logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
නිදහස්‌ කළ ආසනික්‌ අඩංගු පළිබෝධනාශක ගැන
අධිකරණය වාර්තාවක්‌ ඉල්ලයි


පරිසර යුක්‌ති කේන්ද්‍රය විසින් පළිබෝධ නාශක රෙජිස්‌ට්‍රාර් සහ රේගු අධ්‍යක්‍ෂ ජනරාල් වග උත්තරකරුවන් කරමින් රේගුව භාරයේ තිබුණු ආසනික්‌ අඩංගු පළිබෝධ නාශක සහිත බහාලුම් නිදහස්‌ කිරීම වළක්‌වන මෙන් නියෝගයක්‌ ඉල්ලා මහාධිකරණයේ පවරා තිබු රිට්‌ නඩුව 2012.07.04 වැනි බදාදා නැවත කැඳවන ලදී. එහි දී පෞද්ගලිකව පෙනී සිටි රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එම බහාලුම් රේගුවෙන් පිට කිරීම වළක්‌වාලමින් ගරු අධිකරණය නියෝග කරන විටත් ආසනික්‌ සහිත පළිබෝධ නාශක අඩංගු බහාලුම් පළිබෝධ නාශක රෙජිස්‌ට්‍රාර්වරයා ගේ නිර්දේශය මත රේගුවෙන් නිදහස්‌ කර ඇති බැව් අධිකරණයට දන්වා සිටියේ ය. පරිසර යුක්‌ති කේන්ද්‍රය විසින් නිකුත් කරන ලද මේ හා සම්බන්ධ නිවේදනයේ සඳහන් අන්දමට මහාධිකරණ විනිසුරු කුමුදිනි වික්‍රමසිංහ මහත්මිය ආසනික්‌ අඩංගු පළිබෝධනාශක රේගුව භාරයෙන් මුදවා ඇත්නම් දෙවැනි වගඋත්තරකරු වන පළිබෝධ නාශක රෙජිස්‌ට්‍රාර් ගේ උපදෙස්‌ මත එම මුදා හරින ලද පළිබෝධ නාශක පරීක්‍ෂා කර විශ්ලේෂණය කර වාර්තාවක්‌ රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන එම වාර්තාවේ පළිබෝධ නාශකවල අඩංගු ආසනික්‌ ප්‍රමාණය මහජනතාව ගේ සෞඛ්‍යයට අහිතකර වේ ද යන්න ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත. මෙහි දී වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සෝභිත රාජකරුණා මහතා පෙනී සිටි අතර පෙත්සම්කාර පරිසර යුක්‌ති කේන්ද්‍රය වෙනුවෙන් නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේ ය.