|
නැතිය ඔබ තනි වී........ මහා වන මැද හුදකලා වී නිහ`ඩ ඔබ, වසන පරිසරයෙ ම මුමුණන හ`ඩ ඇසේ ළා දලු බෝපත්, මඳ පවන හා එක් ව නැතත් මල් පහන් ඔබ අසල නැතත් ලෙල දෙන නෙක පැහැ දද පිපී ඇත නෙක පැහැ වන මල් නැහැවෙන්න ඔබේ ගත සුවඳින් ගිම් රැස් සොයා විහිදෙන සේ රැස් වැටී හිනැහෙන සිසිලස බෙදා තුටු වන ඔබයි වන මැද රජයන නිරතුරු සිටින සියොතුන් සා මුව කැළ ද සමඟින් ගෙවන දිවි සතුටින් නැතිය තනි වී කෙලෙසින් බමන මී මැසි කැළට ඉඩ දෙන නවාතැන් හදනට ඔබේ පියකරු දසුන වටී වන මැද සරන දන හට සිපගෙන හුස්ම පොද හෙළන තුරුලිය හා වන සතුන් අඩු කරන මිහිතල උණුසුම පිරිසිදු කරන වා ගැබ සිසිලැති බෝ රැකක් ලෙස බෝ කල් පවතින්නට පතමි මනු සත වෙනුවෙන් මේ මිහිතලය මත වෙසෙන උපාලි ජයවීර, ජීව විද්‍යා ආචාර්ය, මහ/ශ්‍රී රාහුල විද්‍යාලය, කටුගස්තොට, මහනුවර. |
||||
|
||||