logo6.gif (686 bytes)

arrow7.gif (1098 bytes)


නො දනී...............


කඳුළ නො හෙළු නෙතක්‌ නො දනී

නෙතෙන් ගිලිsහෙන කඳුළෙ උණුසුම,

සොවින් තෙත් නූ හදක්‌ නො දනී

ගැඹුරු වූ සුසුමන්හිs අර්ථය,

බියට පත් නො වු හදක්‌ නො දනී

වෙනස්‌ වන සැටි හදෙහි රිද්මය,

සිනහ විය`ඵණු මුවක්‌ නො දනී

නිමල වූ මඳහසක මහිමය,

හැ`ගුම් කැළඹුණ මනස නො දනී

ආත්මය කොහි සැරිසරන බව,

සිහින බොඳ නො ව පැතුම් නො දනී

යළි කෙසේ නැඟිටිය යුතු ද බව,

නො විඳි ආදර සිතක්‌ නො දනී

නො වියෑකෙන සෙනෙහසේ අරුමය

මෙසැම විඳි මා වුවත් නො දනී

මෙලෙස හිඳිනා මා කවුද වග.


එච්. එම්. කසුන්සලා ගිම්හානි,
12 ජීව විද්‍යා A 2014,
නාත්/ධම්මිස්‌සර මධ්‍ය මහා විද්‍යාලය, නාත්තණ්‌ඩිය.