|
දෙපා වාරු නැත ඔබ හැර යන්නට සුදෝ සුදු රැළි ගවුම නිල්වන් කර පටිය අභිමනක් වූවයි රැඳී නුඹ අස ගෙවූ සමනල් වියේ මතකය සුවඳ දේ මැයි විශාඛා මවු සිප හමන ම`දනලත් නිරතුරු සුවය කැන්දයි පෙමින් සිප් කිරි පෙවූ නුඹ ජීවන කතර කෙම්බිමක් වූවයි ලදිමි මාහැඟි ඔවා මිණි නිති උතුම් ගුරු මවු පියවරුන් ගෙන් ළකල ඉඳුසැව් මිතුරු කැළ සැරසී ය දිවි නුඹ බැඳී සෙනෙහෙන් කරළියේ කෙළි බිමේ සැමරුම් සුන්දරයි මිහිරි ම කවක් මෙන් බැතින් සිහි කර ලැබූ අබිසෙස් නුඹේ නාමය රකිමි පණ මෙන් පහන් ටැඹ නිති නුඹ ම විය ඉදිරියට යන්නට නො වැරැදී මඟ කෙලෙස අදහමි සොඳුරු සිතුවම් යළිදු මා හට උරුම නැති වග රිදෙයි හදවත දිලෙයි පිනි බිඳු කඳුළු කැට මා නෙතු කෙවෙනි අග මගේ විදුමවු වෙලා යළි සිප් සතර දෙනු මැන මේ සසර මඟ අමානදී ආරියරත්න 2012 A/L විශාඛා විද්‍යාලය |
||||
|
||||