logo6.gif (686 bytes)

arrow7.gif (1098 bytes)


කොහේ දෝ අද, මනු සතුන්

නුබ ගැබෙහි ඉගිලෙමින්,

මිහිරි ගී පතුරමින්

ලොවේ පාලුව මකා ලූ

කොහේ දෝ ඒ සියොත් කැල දැන්....?

විදා ලූ තටු නෙක වණින්

පුදන්නට සිරි පා මලින්

පියාඹා ගිය බැති සිතින්

කොහිද අද ඒ සමනළුන්..........?

වෙළීලා මනු දම් ගුණෙන්

බැඳීලා ලොව සමගියෙන්

ඔද වැඩී ගිය සෙනෙහසින්

කොයිබ දෝ ඒ මනු සතුන්...........?

පරිසරෙන් ලද ජීවයෙන්

එහි ම කොටසක්‌ වූ නිතින්

එයට එරෙහි ව සිතනවුන්

තවත් වේ වි ද මනු සතුන්.........?

මිල මුදල් පසු පස යමින්

සාර දම් හැම වනසමින්

මිනිස්‌ ගුණ අමතක කරන්

නො වේ දෝ උන් තිරිසනුන්........?


හෂාන් චින්තක ෙÁdන්ටේන්,
2013 උසස්‌ පෙළ (ජීව විද්‍යා),
බණ්‌ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය.