|
'මෙසේ වූයේ නම් හොඳ යෑයි සිතේ' අසංග අබේසුන්දර 1980 දී පමණ එවකට තිබූ පැරැණි නිර්දේශය හා කෙටි කාලයකට හඳුන්වා දුන් අතුරු නිර්දේශය යටතේ ද සරසවි ප්රවේශයේ දී ගැටලුසහගත තත්ත්වයක් මතු වී අධිකරණයේ පිහිට පැතූ බව මෑත ඉතිහාසයේ සඳහන් ව ඇත. මෙවර උසස් පෙළ සරසවි ප්‍රවේශය, ' අගය හා බැඳි ගැටලුවක් හරහා අධිකරණ විනිශ්චයකට ලක් ව තිබේ. උසස් පෙළ විද්‍යා විෂය දහරාව යටතේ, ජීව විද්‍යාව විෂය ඇසුරෙන් මේ පිළිබඳව කෙරෙන සුහද කරුණු දැක්වීමකි මේ. පැරැණි හා නව නිර්දේශවල ඒකක සංඛ්‍යාව, ඒකක නාමකරණ වෙනස් වුව ද, සමස්ත විෂය ප්‍රමාණය බොහෝ දුරට සමාන වීම කැපී පෙනේ. නව නිර්දේශය ක්‍රියාත්මක වූයේ 2009 සිට ය. මීට වසර 3කට පෙර දී නිර්දේශ 2 අතර, සංසන්දනාත්මක සමබරතාවක් ගොඩන`ගා ගත්තේ නම් නිර්දේශ 2ක් යන්න යටපත් නො වුවත්, විභාග 2ක් යන්න යටපත් වනු ඇතැයි යන්න මා ගේ අදහසයි. එය එදා එසේ වූයේ නම් මෙදා මෙවැනි අර්බුදයක් නිර්මාණය නො වන්නට ඉඩ තිබිණි. පැරැණි හා නව නිර්දේශ 2හි ජීව විද්‍යාව ඇසුරෙන් විෂය කරුණු සමානතාව මෙසේ ගෙනහැර දැක්විය හැකි ය. විද්‍යා විෂය දහරාවේ භෞතික හා රසායන විද්‍යා විෂය සඳහා මෙවැන්නක් ඉදිරිපත් කළ හැකි ය. ![]()
නිර්දේශ දෙකෙහි විෂය කරුණු අතර ඇති දැවැන්ත සමානතාව ඉහත
සංසන්දනයෙන් පෙනී යනු ඇත. |
|
||||
|
|||||