|
වසර 37000ක අතීතයට විවර
වූ
ඓතිහාසික දොරටුව
කළුතර
දිස්ත්රික්කයේ බුලත්සිංහල, යටගම්පිටිය ගම්පියස, පිළියන්දල සිට හොරණ පාරේ කිලෝ
මීටර් 40ක් පමණ දුරින් සහ කෙළඹ සිට කිලෝමීටර් 60ක් වැනි දුරකින් පිහිටි සුන්දර
ගම්මානයකි. මේ සුන්දර ගම් පියස එදත් අදත් ගොවිතැන් බතින් දිවි ගෙවන පරිසර දූෂණය නො
කරන ගැමියන් ගේ ජනාවාසවලින් යුක්ත ය. මුහුදු මට්ටමේ සිට මීටර් 400ක් පමණ උසින්
පිහිටි පාහියන්ගල ගල් ලෙන පිහිටා ඇත්තේ මේ සොඳුරු ගම් පියසේ ය. ක්රි.පූ. 5 වැනි
සියවසේ ශ්රී ලංකාවට පැමිණි පාහියන් නම් චීන භික්ෂුව මේ ගල් ලෙනේ නවාතැන් ගත් බවට
ජනප්රවාදයේ ඇති බැවින් මේ ගල් ලෙන පාහියන්ගල යනුවෙන් හැඳින්වුවත් එවන් කරුණක්
සනාථ කිරීමට ප්රමාණවත් සාධකයක් මෙතෙක් හමු වී නැත. එහෙත් පැරැණි තොරතුරු අනුව
පාහියන්ගල, පාහිංගල යනුවෙන් නිවැරැදි විය යුතු බවත් බොහෝ විද්වතුන් ගේ මතයයි.
මුහුදු මට්ටමේ සිට මීටර් 400ක් පමණ උසින් පිහිටි මේ ගල් ලෙන උසින් අඩි 150කි. පළල
අඩි 175කි. ගැඹුර හෙවත් ගල්ලෙනේ විවරයේ සිට ඇතුළත බිත්තිය දක්වා ඇති දුර අඩි
300කි. මේ දත්ත අනුව පාහියන්ගල ගල් ලෙන ශ්රී ලංකාවේ මෙතෙක් හමු වී ඇති ගල් ලෙන්
අතරින් විශාලතම ගල් ලෙන වෙයි. මේ ගල් ලෙනේ ඇති අනෙක් විශේෂත්වය වන්නේ දකුණු
ආසියාවේ ප්රාග් මානවයා ගේ අවශේෂ මේ ගල් ලෙන තුළින් හමු වීමයි. එසේ ම රතු වර්ණ
ගැන්වූ ප්රාග් ඵෙතිහාසික මානව හිස්කබල් ම`ගින් ආදි මානවයා ගේ ඇදහිලි විශ්වාස
පිළිබඳ සාධක හමු වීම මෙහි ඇති අනෙක් විශේෂත්වයයි. ස්වාභාවික උම`ගක් මේ ගල් ලෙන
තුළින් වැටී ඇතැයි ද මතයක් පවතී.
|