logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
මහවැලි ජලාශවල ජල මට්‌ටම පිළිබඳ
තොරතුරු කෙටි පණිවිඩ මඟින් දැනුම් දෙන්න


දැඩි නියං කාලයේ දී මහවැලි ජලාශ ආශ්‍රිත පහළ බසින ජල මට්‌ටම පිළිබඳ වත් වැසි කාලවල දී ඉහළ නඟින ජල මට්‌ටම පිළිබඳ වත් ප්‍රදේශයේ ගොවි ජනතාව ගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩ මඟින් දැනුම් දිය හැකි හැකි බැව් ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි. මෙහි දී ජලාශවල ජල මට්‌ටම 40% දක්‌වා අඩු වූ විටත් ජල මට්‌ටම 90% - 85% අතර ඉහළ මට්‌ටමකට පැමිණි විටත් කෙටි පණිවිඩ මඟින් ගොවි ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇත. ජලාශවල ජල මට්‌ටම ඉහළ ගිය අවස්‌ථාවල දී එම ජලාශ ආශ්‍රිතව ජීවත් වන ජනතාව ගේ ජීවිත සහ දේපළ සුරක්‍ෂිතතාව තහවුරු කිරීමට මේ කෙටි පණිවිඩ ප්‍රයෝජනවත් වනු ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.