logo3.gif (702 bytes)

HOME


නාසා කියුරියොසිටි රෝවරය අඟහරු මත ගොඩ බසියි
 (2012 / 08 / 06)


නාසා ආයතනයෙන් අඟහරු වෙත යවන ලද අති නවීන ජංගම විද්‍යාගාරය වන කියුරියොසිටි රෝවරය මීට ස්‌වල්ප වේලාවකට පෙර ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 11ට පමණ අඟහරු භූමියේ ගේල් ආවාටය තුළට ගොඩබැස්‌සේ ය. (නාසා ජෙට්‌ ප්‍රචාලන විද්‍යාගාරය පිහිටි ප්‍රදේශයේ වේලාව සනිටුහන් වූයේ අගෝස්‌තු 5 වැනි දා ප. ව. 10.31 වශයෙන් වන අතර එවිට ගේල් ආවාටයේ වේලාව ප. ව. 3.00 විය). ගොඩබැසීමෙන් විනාඩි කිහිපයකට පසු අඟහරු භූමියේ දර්ශනයක්‌ එවීමට ද රෝවරය සමත් විය. දොඹකරයක්‌ ලෙස ක්‍රියා කළ විශේෂ රොකට්‌ ඒකකයක්‌ විසින් නයිලෝන් රැහැන් ආධාරයෙන් රෝවරය අඟහරු භූමියෙහි සීරුවෙන් පතිත කරවනු ලැබී ය.