|
වන නිරතුරු මඟ අනතුරු
පොලිස්
දත්ත අනුව ශ්රී ලංකාව තුළ රිය අනතුරු නිසා වසරකට මරණ 2000-2500 ක් පමණ සිදු වේ.
පසුගිය වසර කිහිපය තුළ දත්ත විමසන කල එම සංඛ්යාවන්හි පැහැදිලි ඉහළ යැමක්
නිරීක්ෂණය කළ හැකි ය. අද වන විට දිනකට මහ මඟ ජීවිත 6ක් වත් විනාශ වන බවත් සැම
විනාඩි 10කට වරක් ශ්රී ලංකාවේ කොතැනක හෝ රිය අනතුරක් සිදු වන බවත් තිත්ත ඇත්ත
වේ.
රට තුළ රිය අනතුරු
රටාව විමසන කල මිය යන පුද්ගලයන් ගෙන් 80%ක් පිරිමින් ය. එසේ ම මිය යන අය අතුරින්
41% ක් රියෑදුරන් (බොහෝ විට මෝටර් සයිකල් හා ත්රීරෝද රථ) බවත්, 33%ක් පදිකයන් හා
26%ක් වාහනවල මඟීන් වන බවත් පෙනී යයි.
|