logo3.gif (702 bytes)

HOME


Z නාටකය තව ඉවර නැත

පසුගිය වර උසස්‌ පෙළ විභාගයේ දී Z අගය සලකා බැලූ ක්‍රමය අසාධාරණ බව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. උසස්‌ පෙළ විභාග ප්‍රතිඵලය මුල සිට ම අවුල් ජාලයක්‌ බවට පත් ව තිබිණි. අදාළ ප්‍රතිඵල පැමිණියේ දීර්ඝ පමාවකින් පසුව ය. පමාවෙන් පසු ද පැමිණියේ අවුල්සහගත ප්‍රතිඵලයකි.

නව හා පැරැණි ලෙස විෂය නිර්දේශ දෙකක්‌ වශයෙන් පැවැති උසස්‌ පෙළ විභාගයට අයදුම්කරුවෝ දෙ ලක්‌ෂ හතළිස්‌ තුන් දහස්‌ අට සිය හැත්තෑ හය දෙනෙක්‌ පෙනී සිටිය හ. එයින් එක්‌ ලක්‌ෂ හතළිස්‌ හතර දහස්‌ තුන් සිය හතළිස්‌ එකක්‌ නව විෂය නිර්දේශය යටතේ ඉල්ලුම් කර තිබිණි. ගැටලුව මතු වූයේ මේ දෙපාර්ශ්වය ම සඳහා එක්‌ ඉසෙඩ් අගයක්‌ සැකසීම නිසා ය. මෙවර විභාගයේ දී සියලු විෂයයන් සමත් වූ සංඛ්‍යාව දළ වශයෙන් එක්‌ ලක්‌ෂ හතළිස්‌ දෙ දහසකි. සියලු විෂයයන් සමත් එම සංඛ්‍යාව ආසන්න වශයෙන් විභාගයට පෙනී සිටි මුළු අපේක්‌ෂකයන් ගෙන් සියයට හැටක්‌ පමණ වේ. නිර්දේශ දෙකකට අයත් මෙපමණ විශාල වූ සංඛ්‍යාවකට අදාළ දත්ත සම`ග කටයුතු කිරීමේ දී ගැටලු මතු වීම ස්‌වාභාවික බව මේ සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ හිටපු විභාග කොමසාරිස්‌ ජනරාල්වරයා ගේ අදහස විය. එම නිසා විභාග දෙපාර්තමේන්තුවට අවශ්‍ය වූයේ නිර්දේශ දෙකකට අදාළව වෙන් වෙන් පරාමිතීන්හි තිබූ ඉසෙඩ් ලකුණු එක්‌ තලයකට ගෙන ඒමට ය.

එහෙත් මේ නව ක්‍රමයෙන් යම් පිරිසකට අගතියක්‌ සිදු වුණු බවට මතයක්‌ ගොඩනැ`ගිණි. ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක ගේ මාපියන් හා ගුරු සංගම් නඩු මඟට බැස්‌සේ එහි ප්‍රතිඵලයක්‌ ලෙස ය.

දැන් සියල්ල විසඳී ඇත් ද? නැත. මුලින් ම වූ වරදෙහි අවුල තවදුරටත් ලිහා ගැනීමට ඉතිරි ව ඇත.

මනෝඡ් රත්නායක