|
පිණිපාවක ඉරණම තුෂර බිඳු සැම තැන ම තණ පිඩලි මත වුණා සුමුදු නල රැජින විත් සිසිල් බව එක් වුණා රිවිකිරණ මැද සොඳුරු පිණිපාව හිනැහුණා විහ`ග ගී නද මැදින් සුගන්දය විසිරුණා මේ සෑම දේ එක් ව දෙව්ලොවක සිරි ගෙනා පිණිපාව නො දනී වි, සැඳෑවත් ළං වුණා අහස් ගැබ අඳුරේ ය රිවි රජිඳු සැ`ගවුණා පිණිපාව පෙති සැලී කඳුළේ ම කිමිදුණා තත්සරා විබෝධි අබේසිංහ, 1BS1 (ජීව විද්‍යා), තක්ෂිලා මධ්‍ය විද්‍යාලය, හොරණ. |
||||
|
||||