logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
පුරාවස්‌තුවල රසායනික සංයුතිය හඳුනාගැනීමට
එක්‌ස්‌ කිරණ ප්‍රතිදීප්ත ජංගම උපකරණ
රටට හඳුන්වා දීම කාලීන අවශ්‍යතාවක්‌


අමල් උඩවත්ත

පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනා ඉදිකිරීම්වල හා පුරාවස්‌තුවල අන්තර්ගත සංයුතිය හඳුනා ගැනීම සඳහා එක්‌ස්‌ කිරණ ප්‍රතිදීප්ත (X ray fluorescence) ජංගම උපකරණ මෙරටට හඳුන්වා දීමේ අවශ්‍යතාවක්‌ මතු වී ඇතැයි පරමාණුක බලශක්‌ති අධිකාරියේ ජෛවවිද්‍යා අධ්‍යයනංශයේ අංශ ප්‍රධානි වජිර වඩුගේ මහතා විදුසර කළ විමසීමක දී පැවසී ය. පරමාණුක බලශක්‌ති අධිකාරියේ ජෛවවිද්‍යා පර්යේෂණාගාරයේ තිබෙන එක්‌ස්‌ කිරණ ප්‍රතිදීප්ත උපකරණය මඟින් ඕනෑ ම ද්‍රව්‍යයක රසායන සංයුතිය හඳුනා ගැනීමේ හැකියාව ඇතත් මේ වන තෙක්‌ පුරාවිද්‍යාත්මක වශයෙන් හා සංස්‌කෘතික වශයෙන් වටිනා භාණ්‌ඩවල රසායනික සංයුතිය හඳුනා ගැනීමේ පරීක්‍ෂණ විධිමත්ව ශ්‍රී ලංකාවේ සිදු වී නැති බව ද ඒ මහතා පෙන්වා දුන්නේ ය. මේ සම්බන්ධයෙන් ඒ මහතා වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූයේ මේ අයුරිනි. එක්‌ස්‌ කිරණ ප්‍රතිදීප්ත උපකරණය තැනින් තැනට ගෙන යන්න අපහසුයි. ප්‍රමාණයෙන් විශාලයි. ඒ නිසා අපට ජංගම එක්‌ස්‌ කිරණ ප්‍රතිදීප්ත උපකරණ අවශ්‍යයි. මේ ජංගම උපකරණ ඕනෑ ම තැනකට ගෙන ගිහින් අදාළ ස්‌ථානයේ සංයුතිය නිර්ණය කර ගන්න පුළුවන්. නිදසුනක්‌ ලෙස සීගිරි බිතුසිතුවම්වල වර්ණවල සංයුතිය, ඒ වගේම මැටි බඳුන්වල සංයුතිය හඳුනා ගැනීමේ දී මෙවැනි ක්‍රමවේදයක්‌ මහෝපකාරී වෙනවා. ඒවා සංරක්‍ෂණය කිරීමේ දී වර්ණවල හෝ මැටි බඳුන්වල හෝ සංයුතිය හඳුනා ගැනීම අත්‍යවශ්‍යයි. මේ සඳහා මුලපිරීමක්‌ වශයෙන් පරමාණුක බලශක්‌ති අධිකාරිය මඟින් පුරාවිද්‍යාත්මක ක්‍ෂෙත්‍රයේ ඉන්න පර්යේෂකයන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක්‌ විදෙස්‌ විද්‍යාඥයන් ගෙන්වා පවත්වනවා. ඉකුත් දා පැවැත්වූ සම්මන්ත්‍රණයට විදෙස්‌ විද්‍යාඥයන් එක්‌ස්‌ කිරණ ප්‍රතිදීප්ත ජංගම උපකරණයක්‌ ගෙනැවිත් ප්‍රායෝගිකව අත්හදා බැලීම් කළා. ඒ උපකරණය මෙරටට ගෙනාවේ සම්මන්ත්‍රණයේ ප්‍රායෝගික අත්හදා බැලීම් සඳහා පමණයි. නමුත් අපට ම කියා මෙවැනි උපකරණ තිබීමේ අවශ්‍යතාව දැන් ඇති වී තිබෙනවා. රුපියල් ලක්‍ෂ 50ක්‌ වැනි අධික මිලක්‌ වැය වුණත් එවැනි උපකරණයක්‌ ගෙන්වා ගැනීම මඟින් මේ රටේ වටිනා පුරා වස්‌තුවල සංයුතිය අධ්‍යයනය කර ඒවා සංරක්‍ෂණය කරන්න හැකි වේ වි".