logo6.gif (686 bytes)

arrow7.gif (1098 bytes)


අනේ මගේ රුපියල් පන් සිය පනහ !

මම මෙවර උසස්‌ පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යයෙක්‌මි. පුවත්පතක දැන්වීමක්‌ මඟින් මීට සති දෙකකට පෙර උසස්‌ පෙළ ජීව විද්‍යාව ප්‍රායෝගික පොතක්‌ මිල දී ගත්තෙමි. දැන්වීමට අනුව එහි තිබුණේ මුල සිට ම එය කියවීමෙන් විශිෂ්ට සාමර්ථ්‍යයක්‌ ලබා ගත හැකි බවයි. ජාතික තලයේ අධ්‍යාපනික ආයතනයක විභාග අධ්‍යක්‌ෂවරයකු විසින් ලියන ලද මේ පොතේ, මුලින් ම මට අපහසු, "සම්බන්ධක පටක" යටතේ ඇති කොටස්‌ කියවීමි. එහි විශේෂ සම්බන්ධක පටක වර්ග පහක්‌ ඇති බවත්, ඒවා අතරට පේශි හා ස්‌නායු පටක ද අන්තර්ගත කොට ඇති බවත් දුටිමි. මා ඒ පිළිබඳව පාසල් ගුරුවරයකු ගෙන් විමසූ අතර එය වැරැදි බව කියූ එම ගුරුතුමා එම පොත කියවා තවත් වැරැදි මා හට පෙන්වා දුනි. මා මෙය මෙසේ ලියන්නේ තවත් මා වැනි සහෝදර ශිෂ්‍යයකු ගේ වටිනා රුපියල් පන් සිය පනහ අහිමි වීම වැළැක්‌වීමට ය.

දුමුඳු චිරන්තක ගුණතිලක
පන්නල.