logo6.gif (686 bytes)

arrow7.gif (1098 bytes)


මෙරට ගණිත පර්යේෂණ වර්ධනය කිරීමට පියවර ගනිමු

ගණිතය (Mathematics) යන්න ලොව ඉතා දිගු ඉතිහාසයකට ඥතිත්වයක්‌ දක්‌වන විෂයකි. මෙය අපට විශ්ව භාෂාවක්‌ වශයෙන් ද අර්ථ විග්‍රහ කිරීමට පු`ඵවන. එමෙන් ම ගණිතය නම් වූ විෂය අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ පරීක්‌ෂණයේ දී අනිවාර්ය විෂයක්‌ ලෙස සමත් විය යුතු ය.

ගණිත විෂය නො දන්නා පුද්ගලයන් අනුවණයන් ලෙස කොන් කිරීමට ද ඇතැමෙක්‌ ප්‍රයත්න දරති. කෙසේ හෝ වේ වා ගණිතය යන්න සංස්‌කෘතිය (Culture) හා සම්බන්ධතාවක්‌ දක්‌වන මෙවලමකි. බටහිර ගණිතය (Western Mathematics) කෙසේ වුව ද, පෙරදිග රටවල ගණිතය ඉතා දුර ගිය ගැඹුරු ඥන පද්ධතියක්‌ වැන්න. බටහිර ගණිතය තුළ ලක්‌ෂ්‍යය යන්න නිර්වචනය (Definition) කර නොමැත. බිංදුව (0) යන්න සොයා ගත්තේ ද, භාරතීය ගණිතඥයකු වන බ්‍රහ්මගුප්ත ය.

කෘෂිකර්මය (Agricultur) හා බන්ධුතාවක්‌ ද ඇති ගණිතය පිළිබඳව පොදු ජනතාව ගේ අවධානය යොමු නො වීම අභාග්‍යයකි. එපමණක්‌ නො ව මෙහි ලා අප ගේ අවධානය යොමු කළ යුතු තවත් දෙයක්‌ ඇත. එනම් ගණිතය පිළිබඳ සමර්ථ්‍යයක්‌ හෝ නොමැති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් පුද්ගලයන් ද ගණිතය ආශ්‍රිතව සිදු කරන පර්යේෂණ පැවතීම ය. ඔවුන් ගේ පර්යේෂණ ලෝ පතළ ගණිත ගැටලුවලට පවා විසඳුම් ලබා දෙන්නට ඉවහල් වූ අවස්‌ථා ඇත. එහෙත් ඔවුනට පෙරට ඒමේ ගැටලු ඇත. අපහසුතා ඇත.

එලෙස ම මෙරට බුද්ධිමතුන් පවා ස්‌වල්ප පිරිසක්‌ හැර ගණිතමය පර්යේෂණ විශ්ලේෂණ කෙරෙහි යොමු වන්නට මන්දගාමී වී ඇත. තව ද හුදෙක්‌ මූල්‍යමය වශයෙන් වටිනාකම් කෙරෙහි යොමු වී සිටින්නට තරම් ඔවුන් කොදෙව් මානසික තලයක සිටින බව පෙනේ.

ඒ හෙයින් මේ ස්‌වාභාවය දුරු කරන්නට කාලය එළැඹ ඇත. එය හෙට නො ව, අද කළ යුත්තකි. මෙලෙස ගණිතමය පර්යේෂණවල හෙට දවස බුද්ධියේ නිම් වළලු පු`ඵල් කිරීමට ඉවහල් වීම ස`දහා පියවර ගනිමු.

මලින්ත බෝපෙආරච්චි, දළුගම, කැලණිය.