|
අනගි මිණි නො සැඟවේ ගගන සයුරකි, වලා ජල කඳ පෙරළි පෙරැළී ඉම සොයයි විටෙක නිසල ව වරෙක සසල ව රුවන් ස`ගවාගෙන ඇදෙයි සයුරු ඉම සිඹ බසින හිරු දැක ගගන සයුරට සඳු වඩියි දුලන මිණි දැක - සිනාසෙන විට අහස් ග`ග සොමි රැස් ගලයි දිවා කල පා වුණු වලාකුළු රැයේ මොහොතක ඉසිඹු ලයි දිනේ පෙරයම නො දුටු මිණිකැට මෙවන් යාමෙක ඔප වැටෙයි ඩබ්. එන්. පී. එම්. වින්ධ්‍යා වීරසිංහ, 12 B4 (ජීව විද්‍යා), කු/ මලියදේව බාලිකා විද්‍යාලයය, කුරුණෑගල. |
||||
|
||||