logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
ඩෙල්ටා ඇක්‌වේරිඩ්ස්‌
උල්කාපාත වර්ෂාව ජුලි 27


කුම්භ හෙවත් ඇක්‌වේරියස්‌ තාරකා රාශිය පසුබිම් කර වාර්ෂිකව හටගන්නා ඩෙල්ටා ඇක්‌වේරිඩ්ස්‌ (Delta Aquarids) උල්කා පාත වර්ෂාව ජූලි 27 සිට 30 දක්‌වා කාලය තුළ ශ්‍රී ලංකාවට දිස්‌ වීමට නියමිත ය. මේ දිනවල රාත්‍රී 10න් පසු අහසේ දකුණු දිශාව නිරීක්‍ෂණය කළ හොත් පැයක කාල සීමාවක්‌ තුළ උල්කාපාත 20ක්‌ පමණ ඉතා දීප්තිමත් ආලෝක ධාරා විහිදුවමින් පෘථිවිය දෙසට ඇදී එන අන්දම පියවි ඇසින් නිරීක්‍ෂණය කළ හැකි ය. රාත්‍රී 10න් පසු පාන්දර 4 පමණ වන තෙක්‌ නොකඩවා අහස නිරීක්‍ෂණය කළ හොත් මධ්‍යම රාත්‍රියට පෙර පියවි ඇසට දිස්‌ වන උල්කාපාත ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක්‌ මධ්‍යම රාත්‍රියෙන් පසු පෘථිවියට ඇදී එන අන්දම පහසුවෙන් නිරීක්‍ෂණය කළ හැකි ය. මඳ වේලාවක්‌ නිරීක්‍ෂණය කරන විට කුම්භ තාරකා රාශියේ එක්‌තරා ලක්‌ෂ්‍යයකින් මේ උල්කාපාත විහිදී එන්නාක්‌ සේ පෙනේ. මේ ලක්ෂ්‍යය විහිදුම් ලක්‌ෂ්‍යය (Radiant point) යනුවෙන් හැඳින්වෙයි. (වසර 2006 ජූලි 28 වැනි දින අලුයම 4.00ට දිස්‌ වූ ඇක්‌වේරිඩ්ස්‌ උල්කාපාත වර්ෂාව ඉහත රූපයෙන් දැක්‌වෙයි.)

අමල් උඩවත්ත