|
අම්මේ.. රජුන් පැන ගිය ප්‍රේම විජිතයෙ සතර ඉවුරෙන් දමා වටමුර ක`දුළ සත්‍යය සතොප සුසුමක් තලද්දී මා හද නිතින් පළා ආයෙමි කුරුබිලෙන් මම පතා පිළිසරණක් ලොවෙන්............ සෙනේහේ තාලයෙන් ගැහෙනා හදක් ළඟ නැවතුණෙමි වෙහෙස ව හැඬූවා ඒ දැස මා හා මගේ දුක දැක දැවී හදවත දැවුණු මන්දිර, බිඳුණු බළකොටු මැදින් මා අතගෙන නඟා පිය කියා දුන් ලෝ දමක අරුමය මෙබිම කිසි දා නුදුටුවෙමි මම............. බිදුණු දිවිය ම එකතු කොට යළි - ඒ මැදින් ඉපදෙන්න දලු ලා දිරිය දුන් මහ පොළොව නුඹ විය ඉරි තැලුණු හද තවා සනහා - සෙනේහේ කිරි දියෙන් නහවා සතුටු වූ ස`ද මඬල නුඹ විය පවස නිවනා සිසිල් පහසින් පොහොණි කළ මා දිවි ඉපල්තුර සෙනෙහසේ මහ නදිය නුඹ විය මහ මෙරක් සේ අචල සුවිසල් මෙතෙක් මා නොම දුටුව සුන්දර ආදරය නම් නුඹ ම විය මට මදාරා පස`දනී ගුණවර්ධන, 12 ශ්‍රේණිය - A (ජීව විද්‍යා), තෙලිඡ්ජවිල මධ්‍ය විද්‍යාලය. |
||||
|
||||