|
නියඟය සහ ඩෙංගි බිම හෙළයි වෘක්ෂයෝ සියක් වස් සෙවණ දුන් ...... තනයි විසිතුරු උයන් කොන්ක්රීට සිසිල දුන් ...... යොමා හිස් සිරස් උන් අහස් කුස දෙස බලා ...... යදියි ඉන් දිය බිඳක් බොහෝ සුසුමන් හෙළා ...... සීරුවට අත රැඳුණු ඉවත ලයි කසළ කුණු ...... ගොඩ ගැසෙයි දුඟඳ කඳු දැමූ උන් නැති නමුදු ...... අකාලෙට මිලින වනු දැක දැකත් මල් කැකුළු ...... වැහි බිඳක් තරම් වත් උන් ඇසේ නැත කඳුළු ...... ඩබ්ලිව්. එච්. තරිඳු ප්රියදර්ශන, අලව්ව. |
||||
|
||||