logo6.gif (686 bytes)

arrow7.gif (1098 bytes)



සිහිනයට ඉඩදෙන්න...........


සිහිනයට ඉඩදෙන්න අළු ගසා නැඟිටින්න

නැ`ගිට සරසවිය පෙනෙනා ඉමට පැමිණෙන්න

සුර`ගනට ඉඩ දෙන්න සිහිනයට තටු දෙන්න

මිටින් හළ විහ`ගකුට දැනෙන තුට විඳගන්න


බැමි පවුරු මැද ගෙවන දිවියකට සමු දෙන්න

කාලයක්‌ පැමිණ ඇත ගී කියන විහ`ගුන්ට

දෙ අවුරුදු සිත සිර වු ගී පදය මුමුණන්න

තාල ස්‌වර තැනෙන කාලය අත ළ`ගයි සබඳ


දිවි කඳුර ජයගන්න නව ලොවට පිවිසෙන්න

හෙට ලොවට එළිය දෙන දිළෙන තරුවක්‌ වන්න

කිරිල්ලිය කැදැල්ලට වඩින මේ වසත් කල

තටු රැගත් සිහිනයක්‌ එක්‌ක සරසවි එන්න


තීක්‌ෂණ විද්‍යාසේකර,
2013 A/L
මලියදේව විද්‍යාලය,
කුරුණෑගල.