logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
විද්‍යාපීඨවල ආචාර්යවරුන් ගේ හිඟයක්‌
වාණිජ විද්‍යාවට කිසි ම ආචාර්යවරයෙක්‌ නැහැ

නිලන්ත මදුරාවල

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල ආචාර්යවරුන් ගේ හිඟයක්‌ පැවතීම නිසා ගුරු පුහුණුව ලබන සිසුන් දැඩි අපහසුතාවකට පත් වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. එම ආරංචි මාර්ගවලට අනුව ශ්‍රී ලංකාවේ තිබෙන විද්‍යා පිඨ 17ට අනුමත ආචාර්යවරුන් ගේ ගණන 1100කි. මේ අතරින් සිංහල මාධ්‍ය 97, දෙමළ මාධ්‍ය 99, ඉංගී්‍රසි මාධ්‍ය 77 යනාදි වශයෙන් ආචාර්ය පුරප්පාඩු පවතී.

සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන, සිංහල මාධ්‍ය ආචාර්යවරුන් ගේ පුරප්පාඩු ගණන 20කි. ඉංග්‍රීසි මාධ්‍ය තොරතුරු තාක්‍ෂණ ආචාර්යවරුන් 17ක ගේ හිඟයක්‌ ඇත. වාණිජ විද්‍යා පාඨමාලාව පැවැත්වෙන වයඹ හා පස්‌දුන්රට යන විද්‍යාපීඨවල ස්‌ථිර වාණිජ ආචාර්යවරුන් නොමැත. ඒ වෙනුවට වෙනත් ආචාර්යවරුන් ඉගැන්වීම් කරන බැවින් ඉන් සාර්ථක ප්‍රතිඵල නො ලැබෙන බව විද්‍යාපීඨ ආරාංචි මාර්ග පවසයි.

ආචාර්යවරුන් බඳවා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විධිමත් ක්‍රමවේදයක්‌ අනුගමනය නො කිරීම මේ පුරප්පාඩු ඉහළ යැමට හේතුවක්‌ වී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි. මේ ආචාර්යවරුන් ගුරු අධ්‍යාපනඥ සේවයට අයත් වෙයි. මේ සේවයේ පළමු ශ්‍රේණියේ ආචාර්යවරුන් 17 දෙනකු සිටිය යුතු වුවත් දැනට සිටින්නේ 6 දෙනකු පමණි. දෙවැනි ශේණියේ ආචාර්යවරුන් 47ක්‌ සිටිය යුතු වුවත් දැනට ඉeගන්වීම් කරන්නේ 9 දෙනකු පමණි.