logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
විද්‍යා චිත්‍රකථා තරගය ලියාපදිංචි වීමේ
අවසන් දිනය අගෝස්‌තු 02


ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය විදුසර විද්‍යා සඟරාව සමග එක්‌ ව සංවිධානය කරන සමස්‌ත ලංකා අන්තර්පාඨශාලීය විද්‍යා චිත්‍රකථා තරගයට කල් තබා ලියාපදිංචි වීමේ අයදුම්පත් භාර ගන්නා දිනය අගෝස්‌තු 02 වැනි දා දක්‌වා දීර්ඝ කර ඇත. තරගය සඳහා ඉදිරිපත් වන කණ්‌ඩායම් එදිනට පෙර අයදුම්පතක්‌ යොමු කළ යුතු වේ. (චිත්‍රකථාව යොමු කිරීමට පෙර). ඉකුත් ජුනි මාසය ඇතුළත විදුසර සඟරාවේ 10 වැනි පිටුවෙහි පළ වූ කූපනයේ විමසා ඇති තොරතුරු අයදුම්පතට ඇතුළත් විය යුතු ය. මෙකී කූපනය අගෝස්‌තු මාසය තුළ නැවතත් විදුසරෙහි පළ වන අතර අගෝස්‌තු 31 වැනි දාට පෙර, පත්‍රයෙන් කපාගන්නා එම කූපනය පුරවා චිත්‍ර කථාව ද සමග තැපැල් කර එවිය යුතු වේ. ලිපිනය( විද්‍යා චිත්‍රකථා තරගය, විදුසර, උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්, 223, බ්ලුමෙන්ඩල් පාර, කොළඹ 13.