logo6.gif (686 bytes)

arrow7.gif (1098 bytes)


2012 උසස්‌ පෙළ විභාගයටත් ඒ ඉරණම ම ද?

අවසන් වරට විෂයය නිර්දේශ දෙකක්‌ යටතේ පැවැත්වෙන්නේ ළඟ එන උසස්‌ පෙළ විභාගයයි. නව නිර්දේශය යටතේ පළමු වර සහ දෙවැනි වර ලියන සිසුන්ට එක්‌ ප්‍රශ්න පත්‍රයක්‌ මෙන්ම තෙවැනි වර

පැරැණි නිර්දේශයෙන් ලියන සිසුන්ට තවත් ප්‍රශ්න පත්‍රයක්‌ මෙහි දී ලැබෙනු ඇත. මේ ආකාරයට මෙවර ද නිර්දේශ දෙකක්‌ යටතේ විභාගය පැවැත්වුව හොත් Z අගයය ගණනය කිරීමේ දී මෙන්ම විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී ඉකුත් වසරේ දී සිදු වූ ගැටලු ම නැවතත් ඇති වීම වැළැක්‌විය නො හැකි ය. මේ සඳහා විසඳුමක්‌ යෝජනා කිරීම මේ සටහනේ අරමුණයි.

විසඳුම ( මෙවර නව නිර්දේශයෙන් පමණක්‌ විභාගය පැවැත්වීම සහ විභාගය තවත් මසකින් පමණ කල් දැමීම.

මේ විසඳුම තෝරාගැනීමට හේතු සහ එම යෝජනාව ක්‍රියාත්මක කිරීමෙන් වන වාසි (

සියලු ම නව සහ පැරැණි නිර්දේශවල සිසුන්ට ලිවීමට සිදු වන්නේ එක ම ප්‍රශ්න පත්‍රයක්‌ නිසා කිසිදු Z අගයය ගණනය කිරීමක දී හෝ විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ දී ගැටලුවක්‌ හෝ අක්‍රමිකතාවක්‌ ඇති නො වීම.

පෙර වසරවල දී මෙන්ම නිවැරැදිව ප්‍රතිඵල හා ස්‌ථාන සිසුන්ට ලැබීම නිසා ප්‍රතිඵලය විශ්වසනීයත්වයකින් යුතු වීම.

නව නිර්දේශයේ ප්‍රශ්න පත්‍රය සාපේක්‌ෂව පහසු නිසා (එක්‌ එක්‌ විෂයවල දී වෙනස්‌ විය හැකි ය) පැරැණි නිර්දේශයෙන් විභාගයට මුහුණ දෙන සිසුන්ට වඩාත් උද්යෝගයෙන් මෙවර විභාගයට මුහුණ දීමට හැකි වීම.

(මන්ද නිර්දේශ දෙකක්‌ ලෙස පැවසුව ද ඇත්තෙන් ම අලුතින් ම එකතු කර ඇත්තේ ඉතා ම සුළු පාඩම් කිහිපයක්‌ වන අතර ඒවා ද මෙවර විභාගයට නො එන බව විශේෂ ලිපියක්‌ මගින් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පාසල්වලට දැනුම් දී තිබිණි. ඒ අනුව මෙවර විභාගයට බොහෝ විෂයන්ට පැමිණෙන නව හා පැරැණි නිර්දේශ දෙකෙහි ප්‍රශ්න පත්‍ර දෙකෙහි ඇත්තේ එක ම පාඩම්වල ප්‍රශ්න වන අතර එක ම වෙනස ඇත්තේ ප්‍රශ්න පත්‍රවල ව්‍යුහයේ ය. එමෙන් ම උපකාරක පන්තිවල දී ද නව හා පැරැණි ලෙස පන්ති නො පැවැත්වෙන අතර සියල්ලන්ට ම උගන්වන්නේ එක ම විෂයය කරුණු ය).

මේ වෙනස්‌ නව ප්‍රශ්න පත්‍ර ව්‍යුහයට

පැරැණි නිර්දේශයේ සිසුන්ට හුරු වීමට කෙටි කාලයක්‌ ලබා දුන හොත් සියලු ම ගැටලු අවසන් වේ. (විභාගය කල් දැමීය යුත්තේ මේ සඳහා ය).

එමෙන් ම නව සංශෝධිත Z අගයය නිකුත් වීමෙන් පසුව නැවත වරක්‌ විභාගයට පෙනී සිටීමට සතියක පමණ කාලයක්‌ දැනට ඇති සිසුන්ට ද නැවත පාඩම් කටයුතු කිරීමට ප්‍රමාණවත් කාලයක්‌ ලැබීම.

(ඔවුහු නැවත වාරයක්‌ උසස්‌ පෙළ පන්ති නො ගිය ද, ගිය වර උසස්‌ ලෙස විභාගය සමත් වූවෝ වෙති. එනම් දක්‌ෂයෝ වෙති. ඔවුන්ට ඇත්තේ තමන් උගත් දැනුම නැවත වරක්‌ ආවර්ජනය කරගැනීම පමණි. මාසයක පමණ කාලයක්‌ එයට ඉතා ම ප්‍රමාණවත් බව උසස්‌ පෙළ සිසුන් ම වන අප ගේ අදහස වන අතර ප්‍රමාණවත් කාලයක්‌ ලබා දුන හොත් ඔවුන් ද, උද්ඝෝෂණවලට, නඩු මඟට නො බැස නැවතත් පෙරටත් වඩා හොඳින් සූදානම් වී විභාගය වඩාත් මහන්සි වී කරනු ඇත).

මෙවර උසස්‌ පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට ද ප්‍රමාණවත් අන්දමේ කාලයක්‌ වැඩිපුර ලැබීම නිසා ඔවුන් ගේ අධ්‍යයන කටයුතු වඩාත් සාර්ථක කරගත හැකි වීම මෙන්ම පාසල්වල ගුරු මෑණිවරුන්ට හා පියවරුන්ට ද නියමිත පරිදි අමතර පන්ති යොදමින් අතපසු වූ පාඩම් නැවත කියා දීමට කාලයක්‌ ලැබීම.

ලක්‌සහන් විමුක්‌ති ගමගේ