|
මඟ නො බලන් ඉතින්................ වලා තිමිර පටින් සෙමෙන් මෝදු වෙමින් යළිත් එළිය ගෙන වඩීවී පුන්සිසි පෙර ලෙසින් පෙණ පිඩු නංවමින් සිහිලෙන් නහවමින් යළි නිසැකව ගලා යාවි ඇළ දොළ පෙර ලෙසින් සප්ත සයුර දෙසින් ඇදෙනා මදනලින් මෝසම් වැසි රැගෙන ඒවි පවනත පෙර ලෙසින් පුන්සිසි තරහකින් ම`දනළ තැවුලකින් නුඹ හැර දා ගිහින් නොමැත මඟ නො බලන් ඉතින් සී. එස්. කස්තුරිආරච්චි, 2012 A/L ලරත්නාවලි බාලිකා විද්‍යාලය, ගම්පහ. |
||||
|
||||