logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
පරිසරය වනසන ව්‍යාපෘති පිටුපස
දේශපාලන බලය ක්‍රියාත්මක වෙනවා
පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන

අමල් උඩවත්ත

"ශ්‍රී ලංකාවේ පරිසරයේ වර්තමාන තත්ත්වය ගැන විමසීමේ දී විවිධ පැතිකඩ ගණනාවක්‌ ඔස්‌සේ කථාකරන්න පුළුවන්. මේ තත්ත්වය යටතේ අනාවරණය වුණු සිද්ධි අතර අනාවරණය නො වුණු සිද්ධි රාශියක්‌ තිබෙනවා. මේ වසරේ මැයි මාසයේ පර්යේෂණ පත්‍රිකාවකින් ප්‍රකාශයට පත් වුණා, ශ්‍රී ලංකාවෙන් අලුත් ශාක විශේෂයක්‌ සොයාගත් බව. මේ පර්යේෂණ පත්‍රිකාව ජර්මන් භාෂාවෙන් ලියා තිබුණු නිසා දේශීය මාධ්‍යවලට අනාවරණය වුණේ නෑ. මේ ශාකය සොයාගත් පර්යේෂකයා ස්‌වීඩන් ජාතික ඇල්සර්ඩ් වාසරි කියන අයෙක්‌. ඒ නිසා ඔහු ගේ නමට අනුව කිප්ටොකොරයි වාසරි (Cහචඑදජදරස ඩ්saරස) කියලයි විද්‍යාත්මකව නම් කරල තිබෙන්නේ. මේ ශාකය අපේ රටින් ගෙන ගියේ වර්ෂ 1992 දියි. මේ ශාකය ගෙන ගියේ නීත්‍යනුකූලව ද, නීතියට පිටුපාල ද යන්න අපිට කියන්න බැහැ. මොකද ජෛවවිවිධත්ව වසර ස්‌ථාපිත කිරීමට වසරකට පෙර මේ ශාකය ගෙන ගිය නිසා. මේ ශාකය හඳුනාගත් පුද්ගලයා ශාක පිළිබඳ විශේෂඥයෙක්‌ නො වෙයි. මේ පුද්ගලයා කාවයියන්, මල් පුළුට්‌ටන් වැනි දේශීය මත්ස්‍යයන් පිළිබඳව හා උන් ගේ වාසස්‌ථාන පිළිබඳ කළ පර්යේෂණවල දී තමයි මේ ශාකය හඳුනා ගත්තේ. දශක දෙකක්‌ පමණ වන තෙක්‌ මේ ශාකය ශ්‍රී ලංකාවට ආවේනික අති උඩයං ශාකයේ තවත් විශේෂයක්‌ කියල හඳුනාගෙන තිබුණේ නෑ. කෙසේ වෙතත් අපට ආවේනික අති උඩයං ශාක විශේෂ 10ට තවත් විශේෂයක්‌ ලෙස මේ නව ශාක විශේෂය එකතු වී විශේෂ 11ක්‌ බවට පත් වී තිබෙනවා" යනුවෙන් ජ්‍යෙෂ්ඨ පරිසර නීතීඥ ජගත් ගුණවර්ධන මහතා පැවසී ය. පසුගිය ජූලි 21 වැනි දින දුම්බර මිතුරෝ සංවිධානය විසින් කොළඹ මහජන පුස්‌තකාලයේ සංවිධානය කළ පරිසර සම්මන්ත්‍රණයේ දී තව දුරටත් අදහස්‌ දැක්‌වූ නීතීඥ ජගත් ගුණවර්ධන මහතා "මේ ශාකය සොයාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවේ දකුණුදිග ප්‍රදේශයේ වන ආවරණයක ඇති සරු ජලජ පරිසර පද්ධතියකින්. පසු කලෙක මේ ශාකය නැවත සොයාගෙන එම ස්‌ථානයට යන කොට එම වගුරු බිම වෙනුවට තිබුණේ ගොඩබිමක්‌ කියලත් විදේශීය පර්යේෂකයා ඒ පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් කරනවා. මේ ශාකය ලංකාවේ වෙනත් තැන්වලින් හමු නො වන නිසා අපිට එය ශ්‍රී ලංකාවෙන් වඳ වී ගිය ශාකයක්‌ ලෙසට හඳුන්වන්න පුළුවන්. මේ සිද්ධි පසුපස තිබෙන්නේ ෙදවාචකයක්‌. එකක්‌ තමයි අපේ තිබෙන පරිසර අර්බුදය. මේ අර්බුදය නිසා පරිසර පද්ධති විනාශ වෙනවා හායනයට ලක්‌ වෙනවා. ඒත් අපි කීයෙන් කී දෙනා ද ඒ දෙස බලාගෙන ඉන්නේ? මේ විනාශයට ලක්‌ වන හා හායනයට ලක්‌ වන සැම පරිසර පද්ධතියක ම ශාක සහ සතුන් කී දෙනෙක්‌ සදහට ම වඳ වී යනව ද? අප නො දන්නා ජීවීන් කොපමණ විනාශ වෙනව ද? මෙයින් කී දෙනෙක්‌ විද්‍යාත්මකව හඳුනාගෙන තිබෙනව ද? නැද්ද? එක පරිසර පද්ධතියක්‌ විනාශ වන විට තවත් පරිසර පද්ධති ගණනාවක ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. මේ බව බොහෝ දෙනෙක්‌ දන්නේ නෑ. අපි රතු දත්ත පොතට විවිධ මට්‌ටමේ වඳ වී යැමට ලක්‌ වූ ජීවීන් ඇතුළත් කරනවා. මේ රතු දත්ත පොතේ සමහර ශාක සහ සත්ත්වයන් වඳ වී යැමේ දැඩි තර්ජනයට ලක්‌ වී ඇතැයි කියලත් සඳහන් කරනවා. මෙහෙම සඳහන් කරමින් අපි කරන්නේ එම ජීවීන් ගේ වාසස්‌ථාන විනාශ කරන එකයි. මේ අතරේ අපි නොදැනුවත් ව ම වටිනා ජීවීන් විනාශ වී හෝ වඳ වී හෝ යනවා. පසුගිය මාසයේ බිබිල ප්‍රදේශයේ අක්‌කර 500ක වනගත ප්‍රදේශයක්‌ එළිපෙහෙළි කරන්න යන බව දැන ගන්න ලැබුණා. වඳ වී යැමේ එළිපත්තේ සිටින ජීවීන් කීප දෙනකු ගේ අවසාන වාස භූමි මේවා තමයි. රතු දත්ත පොතට අනුව අපි ඉදිරියේ ඇති කණගාටුදායක තත්ත්වය තමයි මේ. මේ පරිසර ප්‍රශ්නවල ගැඹුරත්, සංකූලතාවත් වැඩි වෙමින් පවතිනවා. හොඳ ම නිදසුන තමයි පරිසර වනසන ව්‍යාපෘති රටතුළ බිහි වීම. මේ ව්‍යාපෘතිවලින් විනාශ කරන්නේ අපේ රටේ පාරිසරික වශයෙන් වගේම ජෛවවිවිධත්වය අතින් ඉතා ම වැදගත් ප්‍රදේශ. නිදසුනක්‌ ලෙසට නිල්ගල වනාන්තරය ම පෙන්වා දෙන්න පුළුවන්. සිංහරාජය හරහා පාර කපන්න ගියෙත් එවැනි ව්‍යාපෘතියකින්. තුන්වැනි කරුණ තමයි මේ ව්‍යාපෘතිවලට දේශපාලනඥයන් ගෙන් හා නිලධාරීන් ගෙන් සහයෝගය තිබෙන බව. සමහර ව්‍යාපෘතිවලට දේශපාලනඥයන් ගේ මෙන්ම නිලධාරීන් ගේ විශාල සහයෝගයක්‌ තිබෙනවා. ඉතා ම බරපතළ තත්ත්වය තමයි මේ හානිකර ව්‍යාපෘති සාධාරණීකරණය කිරීමට විද්වතෙක්‌ හෝ විද්වතුන් කීප දෙනෙක්‌ සිටීම. මෙවැනි විරෝධතාවලට හඬනඟන්න ඉන්නේ ඉතා ම සීමිත පිරිසක්‌ පමණයි යනුවෙන් පැවසී ය.