logo6.gif (686 bytes)

arrow7.gif (1098 bytes)


මරණයෙන් සියල්ල අවසන් ද?

උක්‌ත හිසින් යුතු ව 27- 06- 27 දින විදුසරෙහි පළ වූ මහාචාර්ය රොබට්‌ ලන්සා ගේ Biocentrism කල්පිතයෙහි අන්තර්ගතය සෑහෙන කලක්‌ විදුසර පුවත්පත මඟින් මහාචාර්ය නලින් ද සිල්වා මහතා, පෙරදිග බෞද්ධ දර්ශනය ඇසුරෙන් සාකච්ඡා කළ කරුණු ම බව පෙනේ.

මරණයෙන් සියල්ල අවසන් ද යන්නට පිළිතුරු, භෞතිකවාදී ගවේෂණයකින් අරඹන යමෙකුට දීර්ඝ කාලීන පර්යේෂණ කිරීමෙන් වටහා ගත හැකි වන බව දැනුණත්, භෞතිකවාදය විසින් ප්‍රතික්‌ෂේප කරනු ලබන විඥනවාදය විශේෂයෙන් පෙරදිග දර්ශනය (බෞද්ධ/හින්දු) බහු විශ්ව දර්ශනය යනාදී කරුණු මීට වසර දහස්‌ ගණනකට පෙර ඉදිරිපත් කළේ යම් ඥාන ගවේෂණයක ප්‍රතිඵල ලෙස ය.

මෙය ප්‍රතික්‌ෂේප කිරීම හුදු බටහිරින් එන සියල්ල පමණක්‌ බාර ගන්නා අනුකාරකයන්ට පමණක්‌ ආවේණික ලකුණින් බව පැහැදිලි ය.

වෛද්‍ය ඩී. ඩී ගුණවර්ධන, හෝමාගම.