයක්‌

* උසේන් බෝල්ට්‌ සාරාට පරදියි

* ඔලිම්පික්‌ ක්‍රීඩකයන් ටේප් පටි පළඳින්නේ කුමක්‌ සඳහා ද?

* විදුලි මාරුතය විද්‍යා ප්‍රබන්ධය (අනුවාදයකි)

* ඉස්‌තරම් ම කිරි ඕනෑ නම් වැස්‌සියන්ට යෙහෙළියන් හඳුන්වා දෙන්න

* සමහරු මෝඩ විහිළුවලටත් හිනා වෙන්නේ ඇයි?

* රුධිර ගමනට බාධා කිරීම ක්‍රීඩා කුසලතා ඉහළ නැංවීමට රුකුලක්‌ ලු

* ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය විදුසර හා එක්‌ ව ඉදිරිපත් කරන සමස්‌ථ ලංකා අන්තර්පාඨශාලීය විද්‍යා චිත්‍ර කථා තරගයේ කූපනය

 

 
 
 
 

 

ulogo.jpg (6856 bytes)
Produced by
Upali Newspapers Private Limited
Your comments to
Editor  | Webmaster  | Manager Internet Operations
powered by
Lanka Com Services