logo3.gif (702 bytes)

HOME


ජල සම්පත රැක ගැනීමට
පරිගණකයේ සහාය


ජලය යනු කුමක්‌ දැයි කිසිවකුට වටහා දීමට අවශ්‍ය නො වේ. මිනිසාට අත්‍යවශ්‍ය ම ද්‍රව්‍ය අතරින් එකකි, ජලය. අප විසින් ජලය ලබා ගැනෙන ආකාර කිහිපයකි. ළිං මාර්ගයෙන්, ඇළ දොළ මාර්ගයෙන්, වර්ෂාවෙන් හෝ නළ මාර්ගවලිනි ඒ. මේ මාර්ගයන්ට ජලය ලැබෙනුයේ කෙසේ ද? ස්‌වාභාවික ජල චක්‍රයේ ඇති ආකාර කිහිපයෙන් එකක්‌ හෝ විවිධ ක්‍රමවේද ම`ගින් ජලය අපට ලබා ගත හැකි ය. පොළොව මතුපිට ගලා යන ජලය මතුපිට ජලය (Surface water) ලෙසත්, පොළොව අභ්‍යන්තරයෙන් ලබාගන්නා ජලය භූගත ජලය (Ground water) ලෙසත් හැඳින්වේ. ශ්‍රී ලංකාව මේ දෙයාකාරයෙන් ම ජලයෙන් ම පොහොසත් ය.

මතුපිට ගලා යන ගංගා 103කින් පෝෂණය වන ශ්‍රී ලංකා භූමිය ඉතා වාසනාවන්ත රටකි. එහෙත් දැන් දැන් ගෝලීය උණුසුමත් සම`ග ම අප අත්විඳින දේශගුණික විපර්යාස හේතුවෙන් බොහොමයක්‌ වියළි කලාපීය ගංගා නිරන්තර වියෑළීමට ලක්‌ වේ. මේ නිසා දැන් භූගත ජලය කෙරෙහි ඇති අවධානය වර්ධනය වෙමින් පවතී. භූගත ජලය ර පවතින ප්‍රදේශය භූගත ජල සංවායක (Aquifer) ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාවේ පවතින භූගත ජල සංචායක වර්ග 6කට කැටි කොට දක්‌වා ඇත.

මේ අතුරින් වෙරළබඩ ජල සංචායක සුවිශේෂී වේ. එයට හේතු වන කාරණා රැසකි. බොහොමයක්‌ වෙරළබඩ ජල සංචායක තුළ පවතින්නේ වැලි හෝ වැලි මිශ්‍ර පසකි. ජලය රැඳී පවතින්නේ මේ වැලි කැටි අතර පවතින සිදුරු හෝ ජිද්‍ර අවකාශ තුළ ය. සාමාන්‍ය මැටි පසකට වඩා වැලි සහිත පසක පවතින ජිද්‍ර අවකාශ ප්‍රමාණය බොහා සෙයින් අධික නිසා වෙරළබඩ ජල සංචායකයක ජලය විශාල ලෙසින් ගබඩා වී ඇත. විශාලත්වය හා සසඳන කල මේ ජල සංචායක තුළ ගබඩා වී ඇති ජල ප්‍රමාණය අතිමහත් ය. එබැවින් ඵලදායීතාව අතින් වෙරළබඩ ජල සංචායක ඉතා ඉහළ අගයක්‌ පෙන්වයි. එය එක්‌ කරුණකි.

මේ වෙරළබඩ ජල සංචායක පෝෂණය වනුයේ වර්ෂාවෙනි. වර්ෂා ජලයේ ගුණාත්මක භාවය ඉහළ ය. එබැවින් වෙරළබඩ ජල සංචායක තුළ ඇත්තේ ගුණාත්මක බවින් ඉහළ පානයට සුදුසු තත්ත්වයේ ජලයයි. වෙරළට එපිටින් ඇත්තේ ඉන්දියන් සාගරයයි. සාගරයේ පවතින්නේ පානීය ජලයට වඩා ඝනත්වයෙන් වැඩි කරදියයි. නැත හොත් ලවණ ජලයයි. ලවණ ජලය ඝනත්වයෙන් වැඩි බැවින් ස්‌වාභාවික ව ම එය පද්ධතියේ පහළින් ම පවතී. භූගත ජල සංචායකයක්‌ ලවණ ජලයෙන් මායිම් ව ඇති කල සංචායකයේ පවතින මිරිදිය පිටතට ගලා යැම සීමා වෙයි. එබැවින් ජලය සංචායකය තුළ එකතු වේ. මෙය වෙරළබඩ මෙන්ම කුඩා දිවයින් ආශ්‍රිතව දැකිය හැකි ය. දිවයිනක නම් හැම පැත්තෙන් ම මිරිදිය, කරදියෙන් වට ව ඇති නිසා මිරිදිය ජල සංචායකය උත්තල කාචයක හැඩය ගනී. තව ද මේ කාච ස්‌වභාවය නිසා ජලය ඉතා පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව ලැබේ. මේ වෙරළබඩ ජල සංචායකයන් ගේ ඇති ළිං ඉතා නො ගැඹුරු ය. රට මැද භූගත ජලය ලබා ගැනීම සඳහා නළ ළිඳක්‌ මීටර 50 හෝ ඊට වැඩි ගැඹුරක්‌ ගන්නා මුත් වෙරළාසන්න ළිඳක්‌ මීටර 3 - 8ත් අතර ගැඹුරකින් යුතු වේ. එබැවින් ජලය ලබා ගැනීමට යන වියදම හා ශ්‍රමය අතින් ද මේ සංචායක අගනා ස්‌ථානයක්‌ හිමි කර ගනී. මේ හේතු කාරණා කීපය නිසා වෙරළබඩ ජල සංචායක ඉහළ වටිනාකමකින් යුතු වේ. ප්‍රමාණාත්මක හා ගුණාත්මක බවින් ඉහළ ජලය දරන මේ ජල සංචායක වෙතට අවධානය යොමු විය යුත්තේ එබැවිනි.

වැලි සහිත පස නිසා ලැබෙන ධනාත්මක කරුණු මෙන්ම ගැටලු ද නැත්තේ නො වේ. මේ පසෙහි පාරගම්‍යතාව (permeability) නැත හොත් ජලය ගලා යැමේ වේගය ඉහළ ය. මෙය ධනාත්මක ලෙසින් බලපාන්නේ අධික ලෙස ජලය පොම්ප කරන අවස්‌ථාවන්හි දී ය. වටපිටාවෙහි ඇති ජලය ශීඝ්‍රයෙන් පොම්ප කරන ළිඳ තුළට ඇදී එම නිසා ජලය පහසුවෙන් ලබා ගත හැකි අතර වටපිටාවේ ඇති ළිංවල ජල මට්‌ටමට ඇති බලපෑම ඉතා අවම ය. එහෙත් පාරගම්‍යතාව ඉහළ වීම හේතුවෙන් යම්කිසි දූෂකයක්‌ සංචායකය තුළට ඇතුළු වුව හොත් මුළු සංචායකය ම ඉතා ඉක්‌මනිsන් දූෂණය වේ. එම හේතුව නිසා වෙරළබඩ ජල සංචායක ජල දූෂණයට ලක්‌ වීමේ අවදානමින් නිරන්තරයෙන් පෙළෙයි. අප කවුරුත් දන්නා පරිදි වෙරළබඩ ජනගහනය ඉතා අධික ය. විශේෂයෙන් ම හෝටල්, කර්මාන්තශාලා අධික ලෙස වෙරළබඩ ජල සංචායකයන් ගෙන් ජලය ඉවතට පොම්ප කරයි. එසේ ම දැඩි ජන ඝනත්වයක්‌ සහිත ප්‍රදේශවල ද එදිනෙදා වැඩකටයුතු සඳහා සැම පවුලක්‌ ම තම කුඩා බිම් තීරුවේ ඇති ළිඳෙන් ජලය පොම්ප කිරීම කර ගනී. මේ නිසා වෙරළබඩ ජල සංචායක අධික ලෙස ජලය පොම්ප කිරීමේ තර්ජනයට මුහුණ දී තිබේ.

මේ ජල සංචායක පත්ල බොහෝ විට කරදියෙන් සමන්විත ය. එසේ වුව හොත් අධික ජලය පොම්ප කිරීම හේතුවෙන් කරදිය ඉහළට ඇදී ඒම සිදු වේ. කරදිය අක්‍රාන්තිය හෙවත් කරදිය ගොඩබිම් තුළට පැමිණීම (Salt water intrusion) බොහොමයක්‌ රටවල වෙරළබඩ ජල සංචායක අත්විඳින්නා වූ අපහසුතාවයි. ශ්‍රී ලංකාවේ ද මේ තත්ත්වය වෙරළබඩ ස්‌ථාන බොහොමයකින් වාර්තා වෙයි. කොග්ගල නිදහස්‌ වෙළෙඳ කලාපය එම ස්‌ථානවලින් එකකි. අධික ලෙස මිරිදිය ඉවතට පොම්ප කිරීම නිසා දැන් දැන් පානීය ජලයේ ලවණතාව ඉහළ යමින් තිබෙනු දැකිය හැකි ය. ලවණ ජලය බීමෙන් ශරීරයට දැඩි හානියක්‌ සිදු නො වේ. එහෙත් එය බීමට අපහසු ය. විශේෂයෙන් ම අධික රුධිර පීඩනයෙන් යුතු පුද්ගලයන්ට නුසුදුසු ය.

ඊට අමතරව වෙරළබඩ ප්‍රදේශවල සිදු කෙරෙන වගා කටයුතු හේතුවෙන් ද රටට වටිනා ජල සංචායකයන් දූෂ්‍ය වේ. අධික පාරගම්‍යතාවෙන් යුතු පස නිසා පොහොර රඳවා ගැනීම අතින් ඉතා දුර්වල මේ පාංශූ ස්‌ථර මත ගොවි ජනතාව විසින් නිරන්තරයෙන් ම සුදුසු මාත්‍රාව මෙන් කිහිප ගුණයකින් පොහොර එක්‌ කෙරේ. මේ පොහොර ජලයේ දිය වී ජලය දූෂ්‍ය කරවයි. එම ජලය පානයෙන් කුඩා දරුවන් මෙන්ම අලුතින් බිහි වන දරුවන් ද රෝගී විය හැකි ය. ජලයේ නයිටේ්‍රට සාන්ද්‍රණය වැඩි වීමෙන් ඇති වන රෝග තත්ත්වයන් මෙහි දී ප්‍රධාන වේ. මෙලෙස වෙරළබඩ භූගත ජල සංචායක අධික පෝෂණ ද්‍රව්‍ය මාර්ගයෙන් දූෂණය වී ඇති කලාප ශ්‍රී ලංකාවේ බහුලව හමු වේ. බටහිර වෙරළේ කල්පිටිය ප්‍රදේශය හා නැඟෙනහිර වෙරළේ ඔලුවිල් හා නිලාවැලි ප්‍රදේශය මෙයට නිදසුන් ය. අධික ලෙසින් ජලය පොම්ප කරමින් වගාවට සැපයීම නිසා මේ ප්‍රදේශවල පවතින වගා ළිං අධික ලවණතාවකින් යුතු වේ. මේ ප්‍රදේශයන්හි සිදු කළ විද්‍යාත්මක පර්යේෂණයන් ගෙන් මේ බැව් සනාථ වී ඇත.

මෙලෙසින් අධික ජනගහනයකින් යුතු වෙරළබඩ ප්‍රදේශවල ජල සංචායක තවත් ආකාරයක දූෂණ අවදානමකින් පෙළෙයි. ජනගහනය අධික වූ විට සැම නිවසකට ම වැසිකිළියක්‌ හා වෙන ම ළිඳක්‌ ඇති කල ළිං හා වැසිකිළි අතර දුර ඉතා අඩු ය. තම ඉඩමේ ළිඳ හා වැසිකිළිය අතර පවතින දුර අඩි 50 වුව ද, තම ළිඳේ සිට අනෙක්‌ අසල්වැසි වැසිකිළිය වෙත ඇති දුර අඩු විය හැකි ය. එවන් අවස්‌ථා නැඟෙනහිර වෙරළ තීරයේ කල්ලඩි, කාන්තන්කුඩි හා කල්මුණේ ප්‍රදේශයන්හි නිරන්තරයෙන් දැකිය හැකි ය.

මෙවන් ජල සංචායක ලෝකයේ ජල භූ විද්‍යඥයන් ගේ අවධානයට පාත්‍ර වී ඇත්තේ එහෙයිනි. බොහොමයක්‌ දියුණු රටවල වෙන් ව දියුණු වෙමින් පවත්නා රටවල් පවා දැන් මේ සංචායකයන්හි වාහ කළමනාකරණයේ ඇති අවශ්‍යතාව වටහාගෙන ඇත. එවන් රටවල් ජල සංචායකවල පරිගණක නිරූපණයක්‌ (Computer modeling) ම`ගින් මෙවන් සංවායකයන්හි තිරසාර බව අධ්‍යයනය කරයි. එමඟින් යම් වෙරළබඩ ජල සංචායකයක්‌ තිරසාර ව පවත්වාගෙන යැම පිණිස ලැබිය යුතු අවම වර්ෂාපතනය, එම වර්ෂාපතනය නොමැති අවස්‌ථාවක සිදු කළ හැකි වැඩි ම පොම්ප කිරීම ආදිය පිළිබඳව අපට අවබෝධයක්‌ ලැබේ. කරදිය අක්‍රාන්තිය මඟින් ජල සංචායකය දූණෂය වීම අවම කිරීමට ළිං කැණීම සිදු කිරීමට අවශ්‍ය දුර ප්‍රමාණයන් හා එම ළිංවල තිබිය යුතු උපරිම ගැඹුර ආදිය පිළිබඳව පරිගණකය අපට තොරතුරු ලබා දෙයි. එසේ ම යම් දූෂකයක්‌ මේ සංචායකයන්ට ඇතුළු වුව හොත් එමඟින් ජල සංචායකය කෙතරම් දුරට දූෂණය වන්නේ ද, එම දූෂණ තත්ත්වය පහ ව යැමට ගත වන කාලය කෙතරම් ද පවා ගණනය කිරීමට මේ පරිගණක නිරූපණයන් උපකාරී වේ. මේ සඳහා අවශ්‍ය දත්ත පරිගණක ජල භූ විද්‍යා ආකෘතියට ලබා දීම මෙහි දී ඉතා වැදගත් වේ. එහි දී ජල සංචායකයේ භූ විද්‍යාත්මක ගුණාංග කෙරෙහි අවබෝධය ඉතා වැදගත් ය. දැන් ලෝකයේ බොහොමයක්‌ රට රටවල මෙවන් පරිගණක නිරූපණයන් ගෙන් ලැබෙන පිළිතුරු ආධාරයෙන් වෙරළාසන්න ජල සංවායක කළමනාකරණයට ලක්‌ කර ඇත. ජල සංචායකයේ භූ විද්‍යාත්මක ස්‌වභාවය අනුමාන කිරීම 100%ක්‌ නිවැරැදිව නො දන්නා බැවින් ලැබෙන පිළිතුරු යම් අවිනිශ්චිතභාවයක්‌ දැරුව ද, එය අපට කර ගැනීමේ නොයෙකුත් ක්‍රමවේදයන් විද්‍යඥයන් විසින් හඳුන්වා දී ඇත. පරාමිතීන් නිමාණනය (Parameter estimation) නොහොත් පරාමිතීන් තක්‌සේරු කිරීම එක්‌ ක්‍රමයකි. ඒ සඳහා ද නොයෙකුත් පරිගණක ආකෘති වැඩසටහන් පවතී. මෙවැනි වැඩසටහන්වල උපකාරයෙන් භූගත ජලය ගලා යැම හා ද්‍රව්‍යයන් ගේ පැතිරීම (ground water flow & solute transport) හොඳින් අධ්‍යයනය කළ හැකි පරිගණක ආකෘති බොහොමයක්‌ නොමිලයේ ලබා ගැනීමට හැකියාව ඇත. මේවා භාවිත කිරීමෙන් නොයෙකුත් පරාමිතීන් වෙනස්‌ කරමින් අපට අවශ්‍ය දත්ත යොදා එම ජල සංවායකය හැසිරෙන්නේ කෙසේ ද, එහි තිරසාර බව රැඳෙන්නේ කුමන පරාමිතීන් මත ද යන්න පැහැදිලිව තීරණය කළ හැකි ය. ක්‌ෂේත්‍ර චාරිකාවන් ගෙන් හා ක්‌ෂේත්‍ර අධ්‍යයනයන් ගෙන් මේ සඳහා දත්ත ලබා ගැනේ. භූගත ජල මට්‌ටම, වර්ෂාපතනය, වාෂ්පීකරණය, භූ ස්‌ථරීභවනය, පසෙහි පාරගම්‍යතාව හෝ ජලය ගලා යැමේ වේගය ආදී දත්ත මේ සඳහා ප්‍රධාන වශයෙන් වැදගත් වේ. මෙමඟින් පරිගණක ආකෘතියේ මායිම් තීරණය කිරීම සිදු වේ. මේ දත්ත පරිගණක ආකෘති වැඩසටහනට කවා එම ස්‌වාභාවික පරිසරය පරිගණක තිරයේ නිරූපණය කරවයි. පාරගම්‍යතාව, ජිද්‍ර අවකාශ ප්‍රමාණය හා විසරණය, සෛලයන් ගේ හැසිරීම පාලනය කරන දත්ත වේ. මේ සෛල තුළ පරිගණකය මගින් සිදු කෙරෙන ගණනයන් මාර්ගයෙන් ජලය ගලා යැම හෝ දූෂක පැතිරීම ආදිය පිළිබඳව තොරතුරු ලබා ගත හැකි ය. එවිට සෛල සියල්ල එක්‌ වූ කල ස්‌වාභාවික ජල සංචායකයේ ජලය ගලා යන ආකාරයත් දූෂක සංචරණය වන ආකාරයත් පිළිබඳව අවබෝධයක්‌ ලබාගත හැකි ය. මෙය පරිගණක තිරයේ දර්ශනය කෙරේ.

එමඟින් මේ ජල සංවායක කළමනාකරණයට අවශ්‍ය සැලසුම් හා තීරණ ගැනීමේ පහසුවත් ස්‌වාභාවික පරිසරය තේරුම් ගැනීමේ හැකියාවත් ලැබේ.

භූ භෞතික විද්‍යාව ද, (Geophysics) මෙහි දී වැදගත් කාර්යභාරයක්‌ ඉටු කරයි. භූ භෞතික විද්‍යාවේ පවතින විවිධ ක්‍රමවේදයන් මඟින් භූගත ස්‌ථරීභවනය, පාෂාණ හෝ අවසාදිතයින්හි ස්‌වාභාවය, පැලුම් හා කුස්‌තුර ආදිය පිළිබඳව පරිගණක චිත්‍ර ලබා ගත හැකි ය. එම දත්ත මඟින් භෞතික පරාමීතින් තක්‌සේරු කිරීම වඩාත් පහසු වේ. එයට හොඳ ම උදාහරණයකි, සුනාමියෙන් සිදු වූ විනාශය. සුනාමිය ම`ගින් මේ ජල සංචායක වෙත එක්‌ කළ ලවණ ජලය හේතුවෙන් ජල සංවායක දූෂණය වූ ආකාරය පිළිබඳව පරිගණක නිරූපණයන් සිදු කිරීමට අපට හැකි විය. එමඟින් දිස්‌ වූ ආකාරයට සුනාමියෙන් එක්‌ වූ ලවණ ජලය මැටි පසක්‌ සහිත සංචායකයක්‌ තුළ අවුරුදු ගණනාවකට පානීය ජලය ලබාගත නො හැකි තත්ත්වයක්‌ උදා කරයි. සුනාමියක දී සිදු වන්නේ ඝනත්වයෙන් වැඩි මුහුදු ජලය ඝනත්වයෙන් අඩු මිරිදිය ජලය සංචායක ඇති ප්‍රදේශයක්‌ මත පතිත වීමයි. මුහුදු ජලය යට කී ආකාරයෙන් ඝනත්වයෙන් වැඩි නිසා ගැඹුරු ස්‌ථර කරා ගමන් කිරීම ඉබේ ම සිදු වේ. ඒ මත වර්ෂාව මඟින් මිරිදිය පතිත වීම මෙලෙස සුනාමියක්‌ මඟින් පතිත වූ ජලය තව තවත් වේගයෙන් ජල සංචායකයේ පහළට තල්ලු කරවයි. සුනාමියක්‌ ඇති වීමෙන් පසු වැලි ජල සංචායකයක පවත්නා ළිං මාස කිහිපයක්‌ යන තුරු පොම්ප කිරීමට භාජන නො කර තිබීමෙන් මුහුදු ජලය ඉබේ පහළට තල්ලු වී යැමට ඉඩ හළ හැකි ය. ළිං පිරිසිදු කිරීම කළ යුත්තේ ඊට පසු ව ය. එසේ නොමැති ව සුනාමියට වහා ම පසුව ළිං ඉස ඒවා පිරිසිදු කිරීමට යැමෙන් සිදු වනුයේ මුහුදු ජලය මිරිදිය සම`ග මිශ්‍ර වීමයි. එමෙන් ම මුහුදු ජලය වැනි ඝනත්වයෙන් වැඩි දූෂකයක්‌ එක්‌ වූ විටෙක ජලය පොම්ප කර ළිං ඉසීමෙන් තත්ත්වය සමනයකට පත් නො වන බවත් ඉන් සිදු වන්නේ දූෂණ තත්ත්වය තවත් දරුණු වීම බවත් මේ පරිගණක මෙහෙයුම මඟින් පෙන්වා දී ඇත. එබැවින් යළිත් එවන් අවස්‌ථාවක්‌ මතු වුව හොත් ගත යුතු පියවරයන් අපට මේ පරිගණක නිරූපණ මඟින් පැහැදිලිව අවබෝධ කරගත හැකි ය. අනාගත ජල ප්‍රශ්නයෙන් මිදීමට හා පවත්නා වටිනා ජල සංචායක ආරක්‌ෂා කර ගැනීම සඳහා මෙවන් වූ නවීන විද්‍යාත්මක පර්යේෂණ කරා යැම අතිශය වැදගත් වේ. පර්යේෂණ මඟින් ලැබෙන ප්‍රතිඵලයන්හි විද්‍යාත්මක සත්‍යතාව මෙන්ම අවිනිශ්චිතභාවය සැලකිල්ලට ලක්‌ කර එම නිරීක්‌ෂණ හා නිගමන මත පදනම් ව අනාගතය සඳහා තීරණ ගැනීමට කාලය දැන් එළඹ ඇත.මට්‌ටම, වර්ෂාපතනය, වාෂ්පීකරණය, භූ ස්‌ථරීභවනය, පසෙහි පාරගම්‍යතාව හෝ ජලය ගලා යැමේ වේගය ආදී දත්ත මේ සඳහා ප්‍රධාන වශයෙන් වැදගත් වේ. මෙමඟින් පරිගණක ආකෘතියේ මායිම් තීරණය කිරීම සිදු වේ. මේ දත්ත පරිගණක ආකෘති වැඩසටහනට කවා එම ස්‌වාභාවික පරිසරය පරිගණක තිරයේ නිරූපණය කරවයි. පාරගම්‍යතාව, ජිද්‍ර අවකාශ ප්‍රමාණය හා විසරණය, සෛලයන් ගේ හැසිරීම පාලනය කරන දත්ත වේ. මේ සෛල තුළ පරිගණකය මගින් සිදු කෙරෙන ගණනයන් මාර්ගයෙන් ජලය ගලා යැම හෝ දූෂක පැතිරීම ආදිය පිළිබඳව තොරතුරු ලබා ගත හැකි ය. එවිට සෛල සියල්ල එක්‌ වූ කල ස්‌වාභාවික ජල සංචායකයේ ජලය ගලා යන ආකාරයත් දූෂක සංචරණය වන ආකාරයත් පිළිබඳව අවබෝධයක්‌ ලබාගත හැකි ය. මෙය පරිගණක තිරයේ දර්ශනය කෙරේ.

එමඟින් මේ ජල සංවායක කළමනාකරණයට අවශ්‍ය සැලසුම් හා තීරණ ගැනීමේ පහසුවත් ස්‌වාභාවික පරිසරය තේරුම් ගැනීමේ හැකියාවත් ලැබේ.

භූ භෞතික විද්‍යාව ද, (Geophysics) මෙහි දී වැදගත් කාර්යභාරයක්‌ ඉටු කරයි. භූ භෞතික විද්‍යාවේ පවතින විවිධ ක්‍රමවේදයන් මඟින් භූගත ස්‌ථරීභවනය, පාෂාණ හෝ අවසාදිතයින්හි ස්‌වභාවය, පැලුම් හා කුස්‌තුර ආදිය පිළිබඳව පරිගණක චිත්‍ර ලබා ගත හැකි ය. එම දත්ත මඟින් භෞතික පරාමීතින් තක්‌සේරු කිරීම වඩාත් පහසු වේ. එයට හොඳ ම උදාහරණයකි, සුනාමියෙන් සිදු වූ විනාශය. සුනාමිය ම`ගින් මේ ජල සංචායක වෙත එක්‌ කළ ලවණ ජලය හේතුවෙන් ජල සංවායක දූෂණය වූ ආකාරය පිළිබඳව පරිගණක නිරූපණයන් සිදු කිරීමට අපට හැකි විය. එමඟින් දිස්‌ වූ ආකාරයට සුනාමියෙන් එක්‌ වූ ලවණ ජලය මැටි පසක්‌ සහිත සංචායකයක්‌ තුළ අවුරුදු ගණනාවකට පානීය ජලය ලබාගත නො හැකි තත්ත්වයක්‌ උදා කරයි. සුනාමියක දී සිදු වන්නේ ඝනත්වයෙන් වැඩි මුහුදු ජලය ඝනත්වයෙන් අඩු මිරිදිය ජලය සංචායක ඇති ප්‍රදේශයක්‌ මත පතිත වීමයි. මුහුදු ජලය යට කී ආකාරයෙන් ඝනත්වයෙන් වැඩි නිසා ගැඹුරු ස්‌ථර කරා ගමන් කිරීම ඉබේ ම සිදු වේ. ඒ මත වර්ෂාව මඟින් මිරිදිය පතිත වීම මෙලෙස සුනාමියක්‌ මඟින් පතිත වූ ජලය තව තවත් වේගයෙන් ජල සංචායකයේ පහළට තල්ලු කරවයි. සුනාමියක්‌ ඇති වීමෙන් පසු වැලි ජල සංචායකයක පවත්නා ළිං මාස කිහිපයක්‌ යන තුරු පොම්ප කිරීමට භාජන නො කර තිබීමෙන් මුහුදු ජලය ඉබේ පහළට තල්ලු වී යැමට ඉඩ හළ හැකි ය. ළිං පිරිසිදු කිරීම කළ යුත්තේ ඊට පසු ව ය. එසේ නොමැති ව සුනාමියට වහා ම පසුව ළිං ඉස ඒවා පිරිසිදු කිරීමට යැමෙන් සිදු වනුයේ මුහුදු ජලය මිරිදිය සම`ග මිශ්‍ර වීමයි. එමෙන් ම මුහුදු ජලය වැනි ඝනත්වයෙන් වැඩි දූෂකයක්‌ එක්‌ වූ විටෙක ජලය පොම්ප කර ළිං ඉසීමෙන් තත්ත්වය සමනයකට පත් නො වන බවත් ඉන් සිදු වන්නේ දූෂණ තත්ත්වය තවත් දරුණු වීම බවත් මේ පරිගණක මෙහෙයුම මඟින් පෙන්වා දී ඇත. එබැවින් යළිත් එවන් අවස්‌ථාවක්‌ මතු වුව හොත් ගත යුතු පියවරයන් අපට මේ පරිගණක නිරූපණ මඟින් පැහැදිලිව අවබෝධ කරගත හැකි ය. අනාගත ජල ප්‍රශ්නයෙන් මිදීමට හා පවත්නා වටිනා ජල සංචායක ආරක්‌ෂා කර ගැනීම සඳහා මෙවන් වූ නවීන විද්‍යාත්මක පර්යේෂණ කරා යැම අතිශය වැදගත් වේ. පර්යේෂණ මඟින් ලැබෙන ප්‍රතිඵලයන්හි විද්‍යාත්මක සත්‍යතාව මෙන්ම අවිනිශ්චිතභාවය සැලකිල්ලට ලක්‌ කර එම නිරීක්‌ෂණ හා නිගමන මත පදනම් ව අනාගතය සඳහා තීරණ ගැනීමට කාලය දැන් එළඹ ඇත.

ආචාර්ය මෙත්තිකා විතානගේ
මූලික අධ්‍යයන ආයතනය
මහනුවර