logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියෙන්
ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ජයග්‍රහණ


තමරි රණතුංග

පසුගිය සතියේ දී සිංගප්පූරුවේ පැවැති 2012 අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රිදී සහ ලෝකඩ පදක්‌කම් දෙකක්‌ ද, කුසලතා ඇගයීම් සහතික දෙකක්‌ ද දිනා ගැනීමට හැකි විය. 2011 අ. පො. ස. උසස්‌ පෙළ විභාගයෙහි ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්‌ථානය හිමි කර ගත් කොළඹ රාජකීය විද්‍යාලයයේ ශිෂ්‍යයකු වූ ප්‍රමිත් රුවන්පතිරණ රිදී පදක්‌කම දිනා ගත්තේ ය. වෙන්නප්පුව ජෝසප් වාස්‌ විද්‍යාලයයෙහි 13 ශ්‍රේණියෙහි ඉගෙනුම ලබන ප්‍රසාන් තුරුල් වර්ණකුල විසින් ලෝකඩ පදක්‌කම දිනා ගන්නා ලදි. කොළඹ රාජකීය විද්‍යාලයේ ජනිත් ගුණරත්න සහ කොළඹ විශාඛා විද්‍යාලයයේ මධුෂානි දිල්හාරා රුද්‍රිගු කුසලතා ඇගයීම් සහතික හිමි කර ගත් හ.

2011 සැප්තැම්බර් මස පැවැත්වූ ශ්‍රී ලංකා ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට ඉදිරිපත් වූ සිසුන් 2300ක්‌ අතුරින් වැඩි ම ලකුණු ලබා ගනිමින් ඔවුහු මෙම අන්තර්ජාතික තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ හ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය හිරාන් අමරසේකර, මහාචාර්ය එච්. ජී. නන්දදාස සහ කැලණිය විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය එම්. ඡේ. එස්‌. විඡේරත්න යන මහත්වරු ජූරි සභිකයන් ලෙස තරගාවලියට සහභාගී වූ හ. රටවල් 59ක්‌ නියෝජනය කරමින් ජූරි සහිකයන් 205ක්‌ සහ ජීව විද්‍යා සිසුන් 230ක්‌ මේ තරගාවලියට ඉදිරිපත් වූ හ.