logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
අ. පො. ස. (සා/පෙළ) සහ (උසස්‌ පෙළ) අසමත්
සිසුන්ට කාර්මික අධ්‍යාපනය


පී. එල්. ජයවර්ධන

අ. පො. ස. සාමාන්‍ය පෙළ සහ උසස්‌ පෙළ අසමත් වන සිසුන්ට සවස්‌ වරුවේ සහ සති අන්තයේ දී පාසලේ දී ම කාර්මික අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතා පවසයි. ඒ මහතා මෙසේ පැවසුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ මීපේ පිහිටි අධ්‍යාපන නායකත්ව සංවර්ධන මධ්‍යස්‌ථානයේ දී විදුහල්පතිවරුන් 5000ක්‌ සඳහා පැවැති පුහුණු වැඩසටහනක දී ය. එහි දී මන්ත්‍රිවරයා මෙසේ ද පැවසුවේ ය. "මීට පසු අ. පො. ස සාමාන්‍ය පෙළ අසමත් වන ළමයින්ට පාසල් හැර යැම් සහතිකය දෙන්නේ නැහැ. ඔවුන්ට ඒ ඒ විෂය අ. පො. ස. සාමාන්‍ය පෙළට ඉගෙනගත් පැය ගණන සඳහන් සහතිකයක්‌ ලබා දෙනවා. ඒ අනුව කාර්මික අධ්‍යාපනය ලබා ගන්න අවස්‌ථාව දෙනවා. මෙසේ කාර්මික අධ්‍යාපනය ලබන දරුවන්ට තාක්‍ෂණ විශ්වවිද්‍යාල හරහා උපාධිය දක්‌වා ඉගෙන ගැනීමට අවස්‌ථාව තියෙනවා.