|
ඊඩිස් ද? අපි ද?
කිසිදු
විවාදයකින් තොර ව වත්මන් ශ්‍රී ලංකාවේ වැඩි ම මහජන අවධානයක් දිනාගත් සෞඛ්‍ය
ප්රශ්නය ලෙස ඩෙංගිs හඳුන්වා දිය හැකි ය. ඒ පිළිබඳ උනන්දුව රටපුරා උපරිමව ඇවිලී
තිබුණ ද ඩෙංගි මාරයාට ගොදුරු ව අකාලයේ මිලින වන මිනිස් ජීවිත පිළිබඳව දිනෙන් හද
කකියවන පුවත් රටේ සිව් කොනින් අසන්නට ලැබේ. කෙතෙක් කළත් මෙපමණකැයි කියා අත පිස දා
ගත නොහැකි මේ බරපතළ අභියෝගයට මුහුණ දීමේ වගකීම අප සියලු දෙනා කරපිට පැටවී ඇත.
රජය, පෞද්ගලික අංශය හා සිවිල් සමාජය රොක් වී දියත් කරන විවිධ ක්‍රියාන්විතයන් නිසා
ඩෙංගි මාරයාට අප සාර්ථකව මුහුණ දෙමින් සිටින බව ඇතැම් පාර්ශ්ව පවසයි. එහෙත් රෝගීන්
හා මරණ ඉලක්කම් පෙන්වන තවත් පාර්ශ්ව තර්ක කරන්නේ මර්දන කටයුතුවල හිඩැස් ඇති බව ය.
ඩෙංගි තර්ජනයට එරෙහි ව සියලු පාර්ශ්ව තුමන හෝ දායකත්වයක් එක් කරන බව නම් අපට
අවිවාදිතව පිළිගැනීමට සිදු වේ. එසේ නම් තවමත් ඩෙංගි "නොකවුට්" කිරීමට අප අපොහොසත්
වී ඇත්තේ ඇයි?
ඩෙංගි අප රට තුළ හිස එසවූ ආකාරය
මේ වන විට ලොව රටවල් 100ක් පමණ ඩෙංගු ආක්‍රමණයට ගොදුරු ව ඇත. වසරකට ලොව පුරා ඩෙංගි
රෝගීන් මිලියන 50ක් පමණ වාර්තා වන බව ද මරණ 22000ක් පමණ සිදු වන බව ද ලෝක සෞඛ්‍ය
සංවිධානයේ නිගමනයයි. මේ අගයන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව අප වටහා ගත යුතු ය.
|