|
ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය විවෘත වෙයි අමල් උඩවත්ත වසර 2006 මාර්තු 03 වැනි දින මුල් ගල තබා ආරම්භ කළ ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය 2012 ජූලි 14 වැනි දින ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි. ශ්‍රී ලංකාවේ අවසාන ජල විදුලි බලාගාරය වන මෙමඟින් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 150ක විදුලි ධාරිතාවක් එක් කෙරෙයි. ජපන් සහයෝගීතා බැංකුව මඟින් ජපාන යෙන් මිලියන 37817ක් හා ලංකා විදුලි බල මණ්ඩලයෙන් රුපියල් මිලියන 18548ක් මේ ව්‍යාපෘතියට වැය කර ඇත. වාර්ෂිකව ගිගාවොට් පැය 409ක විදුලියක් නිපදවන මෙහි මෙගාවොට් 75000කින් යුත් විදුලි ජනක යන්ත්‍ර දෙකක් ක්‍රියා කරයි. |
||||
|
||||