|
2012 A/L EXPRESS BIOLOGY නිබන්ධන මංකොල්ලය විදුසර ජාතික විද්‍යා ප්රකාශනය තුළින් A/L EXPRESS යටතේ, අප ඉදිරිපත් කළ නිබන්ධන පාඨමාලාවේ අවසානයට, ශීඝ්‍ර පුනරීක්ෂණ අත්වැල 1 හා 2 නිර්මාණය කොට දෙසතියක් තුළ දී ඉදිරිපත් කෙරිණි. අප පංතිවලට සහභාගී වන, ගවේෂණශීලී සිසු පිරිසකට, පසුගිය දින කිහිපය තුළ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල තැපැල් මගින් බෙදා හරිණු ජීව විද්‍යා නිබන්ධනයක් දැකගත හැකි විය. විභාගයට ආසන්න වෙමින් ගලා යන තම වටිනා පුනරීක්ෂණ කාලය ද වැය කරමින් ඔවුහු මානව ග්රවණාගාරයට පැමිණ එම නිබන්ධනය මට බාර දුන් හ. (පංති අවසන් කොට ඇති වකවානුවක, ඔවුහු එය රැගෙන ආ හ). බෞද්ධ සාහිත්‍යයේ එන සිටු දියණියක ගේ පිය සිටුවරයා ගේ නාම උච්චාරණයට කිට්ටු නාමයක් නිබන්ධනයේ මුද්‍රණය වී තිබිණි. මහා දිගු කතාවක් කෙටියෙන් පවසතොත්, 2012 ජූලි 25 විදුසර පත්‍රයේ ජීව විද්‍යා ශීඝ්‍ර පුනරීක්ෂණ අත්වැල - අංක 1, ඡායා පිටපතක් ලබා ගන්නා ආකාරයට සොරාගෙන, තමන් ගේ නාමය ඊට යොදා නැවත මුද්‍රණය කොට, බෙදාහැර ඇත. එම පුනරීක්ෂණ අත්වැලෙහි, ආරම්භයේ දී අප සිසුනට විශේෂ උපදෙසක් දී තිබිණි. එම උපදෙසෙහි අවසන් ඡේදය මෙසේ ය. ''මේ පුනරීක්ෂණයේ දී, මෙහි ස`දහන් ප්‍රශ්න හොඳින් කියවා, පිළිතුරු සිතීම ප්‍රමාණවත් ය. පිළිතුරු ලිවීමකට කාලය වැය කළ යුතු නැත. අසීරු යමක් වේ නම්, ඔබ සතු පොත් පත්, ලිsපි ලේඛන ඇසුරෙන් එවෙලෙහි ම පිළිතුරට යොමු වීම වැදගත් ය. මෙය අවසන් පුනරීක්ෂණයට ප්‍රබල අත්වැලක් වනු ඇත.'' මේ ඡේදය ද, ඉස්පිල්ලක්, පාපිල්ලක් අඩුවක් නොමැති ව ගුරු වෙස් ගත් චෞරයා විසින් ඩැහැගනු ලැබ ඇත. එම නිබන්ධනයෙන් සොරා ගත් ප්‍රශ්නවලින් ඔහු ගේ නිබන්ධනයේ මුල පිටුව මුළුමනින් ම ද, 2 වැනි පිටුවේ අඩක් ද පිරී ඇත. ප්‍රශ්න සොරකම් කොට ඇත්තේ ද, ඡායා පිටපතක් ලබා ගන්නා ආකාරයට අකුරක් වත් වෙනස් නො වන පරිදි ය. පුනරීක්ෂණ අත්වැල අංක 1න්, ඩැහැගත් ප්රශ්නයන් හි අංක මෙසේ ය. 1) ප්රශ්නය - ෂෂ කොටස 2) ප්රශ්නය - I, II, III කොටස් 3) ප්රශ්නය - I කොටස 6) ප්රශ්නය - II (a කොටස) 7) ප්රශ්නය - III, IV කොටස් 9) ප්රශ්නය - 2 වැනි කොටස 11) ප්රශ්නය - 3 වැනි කොටස 14) ප්රශ්නය - 1 - C කොටස,II කොටස 15) ප්රශ්නය - I, II කොටස් 17) ප්රශ්නය - I, II කොටස් 18) ප්රශ්නය - II කොටස, III කොටස a, b, c 19) ප්රශ්නය - II - 2 කොටස, III කොටස, V කොටස 20) ප්රශ්නය C කොටස I හා II 21) ප්රශ්නය - I, IIහි a,b,c,d කොටස් 23) ප්රශ්නය I කොටස a හා b 24) ප්රශ්නය I වැනි කොටස 25) ප්රශ්නය I කොටස, III කොටස හා V කොටස
|
||||
|
||||