logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
සාපේක්‌ෂතාවාදය සරල බසින්

තමරි රණතුංග

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන ආචාර්ය ප්‍රසන්න මධුරංග ප්‍රනාන්දු විසින් රචිත "සාපේක්‌ෂතාවාදය" ශාස්‌ත්‍රීය ග්‍රන්ථය සරසවි ප්‍රකාශනයක්‌ ලෙස හෙට (ජූලි 12) එළි දැක්‌වේ. ග්‍රන්ථය දොරට වැඩීම එදින ප.ව. 3.00ට කොළඹ මහජන පුස්‌තකාල ශ්‍රවණාගාරයේ දී සිදු කෙරේ. එහි දී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ධම්මික තන්ත්‍රීගොඩ, මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ සහ ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර යන මහත්වරුන් දේශන පැවැත්වීමට නියමිත ය.

භූ භෞතික විද්‍යා අංශයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් ආචාර්ය ප්‍රසන්න මධුරංගයන් ගේ දැනුම එම විෂයට පමණක්‌ සීමා නො වෙමින් පරිගණක භෞතික විද්‍යාව, න්‍යායාත්මක ගණිතය, දර්ශනය, සංගීතය සහ සාහිත්‍යය යන විෂය පරාසයන්හි විහිදී ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ අවසන් වසර සිසුන් හට "සාපේක්‌ෂතාවාදය" විෂය ඒකකය උගන්වනු ලබන්නේ ද ආචාර්ය ප්‍රසන්න මධුරංග විසිනි.