|
Z අවුල මීළඟට කොයිබට ද?
මහාචාර්ය
තටිල් මහතා විසින් මීට කලකට ඉහත දී Z ලකුණු ක්‍රමය හඳුන්වා දෙනු ලැබූයේ එවකට
පැවැති, අමු ලකුණු (Raw marks) සෘජු ව ම සැලකිල්ලට ගැනීමේ දී සිදු වන දෝෂයන්
ම`ගහරවා ලීමට ය. එනම් විවිධ විෂයවල පවතින විවිධ වෙනස්කම් නිසා සිසුන් ලබා ගන්නා
ලකුණු ව්‍යාප්ති වෙනස් (විකෘති) වන නිසා ය. A නැමැති විෂයයේ සිසුන් ගේ ලකුණු
ව්‍යාප්තිය, B විෂයයේ සිසුන් ගේ ලකුණු ව්‍යාප්තියට වඩා අපගමනය වශයෙන් සහ මධ්‍යන්‍යය
වශයෙන් පැහැදිලිව වෙනස් විය හැකි ය. ඉතින් මේ වෙනස සිදු වන්නේ ඒ ඒ සිසුන් ඒ ඒ
විෂයයට දක්වන දක්ෂතාව මත නො වී වෙනත් හේතු සාධක (ප්‍රශ්න පත්‍රවල වෙනස්කම්,
ලකුණු දීමේ වෙනස්කම් ආදි ලෙස) මත නම් මේ අමු ලකුණු ඔවුන් සැසඳීමට යොදා ගැනීම
සුදුසු නැත. A විෂයයට ලකුණු 80%ක් ලබා ගන්නා සිසුවකු හා B විෂයයට 80%ක් ලබා ගන්නා
සිසුවකු සැලකිල්ලට ගත හොත් එමඟින් මේ සිසුන් ඒ ඒ විෂයට දක්වන සැබෑ දක්ෂතාව
පිළිබිඹු නො වේ. උදාහරණයක් ලෙස A විෂයයේ පරීක්ෂකවරයා වැඩියෙන් ලකුණු දෙන කෙනකු
වූවා යෑයි සිතන්න. එවිට A විෂයයේ ලකුණුවල ගුණත්මකභාවය අඩු ය. මේ අනුව මේ ලකුණුවල
ගුණාත්මකභාවය සම කෙරුම සඳහා සියලු විෂයවල ලකුණු වෙන වෙන ම ගෙන (ව්‍යාප්ති) ඒවා
සම්මත අපගමනය '1' වන පරිදි සහ මධ්‍යයනය '0' වන පරිදි සැකසේ. (මේ 0, 1 වෙනත් සංඛ්‍යා
ද විය හැකි ය). දැන් මෙසේ සැකසූ ලකුණුවල පෙර කී දෝෂ නැත. (අවම ය.) මෙසේ මධ්‍යන්‍යය
'0' සහ සම්මත අපගමනය '1' වන පරිදි ලකුණු වෙනස් කළ විට ලැබෙන නව ලකුණුවලට 'Z' අගය
යෑයි කියෑවේ. එය ප්රමිතකරණයේ විශේෂ අවස්ථාවකි). අවශ්‍ය නම් මධ්‍යන්‍යය වෙනත්
අගයක් (උදා (- 50) සහ සම්මත අපගමනය තවත් අගයක් (උදා(- 10) වන පරිදි මෙය කළ හැකි
ය.
|